Tuesday, June 15, 2010

යාපනේදි අන්තරේට පහරදීලා - ඇත්තද???




ජීවිතේ තියෙන තරඟකාරිත්වය ගැන කාරුණික වුණු අපේ දානපතීන් දැන් අපිට පත්තර කියවලත් දෙනවා. වෙන කරන්න දෙයක් නැති හින්දා අපිත් ඉතිං ඒක අහගෙන ඉන්නවා. ඒත් ඉතිං ක්ෂණික දේවල විෂ සහිත දේ අන්තර්ගත විය හැකි බවට ආහාර වලින් ගොඩාක් උදාහරණ තියෙනවා. ඒ වගේ දෙයක් තමයි පත්තර කියවලා දෙන " මුල් පිටුව". බන්දුල පද්මකුමාර අපිට පත්තර කියවන ගමන් විෂසහිත දේවළුත් ඇතුල් කරන්න පසුබට වෙන්නේ නැහැ. ඇත්තටම එතුමට ලේක්හවුස් පට්ටම හම්බවෙන්න ‍හේතු තියෙන්නත් ඕනනේ.....

පද්කුමාර හෙවත් මල්කුමාරයා සාමාන්‍යයෙන් මුලින්ම කියවන්නේ අග්නිදිග ආසියාවේ වැඩිපුරම අලෙවිවන පුවත්පත "දිනමිණ". අපි හැමෝමත් බොහෝම ආසාවෙන් අහන්න කැමැති පුවත් තියෙන එකේ උදේ පාන්දරම මල්කුමාරයාගේ මෑණියන් වහන්සේ මතක්වෙනවා මිසක් ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ.

කොහොමහරි මම කියන්න ආවේ අද උදේ පළවුනු නිව්ස් එකක් ගැන මගේ අදහසක් දක්වන්නයි (මේ නිවුස් එක පත්තරේ තියෙනවා මම දැක්කේ නැහැ.. හැබැයි ඇහුවා)

"දේශපාලන කිරීමට යාපනය විශ්වවිද්‍යාලයට ගිය අන්තරේ (අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය) ට යාපනයේ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය ප්‍රමුඛ සිසුන් පහරදී පන්නා දමති. තම විශ්ව විද්‍යාලයට දේශපාලනය අනවශ්‍ය බවත්, විෂ පෙවීමට එන පිරිස් ඔවුන් විසින් පන්නා දමා ඇත" මෙම පුවත බොරුවක් බව ලංකාටෲත් ඔස්සේ උදුල ප්‍රකාශ කර ඇත.

එක්පසෙකින් මෙය පට්ටපල් බොරුවකි. දකුණේ විශ්වවිද්‍යාල වල පිරිස් දේශපාලනයැයි කියා තමන්ගේ අනෙක් ෆැකල්ටියේ එවුන් සමස්ත ලෝකයේම හතුරා බව සිතමින් ක්‍රියාකරන විට යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් වඩා පුළුල් දේශපාලන පිලිවෙතක් වෙනුවෙන් පෙනීසිටියෝය. ඔවුන් විසින් ඒ වෙනුවෙන් පොලොව මත කැපකිරීම කළහ. එහෙව් එකේ යාපනය විශ්වවිද්‍යාලයට අන්තරේ දේශපාලනය ඉගැන්විය යුතු නැත.

අනෙක්පසින් අන්තරේ ප්‍රහාර එල්ලකිරීමට යාපනයේ විශ්වවිද්‍යාල සිසුන්ට පැහැදිලි අයිතියක් ඇත. වර්ගඝාතක යුද්ධයකට උඩගෙඩි දෙමින් රට අන්තවාදයකට ගෙනයාමට ජවිපෙ සමඟ ඔවුන්ද පෙනී සිටියහ. ඔවුන් අන්තරේට පහරදිය යුත්තේ ඒ හේතුව නිසා මිසෙක "දේශපාලනය " නිසා‍ නොවේ.

ලංකා‍ව හූරාකන ආණ්ඩුවේ බත්බැලයින් ලංකාවේ ජනතාව දේශපාලනය කරනවාට කිසිම කැමැත්තක් නැත. මන්ද එවිට ඔවුන් පාලකයින්ගෙන් ප්‍රශ්ණ ඇසීමට පෙළඹෙන නිසාය. මේ නිසා දිවයින කතෘතුමගේ සිට ලක්බිම පත්තර ලොක්කා දක්වා ශිෂ්‍යයින් දේශපාලනයෙන් ඈත්කරවීමට බළල් අතක් ලෙස පාවිච්චි වෙති. කුමන දුර්වලතා, නොහැකියාවන්, පසුගාමී තත්ත්වයන් තිබුනත් තවදුරටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ දේශපාලන අනන්‍යතාව පවත්වා ගැනීම ගැන අප අන්තරයට ස්තූතිවන්ත විය යුතුය.

වර්ගවාදයට උඩගෙඩි දුන්නද මේ වන විට අන්තරේ විසින් තමන්ගේ දේශපාලන ක්‍රියාමාර්ග වෙතට ‍දමිළ ශිෂ්‍යයාද එක්කරගැනීමේ උත්සාහය පැසසිය යුතුය. සමාජවාදී ශිෂ්‍ය සංගමය මෙන්ම අන්තරේ ඒ වෙනුවෙන් වූ තමන්ගේ නැමියාව මේ වන විට ප්‍රමාණවත් තරමින් පෙන්වාදී ඇත.

එක්පසෙකින් ශුද්ධ වූ දේශපාලනයක් අදහන්නන් ජවිපෙ අතීත ක්‍රියාකාරකම් දෙස බලා ඔවුන්ගේ සාධනීය එලැඹුම් නොසළකමින් සිටින විට අනෙක්පසින් සමස්ත සමාජයේ පොදු හතුරා අප සමාජයේ සියළු දේශපාලනික එළැඹුම් විනාශකිරීමට උත්සාහ දරමින් සිටී. අපට වඩාත් සමීප එහෙත් යම් වැරදි ඇති පිරිස් හා එක්ව කටයුතු කරමින් අප සැමගේ පොදු සතුරා වෙත සාමූහිකව පහරදීමට අප විවෘතවන්නේ නම් එය වඩාත් කාලෝචිතය.

10 comments:

  1. ඔබ මෙතන කර ඇත්තේ තමන්ගේම වල්ගය පාග ගැනීමක් නොවෙයිද?

    දිනමිණ යනු දැඩි ආණ්ඩු පක්ෂ පුවත් පතක් බව අපි සැවොම දනිමු.. එසේම ලංකා ට්රුත් යනු දැඩි ජ.වි.පෙ. පක්ෂ වෙබ් අඩවියක් බවද අපි දනිමු..

    ඔබ දිනමිණ ට පහර ගැසීම මම අනුමත කරමි.. මක් නිසාද යත් එය ස්වාදීන පුවත් පතක් නොවන බැවිනි.. නමුත් එසේ කරන ඔබේ..පසුව ජ.වි.පෙ. ට පක්ෂ ලංකා ට්රුත් වෙබ් අඩවියේ පුවතත් උපුටා දක්වමින් එය සත්‍යක්‌ යයි අපිට පවසයි..

    එම නිසා පුවතක සත්‍ය අසත්‍ය තාවය කියවන්නාට ලබා දීමේදී පක්ෂ ග්‍රාහී නොවන පුවත් පතකින් හෝ වෙබ් අඩවියකින් එය ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..

    මෙම පහරදීමේ පුවත සත්‍ය බව මම දනිමි.. එයට හේතුව යාපනය විශ්ව විද්‍යාලයේ සිටින මගේ මිතුරෙක් මේ සිද්දිය පුවත් පත් වල ප්‍රකාශ වීමටත් කලින් මට දැනුම් දුන් බැවිනි..

    ReplyDelete
  2. රෙහාන්....
    මට එකී පුවත අමූලික අසත්‍යයක් බව ඔප්පු කිරීමට අවශ්‍ය වුනේ නැහැ.මමත් හේතු දක්වලා තියෙනවා ඇයි අන්තරේට පහර දෙන්න ඕන කියලා..
    මම උපුටා දක්වලා තියෙන්නේ ජවිපෙන් දැක්වූ ප්‍රතිචාරයක් විතරයි. මට අවධාරණය කරන්න ඕන උනේ අන්තරේට ගහලා තියෙන්නේ දේශපාලනයට තියෙන අකමැත්ත නිසා නොවන බව පෙන්විමටයි. රජයේ ජනමාධ්‍ය(පුද්ගලික පක්ෂග්‍රාහී ජනමාධ්‍ය පවා) මේවගේ සිද්ධි තමන්ට රිසි පරිදි අර්ථ දක්වනවා. ඒ ගැන කතිකාවක් ඇති කිරීමටයි මගේ අදහස වුනේ. කොහොම වුනත් මගේ සටහන තුලින් එවැනි දෙයක් ගම්‍ය වෙනවනම් ඒක මගේ ලිවීමේ දුර්වලතාවක්....පෙන්නලා දුන්නට ස්තූතියි

    ReplyDelete
  3. වර්ගඝාතක යුද්ධයකට උඩගෙඩි දෙමින් රට අන්තවාදයකට ගෙනයාමට ජවිපෙ සමඟ ඔවුන්ද පෙනී සිටියහ. ඔවුන් අන්තරේට පහරදිය යුත්තේ ඒ හේතුව නිසා මිසෙක "දේශපාලනය " නිසා‍ නොවේ.

    ponna katha kiyanna epa , dollar walata

    ReplyDelete
  4. @ ගෝරා: මගේ තේරුම් ගැනීමේ දුර්වලතාවයක් නිසාද දන්නේ නෑ.. නමුත් උපුටා ගැනීම් ස්වාදීන මාධ්‍යකින් පමණක් සිදුකරනවානම් හොදයි යන්නයි මගේ පෞද්ගලික අදහස.. (බ්ලොග් එක ඔබේ.. ඔබට ඕන දෙයක් කිරීමේ අයිතියට අකුල් හෙලනවා නෙවෙයි..මගේ මතය)

    "කොහොම වුනත් මගේ සටහන තුලින් එවැනි දෙයක් ගම්‍ය වෙනවනම් ඒක මගේ ලිවීමේ දුර්වලතාවක්....පෙන්නලා දුන්නට ස්තූතියි "

    ඔබ තුමාගේ නිරහංකාර කමට මගේ ප්‍රණාමය..

    ReplyDelete
  5. අනේ අන්තරේ දන්න අම්මගෙ දේසපාලනේ..
    උන් දන්නේ තමන්ගෙ මතයට එකඟ නැති අනිත් ශිෂ්‍යයන්ගෙ ඔලු පලන්න විතරයි. නියම දේශපාලනයක් නං විරුද්ධ අදහසුත් තියෙන්න ඕනේ. කෝ අන්තරේ ඉඩ දෙනවද විරුද්ධ අදහස් වලට?

    ReplyDelete
  6. Antharaya yanu Samasthayama UNP UPF ho JVP Nowana bawa Nodanna Ayata Eya JVP lesa penei.
    Eheth antharaya thula me siyalloma Gathan Saha Kadeyannan nowana Sitithi.

    Eya Kaurun ho JVP lesa dakine ehi mathawada saha hasirima Samanthara Gathawana ekama Deshapalana Pakshya JVP Nisai.

    Antharaya Thula Samajawadi Shya Sangamayada (JVP Sisu sangamaya) Sitina Bawa Danwa thabanne Mattan Kopa wana bawiti.

    ReplyDelete
  7. අපි නං කිව්වේ අවිශිබම හෝ IUSF කියලායි.

    අන්තරේ කියන්නේ ග්‍රාම්‍ය යෙදුමක් කියලයි මට හිතෙන්නේ. ඇක්ෂන් එක කියනවා වගේ. අපි කිව්වේ, ඒ.සී. එක කියලායි.

    රසික

    ReplyDelete
  8. අන්තරෙන් විශ්වවිද්‍යාල වලය අහිමි කළ දේ හිමි කළ දේට වඩා බොහෝ වැඩියි. අන්තරේ පොරවල් ගුටි කෑවා කිව්වම කාළකණ්නි සතුටක් ලැබෙන්නේ ඒ හින්ද වෙන්න ඇති

    ReplyDelete
  9. පෙරමුනේ රාළ,
    හදමුද පොඩි ලිස්ට් එකක් අන්තරෙන් අහිමි කළ හා හිමි කරන ලද දේවල් ගැන????

    ReplyDelete