Wednesday, June 30, 2010

බෑන්කී මූන්ගේ නියෝජිතයින් හා අන්තයන් ද්විත්වය


එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ලංකාවේ ආණ්ඩුවටම පිදුරු ගහක් සපයා ඇත. එල්ටීටීය බිඳවැටීමෙන් පසු හතුරෙක් හොයාගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු ආන්ඩුව මහත් අපහසුතාවයකට පත්විය. කොටින්ම ආණ්ඩුවට තමන්ගේ මතවාදී හිතවතෙකු වන සරත් ‍ෆොන්සේකාව කෘතීම හතුරෙක් බවට පත්කිරීමට සිදුවිය. ඇත්තටම දෙයක් නොකර ගසා කමින් ජීවිත් වන ආණ්ඩුවට ජනතාව රැවැට්ටීම සඳහා කුමන හෝ උපාය මාර්ගයක් අවශ්‍යය. ඒ සඳහා පොදු හතුරෙකු අනිවාර්යෙන් අවශ්‍යය.

දැන් ආණ්ඩුවට රටේ ඇති සැබෑ ප්‍රශ්න අමතක බෑන් කීන් මූන්ට එරෙහිව නාමිකව, ජනප්‍රියවාදීව කටයුතු කළ හැකිය. ‍රටේ බඩුමිළ, ජිවන තත්ත්වය, විරැකියාව, ආර්ථික අර්බුද සියල්ලට නිදහසට හේතුව ලෙස "බැන්කී මූන්"ව ඉදිරිපත් කළ හැකිය.

මධ්‍යස්ථව ගතහොත් මෙය ඉතා සුවිශේෂී තත්ත්වයකි. එක් පසෙකින් ඒකාධිපති වියරුවක් සහිත පාලකයෙක් සදහටම රට තමන්ට ලියාගැනීමට ‍සැරසෙයි. ඔහුගේ මේ ඒකාධිපතිබාවයට විරුද්ධ විය යුතුය. අනෙක් පසින් තුන්වැනි ලෝකයේ රටක් ලෙස බටහිර රටවල් අපේ රටවල් වලට නාස්ලණුව දැමීමට සැරසෙයි. මෙකී තත්ත්වයන් දෙකම අන්තයන් දෙකකි.

මේ මොහොතේ අපි ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු අතර වඩා නිවරැදි තීරණය ඉතිහාසය විසින් සම්මත කෙරෙනු ඇත. මේ උත්සාහය ඒ වෙනුවෙන් සාධනීය සංවාදයක් ගොඩනැඟීමටයි.

2 comments:

  1. ඔබතුමා ගන්න ප්‍රවේසෙ හරි වැදගත්.මොකද රාජපක්ස විරෝධී සමහර අය මුන් කී බැන්ගෙ සින් එක හින්ද ෆන් එකේ ඉන්නව.උන්නැහෙලයෙ ආනුභාවයෙන් අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙනකම් ආසාවෙන් ඉන්නව.හැබැයි ලෝකෙ පුරා ඇමරිකාව ඇගිලි ගහන වැඩේ කොරන්නෙ ප්‍රජාතන්තරේට නෙමෙයි තමුන්නෙ හයිය හත්තිය වඩවගන්න කියන එක ගොඩක් රාජපක්ස විවේචකයාස්ල අමතක කරනව.
    මේක නියම වෙලාව.මොන නරිවාදං දැම්මත් මුන්කි බෑන්ව කොටි වගේ හතුරෙක් කොරන්න රාජපක්සස ආන්ඩුවට බැහැ.මොකද කොටි වගේ නෙමෙයි මුන්කි ලා ගේ හයිය නැතිව මේ ආන්ඩුවට පැවැත්මක් නැහැ.දැන් ජිඇස්පි නැතිවෙලා බඩව වදිනකොට රට වෙනුවෙන්ය ඉවසපියව් කියන පරන සිංදුව සාර්තකව ගහන්න අමාරුයි.කොටි එක්ක මොන යුද්දෙ කරත් බඩු වැඩි වුනත් කොටි විසිබල් හතුරෙක්.මුන්කිලා එහෙම නෙමෙයි.අනිත් අතට රජතුමාගෙ ඇමති නඩෙ කෙලින පිස්සු දැක්කම මුන් වෙනුවෙන් අපි ඉවසන්නෙ මොකටද කියන අදහස ඉක්මනට පැතිරෙන්න පුලුවන්.
    මම හිතන්නෙ රාජපක්ස ආන්ඩුව ලොස් වෙන කාලෙ දැන් පටන්ගෙන.රාජපක්සගෙ බහින කලාව මුන්කිලාගෙ නගින කලාව වෙන්න දෙන්නෙ නැතිව ඇත්තටම ප්‍රජාතන්ත්‍රවවාදය ගැන කල්පනා කොරන බලවේග වලට ෆයිට් එකක් පටන්ගන්න මේක නියම වෙලාව.

    ReplyDelete
  2. නෑ පුලස්ති. රාජපක්ෂලගේ බහින කලාව මූන් ලගේ නගින කලාව වෙන්නෙ නෑ. රාජපක්ෂ කියන්නෙ ලාංකීය දෘෂ්ඨිවාදයේ වත්මන් ඒජන්තයා. (රනිල් ඇනගන්නෙත් එතන). රාජපක්ෂ බැහැල ගියත් ආයෙ එන්නෙත් ඒවගේම කෙනෙක් තමා. හැබැයි මට තේරෙන්නෙ නැත්තෙ බැන් කී මූන් කෙළින පිස්සුව මොකක්ද කියලා. බටටහිරට ලංකාවට අමුතුවෙන් නාස්ලණු දාන්න ඕනෙ නෑනෙ. (අපිම අඔරගෙන දාගෙනනෙ ඉන්නෙ).
    ගෝරා කිව්වා වගේ එ.ජා. ට තග දැමීම නං පැවැත්ම සඳහා බිල්ලෙක් හොයාගැනීමක් තමා. නැත්තං ඉතිං මෙතෙක් ගහල තියෙන ඩීල් වල හැටියට ඕකත් පොඩි ඩීල් එකකින් ගොඩදාගන්න තිබ්බ එකක්නේ.
    පුලස්තිගෙ post එකෙත් තිබ්බා වගේ බිජ්ජ වැටෙනකං එළුවා පස්සෙ යන අයට නං වැඩේ මාර ආතල් ඇති.

    ReplyDelete