
එක් පාසැලක් ඇරෙන විට හිර ගෙවල් 10ක් වැහෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ උගත්කම වැඩිවෙනකොට අපරාධ අඩුවෙනවා කියන එකනේ. ලංකාව රටක් හැටියට අඩු ආදායම් ලබන රටක් වුණත් අධ්‍යාපන මට්ටම අතින් ඉහළ මට්ටමක් පවත්වා ගැනීමට ප්‍රධානතම හේතුව නිදහස් අධ්‍යාපන ක්‍රමයයි. රටේ ආර්ථිකයේ ප්‍රමාණයටත් වඩා අධ්‍යාපන මට්ටම වැඩිදියුණු වීම එක්තරා ආකාරයකට තරුණ අසහනයකට, රැකියා ප්‍රශ්ණයකටත් හේතුවෙලා තියෙන බවත් සඳහන්.
ලංකාවේ අධ්‍යාපනය ගැන මේ විස්තර කියන්න හේතුවුණේ ලංකාවේ එක්තරා ඇමතිවරයෙක්ගේ අධ්යාටපන මට්ටම ගැන අහන්න ලැබුණු නිසයි. මේ ඇමතිවරයාගේ නම ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් අරගෙන සංධානයෙන් තේරී පත්වුණේ. මෙයා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා පැනපු කෙනෙක් කියලා අමුතුවෙන් මතක් කරන්න අවශ්‍යක වෙන එකක් නැහැ.
මේ දවස්වල රාවය පත්තරේ යනවා හිටපු යුධ හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගේ පළමු යුධ අධිකරණයේ සාක්ෂි සටහන. එතනදි යූඇන්පීය සමඟ ජනරාල් වරයා සම්බන්ධතා පවත්වපු බවට සාක්ෂි දෙන්නේ, තොරතුරු දෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට දීපු කටඋත්තරය ගැන විනිසුරුවරයා දිගින් දිගටම මේ ඇමතිගෙන් ප්‍රශ්ණ කරනවා. ඒත් ඒවට සෘජු පිළිතුරු දීමට ඇමතිට නොහැකි වෙනවා. මේ ගැන දිගින් දිගටම නොසතුටු වන විනිසුරුවරයා එක් අතුරු ප්‍රශ්ණයක් විදිහට ජොන්ස්ටන් ඇමතිගේ අධ්‍යාපනය ගැන අහනවා.
ප්‍රශ්ණය - අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව ට එහෙම කිව්වයි කියලා කිව්වද?
පිළිතුර - මට හරියට මතක නැහැ.
ප්‍රශ්ණය - මහත්මයා මතක නැති දේවල් කොහොමද දැන් මතක් වුනේ? මතක නැති දේවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට කියන්න අමතක වුණු දේවල්?
ප්‍රශ්ණය - ඒ කාලේ මතක නැහැ කිව්වද කියලා එහෙම කිව්වද කියලත් මතක නැහැ.මේක කියන්න මහත්මයා තමුන් කොහෙද ඉගෙනගත්තේ?
පිළිතුර - ශාන්ත ආනා විද්‍යාලයේ
ප්‍රශ්ණය - ජී.සී.ඊ ඕ ලෙවල් පාස් වුණාද?
පිළිතුර - ඒක අදාළ වෙන්නේ නැහැ නේද?
ප්‍රශ්ණය - මොකද අදාළ වෙන්නේ නැත්තේ? තමන් සාක්ෂිකාරයෙක් වශයෙන් තමන්ගේ මට්ටමවත් මැනගන්න එපැයි අධිකරණයේ විනිසුරුතුමන්ලා. පාස් වුණාද? තමනු මේ හැම එකක්ම මතක නැහැ කියල කිව්වම මට මේ අහන්න මතක් වුණේ..පාස් වුණාද?
පිළිතුර - 9 වසර පාස්වුණා.
ප්‍රශ්ණය - එතකොට ඒ ආශ්‍රයෙන් තමුන්ගේ සාක්ෂිය අපිට මැනගන්න පුළුවන්...ඒකයි"
(2010 ඔක්තෝබර් 10 වැනි දින රාවය පුවත්පත - 14 වැනි පිටුව )
අපිව පාලනය කරන්න අපි (?) පාර්ලිමෙන්තුවට යවලා තියෙන ඇත්තන්ගේ ඇත්ත තත්ත්වය මෙන්න මෙහෙමයි. කොහොමටත් අපේ ඇත්තෝ දියවන්නාවේ හැසිරෙන හැටියට නං මේ ගැන අපිට හිතාගන්න පුළුවන්. ඔබත් දන්න තව කට්ටිය ඉන්නවනම් කියන්න බය නැතුව....(ඇනොනිමස් කෙනෙක් හැටියට)
මුං ටික ඔක්කොමටික ඉස්කෝලෙකට දාලා ආයෙත් 1 ඉඳන් 13 දක්වා ඉගැන්නුවොත් මොකද හිතන්නේ......ජනාධිපති ලේකම් කාර්යාලය හරි, චීන රජයෙන් හරි ආධාර ලබාගන්න අමාරු වෙන එකකුත් නෑනේ...
මර්වියා 5 පාස්ද දන්නෙනැ.
ReplyDeleteමම හිතන්නේ මේ විනිසුරුවරයා එන්.ජී.ඕ. වලින් ඩොලර් කුට්ටි ගත්තු අන්තර්ජාතික කුමන්ත්‍රණයක හවුල්කාරයෙක් වෙන්න ඕන. නැත්නම් අපේ "උගත්" ඇමති මණ්ඩලයේ ඇමති කෙනෙක්ගෙන් ඉස්කොලේ කීයට වෙනකම් ගියාද වගේ ප්‍රශ්න අහයිද . . .
ReplyDeleteමම නම් කියන්නේ ජොන්ස්ටන් ඇමතිතුමා අට පාස් (නවය වසර සමත්) වෙලානේ ඇමති කෙනෙක් වුනේ වැස්සකට වත් ඉස්කොලේ නොගිහින් ඇම...ති කෙනෙක් වෙන්නේ නැතිව . ..
ඒ මදිද ??? නැද්ද මම අහන්නේ ???
හොඳ නිබන්ධනයක් වගේ...
ReplyDeleteඒත් උසාවියේදී මේ වාෙග් සංවාද වෙන්නේ නැහැ මගෙ හිතේ මොකද විනිසුරු කියල එක්කෙනෙකුත් ඉන්නවානේ. උසාවිය රන් කරන්නේ නිතීඥයො විතරක් ම නෙමේ නෙ...
මේ වගේ උසාවි සංවාද නම් දැකලා තියෙන්නේ හිංදි චිත්‍රටපවල විතරයි...
හැබැයි ජොන්ස්ටන්ගේ අධ්‍යාපන මට්ටම නම් මම දන්නේ නෑ!!!
මුට පුලුවන් සබිතා එක්ක කොටු පයින්න විතරයි..මේවගේ හුකන්නලට අරින්න ඔන පුකේ....
ReplyDeleteමුන් ඔක්කොම එකයි.
ReplyDeleteදැන් පාසල් 100 ක් වහලා කොහොම හරි එක බන්ධනාගාරයක් අරිනවා. ලංකාව මෙච්චරටම වැටෙනකන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු මිනිස්සු මොකද කරලා තියන්නෙ කියනදෙත් ප්‍රශ්නයක්. ජොන්ස්ටන් ලා වැරදි නැහැ. 9 පාස් කෙනෙක් කල්පනා කරන විදියට එයා හැසිරිලා තියනවා පහුගිය කාලයම.
ReplyDeletemerviyata akuru kiyawalath naa man hithanne
ReplyDeleteගෝරගෙ අතේ රෝල්!
ReplyDelete@Anonymous (The First one after දුකා who posted at October 18, 2010 10:40 AM) මේක සිද්ධ වෙලා තියෙන්නේ යුධ අධිකරණෙදි අනිත් එක මේ ලිපියෙම තියෙනවා ප්‍රශ්න ඇහුවේ විනිසුරු කෙනෙක් කියලා. (නීතීඥයෙක් නෙමෙයි) ඉතින් ඔබ නගන තර්කය අදාල නෑ.
ReplyDeleteඩී. එස්. සේනානායක මහත්තයත් අට පාස් කෙනෙක්
ReplyDeleteමටත් ජොනියා පෙන්නන්න බෑ මෝඩ හරකෙක්, ඌ ගිහින් තියෙන් අපේ ඉස්කෝලෙට (කුරුණෑගල සාන්ත ආනා විදුහලට) තමයි ඒත් උසස් පෙළ දක්වා ඉගෙන ගෙන තියනව පාස්ද කියලනම් දන්නෙ නෑ... තාමත් අපේ ඉස්කෝලේ ඉන්න පරණ ගුරුවරු මේ යකා ඉස්කෝලේ ආපු එක අපේ ඉස්කෝලෙටත් අවනම්බුවක් කියල බනිනවා... ජොනිය මෝඩයෙක් බව ඇත්ත ඒත් ඒක ඔපු කරන්න මේ වගේ බොරු නොලිය ඉන්නවනම් තමයි හොඳ....
ReplyDeleteජොන්ස්ටන් , මර්වින් වගේ එවුන් නම් කාට උනත් පෙන්නන්න බැහැ තමයි. හැබැයි ස්කෝලේ යන්න බැරි උනත් හැඳියාව හරියට තිබිච්ච දේශ්පාළකයොත් මේ රටේ හිටිය ( උදා ප්‍රේමදාස මහත්තය , කොච්චර වුනත් දුප්පත් මිනිස්සුන්ට සෑහෙන සේවාවක් කෙරුව.).
ReplyDeleteඒ වගේම උගත්කම තිබුනට , පාසලකටවත් නොගිය , පාරේ යන රස්තියාදුකාරයෝ වගේ , හැසිරෙන දේශපාලකයොත් ඉන්න විත්තිය අමතක කරන්න එපා.
උගත්කම , කොහොමහරි උනන්දුව තියනවනම් , පොත පත කියෝල ලබා ගන්න පුලුවන්. නමුත් මනුස්සකම සහ බුද්ධිය කියන දේ ඇඟ ඇතුලෙන්ම එන්න ඕන. ඒක කාටවත් උගන්වන්න අමාරුයි.
සමහරු ඉන්නව , පහුගිය කාලේ තමුන්ට අතපසු සහ බැරිවෙච්චි දේවලුත් එක්ක අල්ලගෙන එකපාරට වේගයෙන් ඉගෙනගන්න පෙළබිල පුදුම විධිහට ඉස්සරහට යනව.
උදාහරනයක් විධිහට අමු මැට්ටෙක් වෙලා හිටපු සක්විති රණසිංහ උපාධිකාරයෙකුටත් වඩා හොඳට ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ තත්වයට පත්වීම දක්වන්න පුලුවන්.( නමුත් ඌ කරපු හොරකමේ හැටියටනම් , ඌව පන පිටි වලදාන්න ඕන. ඒක වෙනම කතාවක්)
ආචාරධර්ම පිළිබද වෙනම උපාධි පාර්ලිමෙන්තු සඳහා පිහිටවන්න ඕන.
මතක තියාගන්න , අයිසෙක් නිවුටන් කියල කියන්නේ උගතෙක් නෙමෙයි. නමුත් ඔහු බුද්ධිමතෙක්.
ඒ බුද්ධිමතා ලියපු පොත් හා දැනුම නිසා අද අපි උගත්තු වෙලා ඉන්නව.
This comment has been removed by the author.
ReplyDeleteදේශපාලකයින්ගේ කියුම් කෙරුම් ඔවුන්ගේ උගත් කම හා බුද්ධිය විදහපාන කැඩපතකි.
ReplyDeleteඅද ඔවුන් සියල්ලන්ම ඔය ස්ථාන වල වැජඹෙන්නේ අපේ පිහිටෙන්ය. ඔවුන් ඔය තැන් වලට පත් කර යැවූයේ වෙන කවුරුත් නොව අපි අපිමය.
ඒ නිසාම වන්නට ඇති බොහෝ දේශපාලකයින්, ඡන්ද දායකයින් බුද්ධිමත් යයි කියන්නේත්, ලෙහෙසියෙන් ඔවුන් රැවටෙන්නේ නැතැයි කියන්නේත්.
ඔවුන් එසේ සිතන්නට පෙලඹෙන්නේ කාරණා දෙකක් නිසා වන්නට පුලුවන.
එනම්, එක්කෝ ඔවුන් ඇත්තෙන්ම ඉතා බුද්ධිමත් පිරිසක්වන අතර ඔවුන් අපගේ හීන බුද්ධිය උපහාසයට ලක් කරනු පිණිස එසේ කියනවා ඇත.
එසේත් නැති නම්, තමන් වන් බුද්ධි හීනයින් මෙවන් තනතුරු වලට පත්කරන්නේ තමන්ටත් නොතේරෙන විශේෂ හේතුවක් නිසාවෙන් බැවින් තමන්ටත් නොතේරෙන එවන් දේ තේරෙන අප වන් ඡන්ද දායකයින් සැබවින්ම ඉතා බුද්ධිමත් යැයි ඔවුන්ට හැඟෙන නිසා වන්නට පුලුවන.
එනිසා කල යුත්තේ ඔවුන්ගේ උගත්කම හා බුද්ධිය පිරික්සීමට පෙර අපි අපේම බුද්ධිය හා උගත්කම පිරික්සා බැලීමය.
එවිට එවන් පිරිසක් ඔය තැන්වල සිටිනා හේතුව අපට හොඳින් වැටහෙනවා ඇත.
ඒ මට හිතෙන හැටිය..........
මම මගේ බ්ලොග් එක පටන් ගත්තෙත් ඔය වගේ දේවල් හින්දා තමයි... තාම මම ඔතෙන්ට ආවෙ නෑ... තව ටික කාලෙකින් බලමු..........
ReplyDeleteho hooooooooooooooooooooo
ReplyDeleteඅනේ හපොයි අපේ ලංකාව.
ReplyDeleteමම ඉස්කෝලේ ගියේ නෑ!!! එදා මම කිව්වේ බොරු කාටවත් කියන්න එපා!! මරෙවින් නම් ඉස්කෝලේ ගියා!!
ReplyDeleteබූරුවාටනම් හිතෙන්නේ ජොනියා නියම පොරක් කියලා, මිනිහා තම උගත්කමේ හැටියට වැඩ කරනවා. ඔය උත්තරීතර තැනේ මහාචාරිලා, දොස්තරලා, ඉංජිනේරු උපාධිකාරයෝ හා නීතිඤයෝත් ඉන්නවා උං කරන්නේ දෙකේ පන්තියේ වැඩනේ
ReplyDeleteඉතිං ජොනි, මර්වින්....
Lankawe sulu sewakayek widihata badawa gannath O/L wath pass wenna one. Sudusukam balanawane. Eth Deshapalanaya karanna one harakekuta puluwan.....! Ekane me wela thiyenne....!
ReplyDeleteමධ්‍යම පළාත් සභාවේ හිටපු *අධ්‍යාපන ඇමති*, දැන් පා.ම. වී.රාධාක්‍රිෂ්ණන් ගිහින් තියෙන්නේ 5 වසරට විතරයි. ඕන නම් හොයලා බලන්න.
ReplyDeleteEHEMA KIWWATA MEYA HARI UGATHA PENENNEDDA TIE COAT ANDALA INNA HETI
ReplyDelete9 පාස් ඇමැතිලා ගැන මොන කතා ද? 8 පාස් ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, ආරක්ශක ඇමැති කෙනෙක් මීට කලින් මේ රටේ එකම පාර්ලිමේන්තුවේ එකම කාලෙ ඉඳලා තියෙනවා. එයාලත් ඉතින් පත් කර ගත්තේ මේ රටේ ජනතාව ම තමයි.
ReplyDelete