Monday, November 1, 2010

අන්තරේ යක්ෂයාට මුවාවී හොරපාරෙන් ප්‍රතිපත්ති පාවාදීම



දැන් රටේ ප්‍රධානතම ප්‍රශ්ණය බවට පත්ව ඇත්තේ විශ්ව විද්‍යාලීයය ශිෂ්‍යයින්ගේ නොහික්මුණු ගති පැවතුම්ය. ගමේ සිට විශ්ව විද්‍යාලයට පැමිණෙන වැදගත් සිසුන් උදුල් ප්‍රේමරත්න ප්‍රමුඛ අන්තරය විසින් බිලී බා ගන්නා අතර ඉන්පසු ඔවුන් අයාලේ යති. රටේ උපාධිදාරී රැකියා හිඟයට, විශ්ව විද්‍යාල වල විෂයමාලා අන්තර්ගතයන්හි කල් ඉකුත්වීමට, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ යටිතල පහසුකම් ඌනතාව වැනි සියළු කාරණා සඳහා පමණක් නොව යුද්ධය නිමාවීමෙන් අනතුරුව ආසියාවේ ආශ්චර්ය බවට පත්කරනවා යැයි කටමැත දෙඩවූවත්, රටේ ජනතාවට ආශ්චර්යයක් තබා තඹ දොයිතුවක වත් සහනයක් නොලැබෙන්නේ මෙකී විශ්ව විද්‍යාල සිසු පිරිස නිසාය. එසේනම් රටේ සෞභාග්‍ය අහුරමින්, රට විනාශයට පත්කරනා වූ මේ දුෂ්ඨ පිරිස විනාශ කර දැමිය යුතුය. කොටියා නැතිවූ පසු රටට ඇති හෙනේ රජයේ විශ්ව විද්‍යාලය පද්ධතියේ ශිෂ්‍ය ප්‍රජාවයි.

ජනාධිපති ‍මහින්ද රාජපක්ෂගේ බළල් අතක් බවට පත් ව ඇති ( ඒ සඳහා නියමම සුදුස්සා) සුදුබොංඩා දිසානායකට අනුව අන්තරේ ඇතුළු සංවිධානාත්මක විශ්ව විද්‍යාල සිසු පිරිස විශ්ව විද්‍යාල විනාශයට පත්කර ඇති බවට ප්‍රකාශ වුවද, මේ වන විට විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව දියත් කෙරෙමින් පවතින මර්ධනය පිටුපස ඇත්තේ අන් කාරණයකි. කරුණු වශයෙන් ගතහොත්

1. රටේ සමස්ත ‍ජනතාව අතරින් විධිමත්ව ආණ්ඩු විරෝධයක් පැන නැඟීමේ ශක්‍යතාවක් නොමැති වටපිටාවක ඒ වෙනුවෙන් ඉඩකඩ විවෘතව පවතින විශ්ව විද්‍යාල පද්ධතියේ ශිෂ්‍ය නායකත්වය මෙහෙයවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙන් දොට්ට දමා, ආණ්ඩුගැති වරදාන වරප්‍රසාදයන් වලට ගිජු ශිෂ්‍ය පිරිසක් වෙත එකී නායකත්වය පැවරීම.

2. රටේ අභ්‍යන්තර ප්‍රතිපත්තී සහ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අතර දැඩි පරස්පරයක සිටින ආණ්ඩුවට පෞද්ගලීකරණය සංකල්පය ක්‍රියාවට නැංවීමේ ඇති අවශ්‍යතාවත්, එහිදී පැනනඟින වි‍‍රෝධතාව අන් අතකට යැවීම උපක්‍රමයක් ලෙස අන්තරේ වෙත සියළු දෝස්මුර පැවරීම.

අන්තරේ සහ විශ්ව විද්‍යාල ගැන.......

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යනු මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කරලීම සඳහා සෘජුව පෙනී සිටි ශිෂ්‍ය සංවිධානයකි. එය විශ්ව විද්‍යාලයන්හි මහා ශිෂ්‍ය සංගම් හරහා පිහිටුවා ගත් සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය පිරිස එකතු කොට ගත් පළල් සංවිධානයකි. මේ වන විට විශ්ව විද්‍යල බොහෝමයක මහා ශිෂ්‍ය සංගම් වල බලය උසුලන්නේ ජ.වි.පෙ ට සම්බන්ධ ශිෂ්‍ය සංගමය නිසා අන්තරේ තුළද ජවිපෙ බලයක් පවතී. එසේ වූ පමණින් අන්‍තරේ යනු සෘජුවම ජේවීපී කාරයින් යැයි කීම වැරදිය. මන්ද බොහෝ විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් ජවිපෙ හා සම්බන්ධ නොවූවන් නිසාය. ශිෂ්‍ය අයිතිවාසිකම්, විශ්ව විද්‍යාල පොදු ප්‍රශ්ණ වලදි සිසුන් නියෝජනය කරන හෙයින් එය සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය පිරිසම නියෝජනය කිරීමට සමත්කම් දක්වා ඇත.

ජාතික වශයෙන් මෙන්ම මතවාදී ස්ථාවර වලදී ද අන්තරේ ජවිපෙට අනුව ක්‍රියාකරන ආකාරයක් දැක ගත හැකිය. මහින්ද රාජපක්ෂ සහයෝගය දක්වන්නේත්, ජාතික ප්‍රශ්ණය අරඹයා 2003, 2004 වසරවලදී දැවැන්ත ‍විරෝධතා දක්වන්නේත් මෙකී ජවිපෙ බලපෑම් නිසාය. අන්තරේ ඇති පසුගාමී භාවය ඉස්මතු කෙරෙන ප්‍රධානතම කාරණය මෙයයි. පක්ෂයක් ලෙස ජවිපෙ තුළ ඇති යාවත්කාලීන නොවූ චින්තනය අන්තරේටත් එ ආකාරයෙන්ම කාන්දු වුවද, ක්‍රියාකාරීත්ව තුලදී දක්වනු ලබන දැඩි කැපවීම, නිර්භීත බව මෙන්ම සංවිධානාත්මක බව විකල්ප බලවේගයක් ලෙස බලය රැකගෙන රැඳී සිටීමට ප්‍රබල හේතුවක්ව පවතී.

ශිෂ්‍යයින් ලෙසත්, දූෂිත නොවූ පුරවැසියන් ලෙසත් සමාජයට මුහුණදීමට සුදානම් වන නවක විශ්ව විද්‍යාල සිසුන් ආකර්ෂණය කරගැනීමට බොහෝ දුරට හේතුවන්නේ ආත්මාර්ථකාමී, අවස්ථාවාදී කරුණු කාරණා නොව සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය පිළිබඳ පෙනී සිටීමේ කරුණු කාරණාය. මේ පිළිබඳව සමාජ මනෝවිද්‍යාත්මක මානය වෙනමම සාකච්ඡා කළ යුත්තක් වුවත්, සරල ලෙසම තේරුම්ගන්නවා නම් බොහෝ දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලයන්හි රැඩිකල් ස්ථාවර දරණ ශිෂ්‍ය පිරිස් ශිෂ්‍ය සංගම් මෙහෙයවති. විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් සතුව ඇති එකී ලක්ෂණ වල සාපෙක්ෂ දියුණුව නිසාම බොහෝ සිසු පිරිසක් මේ වෙත ආකර්ශනය වීමේ නැමියාවක් ඇත. විවිධාකාරයේ මනෝවිද්‍යානූකූල ගැටළු නිසා නායකත්වය සොයා යෑම සමාජයේ අන් කාරණාවන්ට පොදු වූවක් නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකත්වය පිළිබදව නඟන එම චෝදනාව වැදගත් එකක් යැයි සැළකිය නොහැක.

අනූව දශකයේ සිට පත්වූ සියළු ආණ්ඩු විසින් තමන්ට පක්ෂපාතී ශිෂ්‍ය බහුතරයක් විශ්ව විද්‍යාල වල ගොඩනඟාගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වුයේ එකී දේශපාලන ක්‍රියාකාරීත්වයන් විසින් ශිෂ්‍යයින්ගේ සැබෑ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමට‍ නොහැකි වූ බැවිනි. සැබැවින්ම මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානයට හෝ එජාපයට අයත් ශිෂ්‍ය කණ්ඩායමට සම්බන්ධවූවන් ගේ ප්‍රධානතම අරමුණ වන්නේ තමන්ට ඉහළ වේතනයක් සහිත රැකියාවක් ‍සොයාගැනීමම පමණකි. පසුගිය දා පැවති සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා වන සෘජු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට පැමිණි නිදහස් ශිෂ්‍ය සංවිධානයේ පිරිසට ‍පොලිසියද දෙකට නැමුණු ආකාරය බොහෝ දෙනෙකුට දැකගන්නට ලැබුණු බවද වාර්තා වේ.

මේ අනුව ගත්කළ අන්තරේට හෝ ජවිපෙට සම්බන්ධ වන කිසිඳු ශිෂ්‍යයෙකු හට ආර්ථික වරප්‍රසාද පිළිබඳව අරමුණක් නොමැති බව පැහැදිලිය. ඔවුන් විසින් ශිෂ්‍යයින්ගේ ගැටළු ගැන පෙනී සිටීම ගැන ශිෂ්‍ය විශ්වාසය දිනාගෙන ඇත්තේ මෙවැනි මූඛ්‍ය හේතූන්ගේ ප්‍රතිඵලයක් නිසා මිස ජවිපෙ ගැන හෝ අන්තරය පිළිබඳව සිය ජාන වලින් පැවත එන හතුරුකම් වලින් යුතු වූවන් කියන්නාක් මෙන් රෙදි හෝදනවාක් මෙන් ඔළු සේදිල්ලක් නිසා නොවේ. එහෙම ඔළු හෝදනවානම් දේශපාලනය කියා දෙයක් මානව සමාජයට අවශ්‍ය නොවේ.


අන්තරේට මුවාවී ප්‍රතිපත්ති පාවාදීම.........

අප සැම දන්නා පරිදි රාජපක්ෂ ආණ්ඩුව විසින් බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් කළ ජනප්‍රියවාදී අදහස් කිහිපයක් විය. ඒ අතර යුද්ධය හා ජාතික ප්‍රශ්ණය හැරුණු කොට තවත් සුවිශේෂී කරුණු කිහිපයක් වේ.

  1. එජාපය විසින් හිස්මුදුනින් පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් නිර්දේශිත නව ලිබරල් වාදී ප්‍රතිපත්තීන් බැහැර කිරීම. මේ අතරට අයත් වන්නේ පෞද්ගලික ව්‍යවසායන් හැකිතාක් දිරිමත් කිරීමත්, රාජ්‍ය හැසරීම හැකිතාක් හකුලා දැමීමත්ය. පෞද්ගලීකරණ විරෝධය හටගන්නේ මෙතැනිනි.
  1. ආර්ථිකය සම්බන්ධයෙන් හැකිතාක් දේශීය නිෂ්පාදන රටාවක් ගොඩනැඟීම හා ආනයන අධෛර්යමත් කිරීම. (මේ වන විට ආනයන බදු ඉහළ දැමීමේදී මෙකී පුහු තර්කය ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ වීරවංශ හා චම්පික වැනි බත්බැලයින් ඉදිරිපත් වූවද, සංචාරක ව්‍යාපාරය අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත්කරලීමට දත කන ආණ්ඩුවට ‍තවදුරටත් ජාතික නිෂ්පාදනයට කේනද්‍ර වූ පරිභෝජන රටාවක් යෝජනා කිරීම කොතරම් නොගැලපෙන ක්‍රියාවක්ද යන්න ඉදිරි ලිපියක් තුළදී කතා කරමු)
  1. අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලිය, ජලය වැනි සුබසාධන විෂයයන්ගේ රාජ්‍ය ඒකාධිකාරය කිසිලෙසකින් වත් අත්නොහරින බවට පොරොන්දුවීම හා එමඟින් බහුතර වෘත්තිය සමිති ප්‍රමාණයක කැමැත්ත එජනිස වෙත අත්පත් කර ගැනීම. (‍්මෙම පොරොන්දුව පුස්සක් බව සත්‍යයක් වී දැන් බො‍හෝ කලක් ගත වුවද ජවිපෙ වෘත්තීය සමිති හැරුණුකොට ඉන් එකක්වත් ජනපතිවරයාගේ සාටකයෙන් එළියට පැමිණියේ නැත. මේ සියළු දෑ සඳහා කපුකම් කළ ලාල් කාන්තගේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට වැඩපොළවල් වල සිටින ප්‍රධානතම සතුරා බවට පත්ව ඇත්තේ මෙකී වෘත්තීය සමිතීන්ය.)

රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ජනප්‍රියවාදී තර්කයන්හි යුද්ධය හැරුණු කොට අන් සියල්ල අමූලික බොරු වන තත්ත්වයක් බවට පත් වෙමින් පවතින විට, ජනතාවට එකී සත්‍ය වසන් කිරීම සඳහා සිදුකර ඇත්තේ අවතාරයක් මවා පෑමයි. මේ වන විට අන්තරේ යනු එකී කළු යක්ෂයා බවට පත්කිරීමට ආණ්ඩුවේ මාධ්‍ය හා ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය කටයුතු කරමින් සිටී.

එස්බී දිසානායක පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂගේ කැමැත්ත වෙනුවෙන් බව සත්‍යයක් වුවද, පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධ කාරණයේදී මහින්ද හෝ ඔහුගේ පරම්පරාවේ කිසිවෙකුත් ඊට සෘජුව මැදිහත් නොවී යන එනමක් නැති බළලෙක් ‍නොව බල්ලෙක් ගේ අතින් කොස්ඇට බාවන ආකාරය ප්‍රාථමික දේශපාලන ප්‍රහසනයක් නොවේද? ලංකාවේ තරුණ ප්‍රශ්ණ වලට ඇලඩින්ගේ පුදුම පහනෙන් පිළිතුරු ලබාදෙන මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ රාජපක්ෂ උපදේශක වූ නාමල් රාජපක්ෂත් විශ්ව විද්‍යාල ප්‍රශ්ණය කර ඇර සිටින්නේ මේ තත්ත්වයට හොඳම උදාහරණය සපයමිනි. ජල බද්ධ, පෞද්ගලීකරණය හා ඉදිරියේදී තවතවත් උග්‍රවන ආර්ථික අර්බුදය තුලදී සුදු චරිත වෙනුවෙන් පණ පොවන රාජපක්ෂ ඇතුළු ඔහුගේ ජීව විද්‍යාත්මක ‍හා ජීව විද්‍යාත්මක නොවන පවුලේ හිතවතුන්ට කළු චරිත මඟහැර සිටීමට යොදන උපක්‍රම කවරාකාර වේද යන්න තවත් හාස්‍යජනක මාලා නාටකයකට හේතුසාධක වනවා නියතය.

එක්පසෙකින් එක්තරා පිරිසකට පමණක් රටේ තීරණ ගැනීමේ අයිතිය ලියා දුන් ලංකාවේ ජහමනයා තවත් අතකින් දෙකයි පනහේ ලංකාවකට ඓතිහාසික උදාහරණ සැපයීමටද අවස්ථාවන් උදාකරලීය. දුටුගැමුණු හෝ පණ්ඩුකාභය කොච්චර පිස්සු කෙළියද ඔවුන් පිළිබඳව හොඳ පමණක් ලියාතැබීම නිසා ‍ඓතිහාසිකව ඔවුන් සුදු චරිත වුවත්, ලියාතැබීමේ අවකාශ බහුල විසි එක්වන සියව‍සය තුළ ලංකාවේ අශිෂ්ඨ, නූගත්, ප්‍රාථමික ජන සමාජය පිළිබඳ තොරතුරු නම් කිසිලෙසකින්වත් ඉතිහාසයට වසන් කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.

20 comments:

  1. @ ගොරා //අධ්යාපනය, සෞඛ්ය, විදුලිය, ජලය වැනි සුබසාධන විෂයයන්ගේ රාජ්ය ඒකාධිකාරය කිසිලෙසකින් වත් අත්නොහරින බවට පොරොන්දුවීම//

    අධ්යාපනය සම්බන්ධයෙන් මහින්ද චින්තනය [2005 සහ 2010] කිසි ලෙස මෙවන් පොරොන්දුවක් දී නැත. [2005 දි ඔය චින්තනේ අධ්යාපනය ගැන කොටහ ලිව්වෙත් ප්‍රය්වෙට් ඉස්කොල අය්තිකාරයෙක්නෙ!] අන්තරේට හො අන් කිසිවකුට එවන් පොරොන්දු හොර රහසේ දුන්නා දැය් නොදනිමි. නමුත් පොදුවේ ජනතාවට එවන් පොරොන්දුවක් දී නැත. [රාජපක්ශ කිසිදු මහින්ද චින්තන පොරොන්දුවක් කඩ නොකල බව හො මා මහින්ද චින්තනයට එකග බව මින් අදහ්ස් නොවේ]

    පුද්ගලිකරනය නොකිරීම සහ පුද්ගලික ආයොජනයට ඉඩ නොදීම යනු එකක් නොවේ. උදාහරනයක් ලෙස ලන්කා බැන්කුව පුද්ගලීකරනය නොකීරීමට දුන් පොරොන්දුවෙන් පුද්ගලික බැන්කු සදහා ඉඩ නොදෙන බව නොකියවේ

    ReplyDelete
  2. JVp ekai antharei dekak kiyana thanaduma mama kiyawana eka nathara kara...

    ReplyDelete
  3. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හොඳ නැත්නම්, පෞද්ගලික රොහල් සහ ප්‍රයිවට් ප්‍රැක්ටිස් හොඳ වෙන්නේ කොහොමද?

    ReplyDelete
  4. ඇත්ත. නමුත් මිනිස්සු දන්නෙ නෑ. දන්න අයගෙ තේමාව
    "මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා"
    කරගෙන.

    ReplyDelete
  5. @tharu22,
    පටලවාගන්න එපා..මතක තියාගන්න 2005 දි මහින්දට වඩා වැඩි බලයක් තිබුණේ ජවිපෙට. ඉතිං ඔහුට සිද්ධ වුණා ජවිපෙට වැඩි බරක් දෙන්න. අනික අධ්‍යාපනය කැල්ල ලිව්වේ ටිරාන් අලස් කියන එක අමූලික බොරුවක්.
    මෙන්න කියවන්න 2005 චින්තනය http://docs.google.com/viewer?a=v&q=cache:Fa9MYzQ0RoAJ:www.priu.gov.lk/mahindachinthana/MahindaChinthanaEnglish.pdf+mahinda+chinthanaya+2005&hl=en&gl=lk&pid=bl&srcid=ADGEESiTQvJhwkmn5dJaQx6JA_-RfVA7PhG4VsyqCHSC7OVd6r5azkf6OrSjZXXEZ_DX4puSX32lncgpehv0ZeWEOCR_u1LE6Tu7aC92YQpVKKy8G_S8iRrq-nh28feZcUAVjjVwpqXz&sig=AHIEtbRgPz4RTd0NTxbBgO3BUsYz9kJpcA

    පිටුව 22- ජලය පිළිබඳව පොදු මහජනයාට ඇති අයිතිය කිසිලෙසකින් වත් ඉවත් නොකරමි.
    පිටුව63 - මම විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරනය නොකරමි
    මම ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලිකරණය නොකරමි

    කෙසේවුවත් මෙම ලිපිය මම ලිව්වේ පෞද්ගලීකරණය පිළිබඳව මගේ අදහස දැක්වීමට නෙවෙයි. ඒ සම්බන්දයෙන් මගේ අදහස අන්තගාමී වූවක් නෙවෙයි. විශේෂයෙන් පෞද්ගලික ව්‍යවසාය පිළිබඳ සෘජුව‍ පෙනී සිටින එජාපය වුනත් මේ මොහොතේ පෙනී ඉන්නේ අන්තරය පැත්තට. ඒ පුද්ගලික ව්‍යාවසාය සම්බන්ධ වූවක් නෙවෙයි. මේ ආණ්ඩුවේ තියෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයට එරෙහිවයි ඒ පෙළගැසීම.
    ඒ අනුව මගේ අවධානය යොමු වෙන්නෙත් ඒ කෝණයටම තමයි.

    ReplyDelete
  6. @ගෝරා
    //අනික අධ්යාපනය කැල්ල ලිව්වේ ටිරාන් අලස් කියන එක අමූලික බොරුවක්.//
    කවුද ඉතින් එහෙම කිව්වෙ. ඒක ලිව්වෙ R. I. T. අලස් මහත්තය.

    @ගෝරා
    //පිටුව 22- ජලය පිළිබඳව පොදු මහජනයාට ඇති අයිතිය කිසිලෙසකින් වත් ඉවත් නොකරමි. පිටුව63 - මම විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරනය නොකරමි මම ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලිකරණය නොකරමි//
    කො ඉතින් "මම අධ්යාපනය පෞද්ගලීකරනය නොකරමි" කියල කිව්ව පිටුව?
    පටලවා ගෙන තියෙන්නෙ මමද නැත්නම් ගෝරා අය්යද?

    ReplyDelete
  7. @Tharu22
    "මම රාජ්‍ය විශ්විද්‍යාල වසා නොදමමි" කියල "චින්තනේ" නැති හින්ද රාජ්‍ය විශ්විද්‍යාල වැසෙන්න දීම හරිද ?

    ReplyDelete
  8. @ tharu 22

    1.රජය අද පෞද්ගලික විශ්ව විද්‍යාල දැවෙන "ජාතික" අවශ්‍යතාවයක් බවට යෝජනා කරනවා.එතරම් දැවෙන ජාතික අවශ්‍යතාවයක් ගැන තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල නිකමට වත් සදහන් නොකලේ ඇයි?

    2.පුද්ගලිකකරනය සහ පුද්ගලික අංශයට ඉඩදීම දෙකක් බව ඇත්තය.මෙතන ප්‍රශ්නය රජයේ විශ්ව විද්‍යාල කෙරෙහි අඩු සැලකිල්ලක් දක්වන ගමන් ( එනම් ඒවායේ වගකීමෙන් ක්‍රමයෙන් ඉවත් වෙන ගමන් ) පුද්ගලික විශ්වවිද්‍යාල වලට ඉඩදීමයි.රජයේ සරසවිවල විවිධ අඩුපාඩු ගැන විශාල කලබගෑනියක් ඒ විශ්ව විද්‍යාල වල ශිෂ්‍යන්ගේ පැත්තෙන් මේ මොහොතේ මතුවෙලා තියෙන්නෙ පුද්ගලික විවි කතාවක් කරලියට ඇවිත් තියෙන නිසා.දුගීන්ට එක විදිහකටත් පොහොසතුන්ට තව විදිහකටත් බෙදන විදිහේ විශාල පැලීමක් උසස් අධ්‍යාපනය තුල මේ ක්‍රියාව නිසා ඇතිවේවි කියන සාධාරන බය සරසවි ප්‍රජාව තුල මතුවෙලා තියෙනව.

    ReplyDelete
  9. @ rharu 22

    http://imfsacsrilanka.blogspot.com/2010/11/blog-post_2341.html

    ReplyDelete
  10. @Ramachandra
    ගෝරාගෙ ලිපියෙ ලියල තියෙන මහින්ද " අධ්යාපනයේ රාජ්ය ඒකාධිකාරය කිසිලෙසකින් වත් අත්නොහරින බවට පොරොන්දු විය" කියන එක අමුලික බොරුවක් බවය් මම කිව්වෙ. ඉදිරිපත් කල තර්කයට පිලිතුරු දුන්නනම් තමය් හොද.
    රජයේ විශ්ව විද්යාල වල තත්වය වර්ධනය කල යුතුය් කියන එක පිලිබද කිසි ප්රශ්නයක් නැත.
    නමුත් අනතරේ ස්ථාවරය ලෙස පෙනෙන්නේ කොදේසි විරහිත පුද්ගලික විශ්ව විද්යාල විරොධයක්. එවන් විරොධයක් තුලින් රජයේ විශ්ව විද්යාල වල තත්වය වර්ධනය වන්නේ කෙසේද?

    ReplyDelete
  11. @Ramachandra
    ගෝරාගෙ ලිපියෙ Headline එක බලන්න. ඒකෙ ලියල තියෙන්නෙ "අන්තරේ යක්ෂයාට මුවාවී හොරපාරෙන් ප්රතිපත්ති පාවාදීම" කියලය්. බලාගෙන යන කොට ඔය කියන "ප්රතිපත්ති" ගෝරා උපකල්පනය කල ඒව මිසක් ජනතාවට ඉදිරිපත් කල ප්රතිපත්ති ප්රකාශන වල තිබුනු ඒව නෙමෙය් නේද?

    ReplyDelete
  12. @tharu22,
    :D ගොඩාක් දේවල් වලට ‍බය නැතිව පොරටෝක් දෙන්න පුළුවන් සයිබර් අවකාශය ඇතුලෙ. ඒක මට වගේම ඔයාටත් පොදුයි. ආර්.අයි.ටී අලස් මහත්මයා අධ්‍යාපන කෑල්ල ලිව්වයි කියල කියන කතාවත් ඒ ගණයට දාන්න පුලුවන්.

    වචන කෑලි කෑලි අල්ලගන්නේ නැතුව මුලින් මම කියන්න උත්සාහ කරන දේ තේරුම් ගන්න. මම ලියලා තියෙන්නේ මහින්ද මහතා රාජ්‍ය බලවත් කිරීමේ ජවිපෙ පොරොන්දු පිටින් බලයට ඇවිත් දැන් ඒවා ක්‍රමිකව පාවා දෙනවා කියන එකයි. ඒකට ප්‍රතිවිරුද්ධ ලෙස අන්තරේ විරුද්ධ වුණාම අන්තරේ යක්ෂයාට අන්දවලා තමන්ගේ ප්‍රතිපත්ති (පෞද්ගලීකරණය සම්බන්ධයෙන්) පාවාදෙමින් සිටිනවා.

    මතක තියාගන්න අන්තරේ කියන්නේ සෘජුව මහින්ද වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. අනෙක් අතට අන්තරේ තියෙන ප්‍රධානතම සටන් පාඨය තමයි "නිදහස් අධ්‍යාපනය" හා "පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි වීම" එතකොට ඔබට අනුව අන්තරේ මේ කරුණු පසෙක තියලා මහින්දට සහයෝගය දැක්වූවා කියා කියනවාද? එසේත් නැතිනම් අන්තරේ මහින්දගේ නිදහස් අධ්‍යාපනය හා පුද්ගලික විශ්වවිද්‍යාල වලට පක්ෂ බව දැන දැනත් (ඇයි අලස් මහත්තයානේ අධ්‍යාපනය ගැන ලියන්නේ) මහින්දට සහයෝගය දුන්නද?

    මහින්ද ප්‍රතිපත්ති පාවා දුන්නා කියන්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම විතරක් නෙවෙයි. මහින්ද පෞද්ගලීකරණයට එරෙහියි කියලා කියපු කතා මම දාලා තියෙන ලින්ක් එකෙන් ගියාම බලාගන්න පුළුවන්....

    ReplyDelete
  13. @ගෝරා,
    //ආර්.අයි.ටී අලස් මහත්මයා අධ්යාපන කෑල්ල ලිව්වයි කියල කියන කතාවත්…//
    මේක මේ සන්වාදයේ හරයට වැඩි යමක් එකතු නොකරන නිසා මේ පිලිබදව තවත් කතා නොකර ඉන්නම්. ගෝරා අය්යට උවමනානම් අනුර කුමාර සහොදරය එහෙම හම්බවෙච්ච වෙලාවක අහල බලන්නොකො.

    @ගෝරා,
    //එතකොට ඔබට අනුව අන්තරේ මේ කරුණු පසෙක තියලා මහින්දට සහයෝගය දැක්වූවා කියා කියනවාද?//
    සෘජුව හො වක්රව යම් දෙයකට සහය දැක්වීමේදී අන්තරය කරන්නෙ ජවිපෙ නියොගයට අවනත වීම පමනක් බව රටම දන්න හින්ද මේ වගේ දේවල් කියන එකේ තේරුම මොකක්ද කියල හිතා ගන්න අමාරුය්.

    @ගෝරා,
    //මහින්ද ප්රතිපත්ති පාවා දුන්නා කියන්නේ අධ්යාපනය පෞද්ගලීකරණය කිරීම විතරක් නෙවෙයි.//
    මම කලිනුත් කිව්වනෙ මහින්ද කිසිම ප්රතිපත්තියක් පාවා නොදුන් බවට කිසිවෙක් තර්ක කරන්නෙ නැ කියල. ඔබතුමාගෙ ලිපියටත්, අන්තරේ කුලප්පුවටත් හේතු වෙලා තියෙන්නෙ අධ්යාපනය පිලිබද ප්රශ්නය නිසා වෙන දේවල් මෙතනට පටලවා ගන්න හදන්න එපා

    @ගෝරා,
    //මහින්ද පෞද්ගලීකරණයට එරෙහියි කියලා කියපු කතා මම දාලා තියෙන ලින්ක් එකෙන් ගියාම බලාගන්න පුළුවන්..//
    පුද්ගලීකරනය සහ පුද්ගලිග අන්ශයටත් ඉඩ දීම එකක් නොවේ කියල කලිනුත් පෙන්නල දුන්නනෙ. ගෝරා අය්ය නිදා ගෙන ඉන්නෙ හොරට නම් කොහොම ඇහරවන්නද මන්ද.

    ReplyDelete
  14. "ශිෂ්‍ය ව්‍යාපාරයේ"!? මොකද්ද ඒ කුනුහරුපෙ!

    ReplyDelete
  15. විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ ගැටඵ ගැන කවුරැත් කතා කරන්‍ෙන් නෑ.ජේවීපී කියල චෝදනා කරල අත පිහද ගන්නව විතරයි.එල මචං දිගටම ලියපන්

    ReplyDelete
  16. විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ ගැටඵ ගැන කතා කරනවනම් අපිත් ෆුල් සපොර්ට්. මේ "උපකල්පනය" කරපු ප්‍රතිපත්ති වගයක් ඇද ගෙන අන්තරේටය් ජෙප්පොන්ටය් කඩේ යන එකනෙ කාල ඉන්න බැරි.

    ReplyDelete
  17. සිදුවීම් පෙළක් දේශපාලන සංකල්පයක් ලෙස හඳුනාගැනීමත් කරුණු වශයෙන් හඳුනා ගැනීමත් යනු එකක් නොව දෙකකි. අද මහින්දගේ ක්රි යාකලාපය කරුණු වශයෙන් බො‍හෝ දෙනෙක් හඳුනාගත්තත් එය සංකල්පීය වශයෙන් හඳුනාගැනීමට බහුතර ශ්රීි ලාංකිකයින්ට නොහැකිව ඇත. ජනප්රිෙයවාදී ජාතික ආර්ථික ප්රනතිපත්ති රාමුවක් ඉදිරිපත් කර ආණ්ඩුබලය අත්පත් කරගත්තද මේ වන විට ඔහු විසින් දියත් කර ඇත්තේ නව ලිබරල් ආර්ථිකයේම සීග්ර්ගාමී ආර්ථික ගමනක් බව ඒ පිළිබඳ උනන්දු ඕනෑම කෙනෙක් දනියි. නව ලිබරල් ආර්ථික රාමුවට පක්ෂපාතී පිරිස් (ආචාර්ය හර්ෂ ද සිල්වා, ශිරාල් ලක්තිලක, වැන්නන්) වුවද මීට වි‍රෝධතාව ප්රකකාශ කරන්නේ මෙකී ක්ර මය හසුරුවන පාදඩ ආකාරය නිසාය. ලිබරල් ක්රතමයක සාධනීය ලක්ෂණ වන නිදහස්කාමී බව, ප්රිජාතන්ත්රාවාදය, මානව හිමිකම්, මාධ්යී නිදහස, මේ ‍ගෝත්රිධක රෙජීමය විසින් ක්රි්යාවෙහි යොදවනු ලබයි. ඒ අනුව මේ වන විට සිදුවෙමින් පවතින්නේ නව ලිබරල් ක්රයමයේ නිශේධනීය ලක්ෂණ පමණක් රටට ඉතිරු කර එක්තරා අන්තවාදයක් තුලට රට දැක්වීමයි. නව ලිබරල් ක්ර මයේ සාධනීය හා නිශේධනීය බව ගැන සාකච්ඡාවක් වත් මතු නොවන්නේ මෙවැනි තතත්ත්වයක් තුළය.

    ප්රචතිවිරෝධී අදහස් පෙළක් පැන නඟින විට ඊට කළු රූපයක් පෙන්වා එහි වන හරය මඟ හැරීම පසුගිය කාලය පුරාවටම ජවිපෙද ඇතුළුව සිංහල ජාතිකවාදී පාර්ශවය විසින් සිදුකරන ලදී. එන්ජීඕකාරයෝ, දේශද්රොසහියෝ, ‍‍කොටි, වැනි එවැනි නාමකරණයන් දැන් ජවිපෙ හෝ අන්තරය දක්වා විතැන් වී ඇත. වැදගත් වන්නේ කියන පාර්ශවය නොව කියන්නේ මොනවාද යන්නයි.

    ReplyDelete
  18. මහින්දගේ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති වල හොද නරක පිලිබද පුලුල් විවාදයක් ඇති කිරීම පිලිබද තර්කයක් නැත.
    නමුත් මෙම ලිපියේ අරමුන පුද්ගලික විශ්ව විද්යාල සන්කල්පය මහින්ද රටට ඉදිරිපත් කල ප්‍රතිපත්ති වලට පටහැනිද යන්නය්.
    මහින්ද චින්තන ඉදිරි දැක්ම කියවා බලන විට මටනම් කිසි ලෙස එවැන්නක් නොහැගේ.
    ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරන්නේ රාජ්ය ව්ය්වසාය මතින් පමනකි යනුවෙන් කිසිලෙස්කත් එහි සදහන් නොවේ. එසේ සිතීමද මොඩ කමකි.

    කෙසේ වෙතත් අන්තරය සම්බන්දයෙන් වන මහින්දගේ ප්‍රවේශයනම් ඉතා හොදින් දක්වා ඇති බව පෙනේ.

    "විශ්ව විද්යාල සිසුන්ගේ දේශපාලනය කිරීමේ අය්තිය මම පිලිගනිමි. එහෙත් සුලුතරයකගේ දේශපාලන උවමනා එපාකම් වෙනුවෙන් සමස්ත ෂිශ්ය ප්‍රජාවගේම අය්තිවාසිකම් යටපත් කිරීමට මම කිසිසේත් ඉඩ නොතබමි"
    - මහින්ද චින්තන ඉදිරි දැක්ම [73 පිටුව]

    ඒ අනුව බලන විටනම් අන්තරයට එරෙහි මෙහෙයුම මහින්දගේ චන්ද පොරොන්දුවක් ඉටු කිරීමකි!

    හර්ෂ ද සිල්වා වැනි අයගේ විරොධයට හේතුව ගෝරා කියන පරිදි "පාදඩ හසුරුවීම" හො, "අනේ අපි කරන්න හිතන් හිටපු දේවල් මේ ගොඩේ බය්ය කරනවනෙ" යන සන්තාපය හො "විපක්ශ්යේ සිටින නිසා විරුද්ධ විය යුතුය" යන හැගීම් වලින් කවරක් හො විය හැකිය.
    කෙසේ නමුත් පුද්ගලික විශ්වවිද්යාල සම්බන්ධයෙන් මේ කිසිවකුගේ විරොධ්යක් නැති බවද සදහන් කරනු වටී.

    ReplyDelete
  19. Anonymous said...ta
    harak kathakiyanepa.....
    පෞද්ගලික රොහල් සහ ප්‍රයිවට් ප්‍රැක්ටිස් walath wadakaranne medicine gana hariyata egenagena yhina aya......but පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ehema aya athiweida????????????????????????????????????????????????????????????????????????????????????????????

    ReplyDelete