
සිංහල බ්ලොග් කියවනයේ දේශපාලනික සටහන් විසින් සිංහල බ්ලොග් කියවනය අවලස්සන වී ඇතැයි
යන්න හේතුකොටගෙන දේශපාලන බ්ලොග් සටහන් සියල්ල ප්‍රධාන පිටුවෙන් ඉවත්කොට අනුපිටුවකට යවා ඇත.
"මෙවැනි දේශපාලනික මඩ නිසා සින්ඩිකේටරය බැලීමට පවා අප්‍රසන්න වී ඇතැයි අපට සින්ඩිකේටරයේ පාඨකයන් විශාල සංඛ්‍යාවකගෙන් පැමිණිලි ලැබීම"(සැබැවින්ම එසේ මඩ ගසාගන්නා එවාට අකමැති අය ඉන්නවා කියන කාරණය විහිළුවකි. පසුගිය කාලයේ රූපවාහිනී දේශපාලනික වැඩසටහන් වඩාත් පනප්රිය වූයේ ඒවාගේ න්‍යායාත්මක කාරණා කතා කළ නිසා නොව ඒවායේ මඩ තිබුණු නිසාය.)
අනෙක් අතට සින්ඩියට ඇති හිට්ස් සංඛ්‍යාවේ පහළ යාමක් ගැනද දක්වා ඇති අතර එයද ඊට හේතුව ලෙස මෙකී දේශපාලනික බ්ලොග්කරුවන්ගේ ක්‍රියාදාමයන් හේතුවිණැයි කිසිම අධ්‍යයනයකින් තොරව පවසා ඇත. මන්ද පහුගිය කාලයට පුරාවටම වැඩිම හිට්ස් ලැබෙන්නාවූ සිංහල බ්ලොග්ස් අතර බයිස්කෝප්.lk හැරුණුකොට වඩාත් ඉදිරියෙන්ම තිබුණේ Taboosubject, Beyondframe වන නිසාය. ඒ හැරුණු කොට "පන්හිද සමග" ද ඉතා ඉහළ ප්‍රතිචාර ලද බ්ලොග් අතර තිබුණි. ( හැකිනම් මෙකී දේශපාලන බ්ලොග් වෙනස් පිටුවකට දැමීම සදහා ඇඩ්මින්වරුන් අතර පැවතුණු සංවාදය ඉදිරිපත් කරන මෙන් අභියෝග කරමු. )
එසේ ඉවත් කොට ඇති බොහෝ බ්ලොග් අතර ඇත්තේ මේ මොහොතේ මා දරණ දේශපාලන ස්ථාවරයට විරුද්ධ මතවාදයක් වුවද, ඔවුන්ගේ අදහස් දැක්වීමේ අයිතිය සහ ඒවා සංවාදයට ලක්වීමේ අවශ්‍යතාව අවධාරණය කරමි.
මේ පිළිබදව මා තැබූ කමෙන්ටුව පහත දැක්වෙන
.හ්ම්ම්… දේශපාලනයට අකමැති පිරිස් (අදේශපාලනික) බොහෝමයක් බ්ලොග් අවකාශයේ ඉන්න බව පේනවා. ඒක හින්දා වෙනමම දැම්ම එක කමක් නෑ කියලා කියමුකෝ. ඒත් ඇයි මේ තාක්ෂණික බ්ලොග්ස් වෙනමම දාන්නේ නැත්තේ. මටනම් හිතෙන්නේ බහුතරයකට ඒවගේ තියෙන ඒවා වැඩක් නැහැ. කැමති අයට බලන්න කියලා වෙනමම ගෲප් එකකට දැම්මනං හරිනේ. අනිත් එක පුද්ගලික දිනපොත්, ඔය එක එක්කෙනාගේ පුද්ගලික ඕපා දූප ප්‍රසිද්ධ කරන එක කොච්චර සදාචාරවාදීද? මට නං හරිම අප්‍රිය වැඩක්. ඉතිං ඇයි ඒ වගේ බ්ලොග්ස් වෙනමම කැටගරයිස් කරන්නේ නැත්තේ? අනුන්ගේ කුණු කන්දල් බලන්න ඕන එවුන්ට ඒක තියෙනවා. ලංකාවේ බ්ලොග්කරුවන් විකල්ප වෙන්න හදනවද කියල නම් මට තේරෙන්නේ නැහැ. ඒත් ලෝකෙ තියෙන්නේ වැඩිපුරම දේශපාලනික තේමාවන්ගෙන් ලියැවුණු බ්ලොග් කියලයි technorati.com එකේ තියෙන්නේ. ඒත් ඉතිං නඩුත් හාමුදුරුව්නගේ, බඩුත් හාමුදුරුවන්ගෙනේ….චීන පොරවල් ටිකකුත් ඇවිත් ඉන්න එකේ ඇඩ්මින් මහත්තුරු බයවෙලා වගේ.
දේශපාලන සංවාද ගොඩනැගීම සදහා සිංහල බ්ලොග් කියවනය තුලින් ලද ඉඩකඩ අතිමහත්ය. රටේ ප්රජාතන්ත්රවාදයට සමාන්තරව SBU ප්රජාතන්ත්රවාදය අනතුරට ලක්වන්නේ ඒ ඒ පුද්ගලයින් මූකලන් වල සිට කොළඹ ඒමෙන් හටගත් පාරම්පරික හීනමාන සංකීරනයන් එළිපැත්තට ඒම නිසා බව බොහෝ වගකීමෙන් අපට ප්‍රකාශ කළ හැක. එය රටේ ප්රජාතන්ත්රවාදයට මෙන්ම බ්ලොග් ප්රජාතන්ත්රවාදයට කෙතෙක් බලපානවාද යන්න පිළිබදව වෙනමම අධ්‍යයනයක් සිදුකළ යුතුය. මේආකාරයේ ක්රියාකාරීත්වයන් අතිශයින්ම මනෝමූලික නියුරෝසික තත්ත්වයක් මිස සැලැසුම් සහගත ක්‍රියාපටිපාටීන් නොවන බව හොදින් නිරීක්ෂණය කළහොත් දැකගත හැක.
එහෙයින්, සායනික රෝග තත්ත්වයන්ගෙන් පීඩා නොවිදින ඇඩ්මින්වරුන්ගෙන් සහ පක්ෂ විපක්ෂ දේශපාලන අන්තර්ගතයන් සහිත බ්ලොග්කරුවන්ගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ පැත්තක් පණනැති එවන් ඉදිරිපිට දණ නොගසා කොන්ද කෙළින් තබාගෙන "අන්තර්ජාල " මාධ්‍ය තුල ඇති සුවිශේෂී ලක්ෂනයන් පිළිබදව අවධානයෙන් වඩාත් යහපත් හෙටක් සදහා බ්ලොග් අවකාශයට ක්‍රියාකාරී සහයෝගය ලබාදෙන ලෙසය .
//මේආකාරයේ ක්රියාකාරීත්වයන් අතිශයින්ම මනෝමූලික නියුරෝසික තත්ත්වයක් මිස සැලැසුම් සහගත ක්‍රියාපටිපාටීන් නොවන බව හොදින් නිරීක්ෂණය කළහොත් දැකගත හැක. //
ReplyDelete:)
අපේ රටේ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් යනුවෙන් දෙකොටසක් සිටින්නාක් සේම හොඳ බ්ලොග් රචකයන් හා නරක බ්ලොග් රචකයන් (බ්ලොග් ද්‍රෝහීන්) කියා දෙපිරිසක්ද වෙති.
ReplyDelete1. හොඳ බ්ලොග් රචකයෝ දේශපාලනය විෂය කොට නොගනිති. ඔවුහු හැම දෙනාටම පොදුවේ ප්‍රයෝජනවත් වන Facebook Chat එක firefox හි Bookmarks side-bar එකකට ගන්නා හැටි හා EASEUS Partition Master Professional Edition නොමිලේ ලබා ගන්නා හැටි බඳු වැදගත් මාතෘකා ගැන ලියති. අපි නරක බ්ලොග් කරුවෝ (බ්ලොග් ද්‍රෝහියෝ) දේශපාලනය විෂය කොට ගනිමු.
2. හොඳ බ්ලොග් රචකයෝ ඇල්වතුරද නිවලා බොති. කාටවත් දොස් නොපවරති. කා සමඟවත් ආරවුල් ඇති කර නොගනිති. (ඉඳලා හිටලා මයික්‍රොසොෆ්ට් එකට හෝ ඉන්ටර්නෙට් සේවා සපයන්නාට රෙදි ගැළවෙන්නට බැන්නොත් හැර) අපි බ්ලොග් ද්‍රෝහියෝ අරූටයි මූටයි හැම එකාටම බනිමු. මඩ ගහමු.
3. හොඳ බ්ලොග් රචකයන්ට බොහෝ මිතුරෝ වෙති. ඔවුන්ගේ පෝස්ට් වලට කමෙන්ට් මදි නැතුව වැටෙයි. ඒවා රෝස මල් වගේය. නරක බ්ලොග් කරුවන් වන අපටද කමෙන්ට් වැටේ. ඒවා ගල් මුල්‍ය.
4. අප වැනි නරක බ්ලොග් කරුවන් නිසා සින්ඩිකේටරයට හිට්ස් අඩුවේ. 'Fedora 12 වලදී භාෂා අතර මාරුවීමට තවත් යතුරක්' වැනි බ්ලොග් කියවන්නට පාඨකයෝ පොර කකා රොක් වෙති.
ඉතින් මේ හොඳ බ්ලොග් රචකයින් අප වැනි නරක බ්ලොග් රචකයින් හා එක ගොඩේ ඉන්නට කැමති වෙයිද? එනිසා ඔව්හු ඒකඡන්දයෙන්, නිතඹට පයින් ඇන අප වෙන් කිරීමට තීරණය කරති. හරියට මලයා සමූහාණ්ඩුව හැට ගණන් වලදී අපට තවත් මූ එක්ක ඉන්න බෑ gangreen ලෙස නම් කොට සිංගප්පූරුව පැන්නුවා වගේම.
මේ සිද්ධියෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. හොඳ සිංහල බ්ලොග් කරුවකු වන හැටි මම උගත්තෙමි.
දේශපාලන බ්ලොග් වෙන් කිරීම පිළිබඳව පැතිරී යන කට කතා නිසයි මේක ලියන්න හිතුනේ. සිංහල බ්ලොග් සංසදයේ VIPලා අනුමැතිය දුන්නේ අපට හිසරදයක් වෙන තරමට දවසට පෝස්ට් දෙක තුන ගානේ දාන දේශපාලන බ්ලොග් අයින් කරන්න විතරයි. ටැබූගේ අඩවිය අයින් කරන්න කවුරුත් අනුමැතිය දුන්නේ නෑ. ඒත් මම නම් කරන්න අකමැති සමහර ඇඩ්මින්ලා නම් දිගටම කියා හිටියේ ටැබූ හා බියොන්ඩ් ෆ්‍රේම් බ්ලොග් දෙකම අයින් කරන්න කියලා. ඒ නිසා ටැබූගේ බ්ලොග් එක අයින් කළා නම් ඒ කළේ පුද්ගලික අවශ්‍යතාවයන්ට මිස VIPලා හැමෝගෙම කැමැත්තෙන් නෙවෙයි. සංසදය ඇතුළේ Adminලගේ අදහස් වලට මිස VIPලාගේ අදහස් වලට ඉඩක් නෑ.මේක ලිව්වේ VIPලා ගැන ඇතිවිය හැකි වැරදි අවබෝධයක් නැති කරන්න.
ReplyDeleteසිංහල බ්ලොග් සංසදයේ VIP කෙනෙක් (නම ඕනැ නෑ නේද?)
@Anonymous
ReplyDelete'සංසදය ඇතුළේ Adminලගේ අදහස් වලට මිස VIPලාගේ අදහස් වලට ඉඩක් නෑ'
සහතික ඈත්ත.
එහියො ටිකක්ද ඉන්නේ.
ReplyDeleteචීන සූකරයෝ ටික හැරෙන්නේ පොල් පැලේට කෙළින්නයි. ඇඩ්මින්ලා ටික "අනේ අපි නම් ඕවට නෑ" කියලා බේරෙන්න තමයි මේ වැඩේ කරන්නේ.
ReplyDelete"ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩි" කියලා කියනවනේ. ඒ නිසා කියවන්නේ මොකක්ද කියලා තීරණය කරන්නේ පාඨකයෝ. ඇඩ්මින්ලා නෙමේ.
SBU සින්ඩියෙන් දේශපාලන ලිපි වෙනම දැමීම ඉතාමත් අසාධාරණයි. අරසාදුලාගේ මේ සාදුලාගේ දිනපොත් සින්ඩියේ තිබුනම කැත නැද්ද? සින්ඩිය ලස්සන කරන්න ඕන නම් හොද කලර් පැනල් එකක් දාලා ලස්සන ඉන්ටර්ෙප්ස් එකක් හදන්න.
"මිනිසා උපතින්ම දේශලපාලන සත්වයෙකි." කියලා කියමනක් තියෙනවනේ. ඒ නිසා දේශපාලන ලිපි වෙනත් තැනකට මාරු කිරීම සාධාරණ නොවන දෙයක් බවයි මගේ හැගීම.
ටිකක් හිතලා බලන්න සින්ඩිය හැදුවෙ කවුද, මොකටද හැදුවෙ, ඔවුන් ඒකෙන් ලාභ ලබනවද කියලා. ඇත්තටම ඇඩ්මිනලට බනින අය කරන්නේ අනුන්ගේ ඉඩම් වලට ගිහින් අයිතිකාරයන්ට බනින මැරයින්ග් ජාතියේ වැඩක්
ReplyDeleteI agree with Gora and Taboo. This is bull$h!t. Even though I did not agree with some post of taboo, beyondframe, I enjoyed their writing style. I learned a lot from them.
ReplyDeleteBut taboo should write in Sinhala. We will visit him. He is one of the best sinhala bloggers we have.
දෙශපාලන BLOG කරුවනි. උබලා සිතා සිටින්නෙ උබලා පරම සත්‍ය අවබොද කරගෙන කියලද? අපි වගෙ පෘතක්ජනයන්ට එක කියල දීම තොපෙ පරම යුතුකම කියලද?
ReplyDeleteඅපි උබලව අමතක කරය් කියල බය වෙන්න එපා.
අපිට දෙශපාලනය ඔන වෙලාවට මෙ පැත්තට එන්නම්. අනිත වෙලවට නෑවිත් ඉන්නම්.
බොරුවට කන පතෙ රෙන්නෙ නෙතුව හිටපල්ල බන්.........
>මේආකාරයේ ක්රියාකාරීත්වයන් අතිශයින්ම මනෝමූලික නියුරෝසික තත්ත්වයක් මිස සැලැසුම් සහගත ක්‍රියාපටිපාටීන් නොවන බව හොදින් නිරීක්ෂණය කළහොත් දැකගත හැක.<
ReplyDelete+1
@තිසර
ReplyDeleteසුදත්ත සාදුගේ දිනපොත කියන මගේ පෝස්ට් වලින් සින්ඩිය කැත වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද ? අපි වගේ අයව දැනුවත් කරන එක ඔබතුමා වගේ ප්රවීණයන්ගේ යුතුකමක් මම හිතන්නෙ.
breaking news දෙනව වගේ blog ලියන අය 4-5 හින්දනෙ මේ කචල් එක එයාල ලියන blog එකකුත් නෑ.ලියන මිනිහට ලියන්න දෙන්නෙත් නෑ.
ReplyDelete@Any " බ්‍රේකින්ග් නෙව්ස් දෙනව වගේ බ්ලොග් ලියන අය 4-5 හින්දනෙ මේ කචල් එක එයාල ලියන බ්ලොග් එකකුත් නෑ.ලියන මිනිහට ලියන්න දෙන්නෙත් නෑ. "
ReplyDeleteඔව් මෙම තීරනයට හේතුව වෙලා තියෙන්නෙ ඔය කියනවිදියට 3 ක් 4 ක් වගේ බ්ලොග් ටිකක් හින්දයි , මේ තීරනේ නිසා ටැබූවගේ බ්ලොග් පත්තකට කරපු එකනම් මහ මොඩ තිරනයක් , මම දන්න හැටියට ටැබූ, beyondframe වගේ අයනිසා හුගක් අය බ්ලොග් ලියන්න පටන් අරගෙන තියෙනව අනිත් එක ඒ අය හුග කලයක් තිස්සෙ සින්ඩියෙ හිටිය එත් කිසි අවුලක් තිබුනෙ නැහැනෙ, ඔය අද ඊයෙ පටන් ගත්තු කඩකාරෙයො ටිකක් නිසා තමයි මෙ අවුල, හොදම දේ තමයි ඒවගෙ අය පමණක් ඡන්ද විමසීමක් කරල ඔයකියන කැටගරියට දාන එක
කාලිංග අයියා ඇතුළු සින්ඩියේ අයිතිකාරයින්ට මුකුත් කියන්න එපා ඒ අය සේවයක් කරන්නේ.
ReplyDeletetest
ReplyDeletewith great power comes great responsibility , eventhogh they created this syndicator , now its not belong to them,this is belong to everyone. so you should make wise dicisions. (but i also agree with their argument,even thogh BF and taboo blogs not in the home page people still visit that, so home page can use to promote new bloggers,in that sense they should remove all established blogs from home page, and that is fair )
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@ Anos + malith
ReplyDeleteඇයි බ්‍රේකින් නිව්ස් විදියට බ්ලොග් ලියන එක වරදක්ද?
ඔය විදියට බ්ලොග් ලියන්න guideline තියෙනවද?
රටේ ප්රජාතන්ත්රවාදයට සමාන්තරව SBU ප්රජාතන්ත්රවාදය අනතුරට ලක්වන්නේ ඒ ඒ පුද්ගලයින් මූකලන් වල සිට කොළඹ ඒමෙන් හටගත් පාරම්පරික හීනමාන සංකීරනයන් එළිපැත්තට ඒම නිසා බව බොහෝ වගකීමෙන් අපට ප්‍රකාශ කළ හැක. එය රටේ ප්රජාතන්ත්රවාදයට මෙන්ම බ්ලොග් ප්රජාතන්ත්රවාදයට කෙතෙක් බලපානවාද යන්න පිළිබදව වෙනමම අධ්‍යයනයක් සිදුකළ යුතුය. මේආකාරයේ ක්රියාකාරීත්වයන් අතිශයින්ම මනෝමූලික නියුරෝසික තත්ත්වයක් මිස සැලැසුම් සහගත ක්‍රියාපටිපාටීන් නොවන බව හොදින් නිරීක්ෂණය කළහොත් දැකගත හැක.
ReplyDeleteapinam colombo 7 royal collage ekata gihin neha.api game iskole gihin igena gatta un.apita a gena dukak ne.hebai ubata nam colombo wala inna ekek kiyala loku adi maanayak thiyanwa kiyalanam apita terenawa. api colombo awe mukalanaka idala wenna athi. ay mukalan wala minissu jeewath wenne nedda??? gora uba ithin hemadama kale JVP eke inna halparuwonta heluwen kade yana ekane.....anith eka kalingala SBU eka heduwe nethnam ubala thama ubalage thaththage sarame :P nikan gon part daaanna epa....LTTE eka wagema ratata winishayak genapu JVP ekatay uba kade yanne.eka api hodata dannawa...
me halo ano, sbu eka kiyanne macho, blog liyana un tika ekathu wela atawa gaththu ekak misak kalinga hari wena kenek hari atawagaththu pal kotayak neme. kalinga okata wadak karala thiyena eka aththa thamai halo. oya ano nama wath nodanna thawa mahathwaru okata oya widiyatama wada karala thiyenawa. oyage histiry danuma nam anthimai ne.
ReplyDeleteane halo, gora jeppanta kelala liyapu podt oya kiyawala na neda, ea hinda neda oya goraa jeppanta kade giya kiyanne, paw hariyata kiyawanna egena gannako, ano.
oyata thiyenna gami paramparika heenamanayak thamai, nathnam kiyala thiyena de anith paththata therum ganna wenne nane. halo, gami heena mane enne game epaduna hinda neme, moda widiyata hithana eken, hariyata oya wage hama dema anith paththata therum ganna aya laga thamai hodama udaharane thiyenne.
paw anooooooooooo
ඔය ඇවිත් ඉන්නේ මූකලන් බස්සෙක්. හීනමාන සංකීර්ණය හැර වෙනත් වචනයක් මෙම තත්වයට සාධාරණය ඉෂ්ඨ කරන්නේ නැහැ.
ReplyDeletemamanm kiyanne desapalana blog kiyala methana kawe oya "nuwaraPara" kaaraya. miniha liyanne monawada kiyala minihawath danne naha. ohe liyanwa. dawasata paha haya blog damanawa. anthime eka eka ewata kunuharupa comments damanna thiya gaththa. meka nisayi mama hithanne sindiya ketha une.
ReplyDeleteblog ekak liyanan onema kenekuta aythiya thiyenawa. ekata gameda kolabada kiyana getaluwak naha. thamanta kemathi de liyanna puluwan. samahara blog hariyata chat karana size ekata thiyenne. "nidmathay" bada giniy" ada mehe giya.. ada arahe giyaa owa mewa. ewa gane no comments.
technology gena blog liyawena eka hondayi. haebyi kata katath prayojanawath.. naethwua me thaman laga thiyena de gena kaiwaru nam wedak naha. udaharanayk hetiyata "mama den vista walin linux" walata maaru una kivuwata eka anith ayata karanna one kamak naha. e wagema samahra ayata owa karaganna mudaluth naha. ithin ehema naethwua kata katath wedagath dewal nam liyanne eke eathi weraddak naah.
taboosubject, beyondFrame wage blog honda widiyata adahas idiripath kala. ovun tharkaanu kulawa livuwa. nuwarapara wage amu amuwe kade yamak ethana thibune naha. wayamba withthi.. anam manam e wage.
hondama blog adawi monawada kiyalath oya kiyana admin mahaththuru kivuwoth thamayi honda. mokada eyala ganan theerana gena apita kiyanan baha ne. sindiya hadapu eka wenama deyak. eka use karana eka thawath deyak. kemathi aya sindiye inna puluwan. akamethi ayata yanna puluwan. mama hithanne ekayi kiyanne
ලියන්න මුකුත් හිතෙන්නෙ නැහැ. ඔයාලම හදාගත්තා. දැන් ඔයාලම බැන ගන්නවා. මම දන්න ආකාරයට, මම කරන ආකාරයට මගෙ හිතවත් බ්ලොග් වලට මම දවසකට එක පාරක් යනවා. සින්ඩියට එන්නෙ මොකද වෙලා තියන්නෙ කියලා බලන්න විතරයි. දෙශපාලන, කාලාකමී එහෙම කියලා නැහැ. එක නිසා මට නම් කියන්න තියන්නෙ. කොහොම තිබුනත් අවශ්‍ය කෙනා එක හොයාගන්නවා. ඔය හැමොම අපෙ මිනිස්සු, අපෙ දෙවල් ලියන්නෙ, කලු හො සුදු එවා අපි කියෙව්වෙ නැත්නම් කවුද කියවන්නෙ.. ඔන්න ඔහෙ ඔහොම්මම තිබුනාවෙ...
ReplyDeleteපසුගිය සති කිහිපය තුළ SBU ඇඩ්මින්ලාට කොන්දේසි විරහිතව කඩේ ගිය, Lankan thoughts | ලාංකීය සිතුවිලි ලියන තේජාන් නැමැති උරුලෑවා දැන් මෙසේ කියයි.
ReplyDelete/මගේ බ්ලොග් එක දේශපාලන බ්ලොග් එකක් ලෙස හංවඩු ගැසූ SBU එකෙහි පරිපාලකයන් ගැන ඇති වී ඇති තවමත් පහකර ගන්නට නොහැකිව සිටින අප්පිරියාව හා කරකවා පොළොවේ ගැසුවාක් වැනි වූ හැඟීම මැදින් වෙනත් යමක් ලිවීමට සිතීමි. SBU යනු සංගමයක් ලෙස අප හැමෝගෙම සහභාගිත්වයෙන් දියුණු වන යමක් ලෙස හිතාගෙන හිටි මට ඒක එහෙම නොවන බවත් ඉන්න පරිපාලකයන්ගෙනුත් බ්ලොග් ලියන්නන්ගෙනුත් highlight වන්නේත් විය යුත්තේ IT profession ලා කිහිප දෙනෙක් විතරක් බවත් ගේ සියල්ල හැසිරවෙන්නේ ඒ වුවමනා එපා කම් වලට හැසිරවෙන යමක් බව තේරුම් ගන්නට සිදුවීම එක්තරා සරදමක් ලෙසත් මට දැනේ. /
අපි කියන්නේ මෙච්චරයි.
නුඹ නාඩං නුඹ නාඩං නුඹට ඕව හොඳ පාඩං.
ඇත්ද කඩේ ගියාට උඹට හම්බ උනා?
දැනට චමිල හා පහන් (උම්මත්තක) එක පිලක් වී සිටිනවා UCSC එක තුල. සකුන්තල හා එකට එක දීව ගාගෙන සිටි මේ අය දැන් වෙන් වී ඇත. දැනට චමිල හා (මැටිපහන් කීම වඩාත් නිවැරදියි. උ.ගැ. මකබාස් )පහන්, චමිල් UCSC එක තුල බක පන්ඩිතයන් ලෙස සලකනු ලබයි. පහන් චමිලගේ ඕනැම කීමට හිස නවාගෙන සිටින්නෙකි. කොන්දක් නැත. අන්තර්ජාලයේ චන්ඩිය. දැනට එළකිරි අඩවිය එක්ක වගේම මේ වගේ පහත් වලියක් කලට පෙර ඇදගෙන නෑවා මතක ඇති.
ReplyDeleteතවද මේ දෙදෙනාම පොර වීමට කැමතියි. එම නිසා යන යන තැන වලි දමාගැනීම සිරිතකි. දැනට මේ අය හදන්නේ සකුන්තල එක්ක ඇති තරහ පිරිමැහීමේ මඩ ගැසීමකටයි. මොක්ද මැටි පහන්ගේ වචන වලින් කිවුවොත්. "උට කලින් බ්ලොග් ලිවුවේ මම. උබව බ්ලොග් ලියන්න පුරුදු කරේ මම. ඒක නිසා මමයි SBU එකේ ඇඩ්මින් කෙනෙක් වෙන්න ඕනේ" කියා ඔහු කෙලින්ම ඉන්ද්රිනාමට පවසා තැත. දැන් ඉරිසියාව තවද වැඩීවීඇත. මක්නිසාද සකුන්තලටද දැන් SBU එකේ ඇඩ්මින් කෙනෙකු නිසා.
කට්ටියට මතක ඇති කලකට පෙර මැටිපහන් සකුන්ලට එකට සිට බ්ලොග් එකක් ලියා මඩ ගැහුවා. මේය අපිට පුදුමයක් නොවෙ. මොවුන් දෙදෙනාට කිසිම පුද්ගලයන් සමග එට සිට්මේ හැකියාවක් නැත. එකට සිටිය අයට මෙලෙස මඩ ගහනවානම්.... සිතන්න... මේ අය සමාජයට කරන සේවයක් නැත. සේවයක් කරන කෙනෙක් ඇත්නම් ඒ අස්සට රිංගගෙන ලකුනු දමාගැනීම තමයි කරන්නේ. (උදා: Firefox වල සිංහල යතුරුලියනය කරන plugin එක.) මැටි පහන දන් එය තමන් කල දෙයක් මෙන් පෙනී සිටියි. හේතුව "මමයි ඔය අදහස දුන්නේ" මෙය සෑදූ කෙනා නිහතමානී නිසා මේ ගගන කතා නොකරයි.
රටට ජාතියට සේවයක් නොකර මේ අය තම අයිතිවාසිකම් ගැන කතාකරයි. මේ අය ලන්කරගන්නේ බලාගෙන. අර කතාවක් තියනවානේ නයි ඔඩොක්කුවේ දාගෙන කෑවෝ වෑවෝ කියන්න් එපා කියලා.
කාලිංග කියන්නේ බිස්නස් කාරයෙක්. එයා SBU එක විකුණගෙන කනවා. දැන් ශාකුන්තල ඉන්ද්රනාමගෙන් සද්දයක් නැත්තේ උන්ටත් කරපු ගොන්කම් තේරුනු නිසා. යූසීඑස්සී මල්ලිලා කෑගහපු එකෙන් කාලිංගට බඩේ පාර වදින්න ආපු නිසා බොරු චෝදනා ටිකක් දාලා උන් ටික පැන්නුවා. සිංහල බ්ලොග්කරුවන්ගෙන් කොන්ද පන ඇති එවුන් ඉන්නේ බොහොම ටික දෙනයි අනිත් සේරම සැබෑලෝකෙ පොන්න යක්කු.
ReplyDelete