සිංහල බ්ලොග් කියවනයේ දේශපාලනික සටහන් විසින් සිංහල බ්ලොග් කියවනය අවලස්සන වී ඇතැයි
යන්න හේතුකොටගෙන දේශපාලන බ්ලොග් සටහන් සියල්ල ප්‍රධාන පිටුවෙන් ඉවත්කොට අනුපිටුවකට යවා ඇත.
"මෙවැනි දේශපාලනික මඩ නිසා සින්ඩිකේටරය බැලීමට පවා අප්‍රසන්න වී ඇතැයි අපට සින්ඩිකේටරයේ පාඨකයන් විශාල සංඛ්‍යාවකගෙන් පැමිණිලි ලැබීම"(සැබැවින්ම එසේ මඩ ගසාගන්නා එවාට අකමැති අය ඉන්නවා කියන කාරණය විහිළුවකි. පසුගිය කාලයේ රූපවාහිනී දේශපාලනික වැඩසටහන් වඩාත් පනප්‍රිය වූයේ ඒවාගේ න්‍යායාත්මක කාරණා කතා කළ නිසා නොව ඒවායේ මඩ තිබුණු නිසාය.)
අනෙක් අතට සින්ඩියට ඇති හිට්ස් සංඛ්‍යාවේ පහළ යාමක් ගැනද දක්වා ඇති අතර එයද ඊට හේතුව ලෙස මෙකී දේශපාලනික බ්ලොග්කරුවන්ගේ ක්‍රියාදාමයන් හේතුවිණැයි කිසිම අධ්‍යයනයකින් තොරව පවසා ඇත. මන්ද පහුගිය කාලයට පුරාවටම වැඩිම හිට්ස් ලැබෙන්නාවූ සිංහල බ්ලොග්ස් අතර බයිස්කෝප්.lk හැරුණුකොට වඩාත් ඉදිරියෙන්ම තිබුණේ Taboosubject, Beyondframe වන නිසාය. ඒ හැරුණු කොට "පන්හිද සමග" ද ඉතා ඉහළ ප්‍රතිචාර ලද බ්ලොග් අතර තිබුණි. ( හැකිනම් මෙකී දේශපාලන බ්ලොග් වෙනස් පිටුවකට දැමීම සදහා ඇඩ්මින්වරුන් අතර පැවතුණු සංවාදය ඉදිරිපත් කරන මෙන් අභියෝග කරමු. )
එසේ ඉවත් කොට ඇති බොහෝ බ්ලොග් අතර ඇත්තේ මේ මොහොතේ මා දරණ දේශපාලන ස්ථාවරයට විරුද්ධ මතවාදයක් වුවද, ඔවුන්ගේ අදහස් දැක්වීමේ අයිතිය සහ ඒවා සංවාදයට ලක්වීමේ අවශ්‍යතාව අවධාරණය කරමි.
මේ පිළිබදව මා තැබූ කමෙන්ටුව පහත දැක්වෙන
.හ්ම්ම්… දේශපාලනයට අකමැති පිරිස් (අදේශපාලනික) බොහෝමයක් බ්ලොග් අවකාශයේ ඉන්න බව පේනවා. ඒක හින්දා වෙනමම දැම්ම එක කමක් නෑ කියලා කියමුකෝ. ඒත් ඇයි මේ තාක්ෂණික බ්ලොග්ස් වෙනමම දාන්නේ නැත්තේ. මටනම් හිතෙන්නේ බහුතරයකට ඒවගේ තියෙන ඒවා වැඩක් නැහැ. කැමති අයට බලන්න කියලා වෙනමම ගෲප් එකකට දැම්මනං හරිනේ. අනිත් එක පුද්ගලික දිනපොත්, ඔය එක එක්කෙනාගේ පුද්ගලික ඕපා දූප ප්‍රසිද්ධ කරන එක කොච්චර සදාචාරවාදීද? මට නං හරිම අප්‍රිය වැඩක්. ඉතිං ඇයි ඒ වගේ බ්ලොග්ස් වෙනමම කැටගරයිස් කරන්නේ නැත්තේ? අනුන්ගේ කුණු කන්දල් බලන්න ඕන එවුන්ට ඒක තියෙනවා. ලංකාවේ බ්ලොග්කරුවන් විකල්ප වෙන්න හදනවද කියල නම් මට තේරෙන්නේ නැහැ. ඒත් ලෝකෙ තියෙන්නේ වැඩිපුරම දේශපාලනික තේමාවන්ගෙන් ලියැවුණු බ්ලොග් කියලයි technorati.com එකේ තියෙන්නේ. ඒත් ඉතිං නඩුත් හාමුදුරුව්නගේ, බඩුත් හාමුදුරුවන්ගෙනේ….චීන පොරවල් ටිකකුත් ඇවිත් ඉන්න එකේ ඇඩ්මින් මහත්තුරු බයවෙලා වගේ.
දේශපාලන සංවාද ගොඩනැගීම සදහා සිංහල බ්ලොග් කියවනය තුලින් ලද ඉඩකඩ අතිමහත්ය. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සමාන්තරව SBU ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්වන්නේ ඒ ඒ පුද්ගලයින් මූකලන් වල සිට කොළඹ ඒමෙන් හටගත් පාරම්පරික හීනමාන සංකීරනයන් එළිපැත්තට ඒම නිසා බව බොහෝ වගකීමෙන් අපට ප්‍රකාශ කළ හැක. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම බ්ලොග් ප්‍රජාතන්ත්‍රවාදයට කෙතෙක් බලපානවාද යන්න පිළිබදව වෙනමම අධ්‍යයනයක් සිදුකළ යුතුය. මේආකාරයේ ක්‍රියාකාරීත්වයන් අතිශයින්ම මනෝමූලික නියුරෝසික තත්ත්වයක් මිස සැලැසුම් සහගත ක්‍රියාපටිපාටීන් නොවන බව හොදින් නිරීක්ෂණය කළහොත් දැකගත හැක.
එහෙයින්, සායනික රෝග තත්ත්වයන්ගෙන් පීඩා නොවිදින ඇඩ්මින්වරුන්ගෙන් සහ පක්ෂ විපක්ෂ දේශපාලන අන්තර්ගතයන් සහිත බ්ලොග්කරුවන්ගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ පැත්තක් පණනැති එවන් ඉදිරිපිට දණ නොගසා කොන්ද කෙළින් තබාගෙන "අන්තර්ජාල " මාධ්‍ය තුල ඇති සුවිශේෂී ලක්ෂනයන් පිළිබදව අවධානයෙන් වඩාත් යහපත් හෙටක් සදහා බ්ලොග් අවකාශයට ක්‍රියාකාරී සහයෝගය ලබාදෙන ලෙසය .
26 comments: