Sunday, June 13, 2010

කලකට පස්සේ - "ඃලංකා ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක්"


පිංතූරය - http://www.bbc.co.uk/totp2/features/wallpaper/images/1024/madness.jpg

දීර්ඝ කාලීන නිහැඬියාවක්......... බ්ලොග්කරණය කියන මාධ්‍යයට ලංකාව වගේ රටක තියෙන අනන්තවත් සීමාකම් තියෙනවනේ, අපේ ජීවිත වලටත් ඒවා බලපානවා. ඒත් මේක දාලා යන්න හිත හදාගන්න බෑ...මාස 03කින් අප්ඩේට් නොකරොත් එහෙන් අයින් කරා, මෙහෙන් අයින් කරා කියන අවදානම හින්දා තමයි මේ සටහන ‍ලියන්නෙත්.

පසුගිය කාලේ මෙන්ම මේ අපි ගෙවමින් ඉන්න කාලසීමාවත් ලංකා ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් වෙයි කියලා ලේඛකයට විශ්වාසයක් තියෙනවා. ඒකට කරුණු කාරණා ගොඩාක් තියෙනවා.
  1. ඉදිරියේ පැවැත්වෙන ව්‍යවස්ථා සංශෝදනයෙදි එක් පුද්ගලයෙක්ට ජනාධිපතිවරයෙක් වීමට ඇති සීමාකම් ඉවත් කිරීමක් සිදුවේවි.
  2. මැදමූලන අශිෂ්ඨ ප්‍රසිද්ධ හැසිරීම ලංකාවේ රාජතාන්ත්‍රික පෙනීසිටීම බවට ජාත්‍යන්තරව සංකේතවත් වීම.
  3. ලංකාවේ පිම්බුන ආර්ථික වර්ධනය නම් බෑලූනයට විසඳුමක් හැටියට ගැනෙන්න පුළුවන් සමාජ ආර්ථික ක්‍රියාවලියක් යෝජනා නොවීම හරහා අතිරික්තයෙන් වන පීඩනය තව තවත් උග්‍රවීම.
  4. රාජපක්ෂවරු නොවන සියල්ලන්ට ආණ්ඩුවේ අනන්‍යතාවක් හිමි නොවන හෙයින් ඔවුන් තමන්ගේ ගොඩ වැඩිකරගැනීමේ ක්‍රියාදාමයකට අවතීර්ණ වීම.
  5. උතුරේ ප්‍රශ්ණ "ගසාකෑම" හා බලය යොදවීම වගේ කාරණා හරහා විසඳන්නට හදනාවා මිසෙක, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට නොයෑම නිසා තව දුරටත් කුණු වීම...
ප්‍රශ්ණ ව‍ශයෙන් ගත්තොත් ඉතා දීර්ඝ වැලක් තියෙනවා.
ඉදිරියේදී අපි මේවා එකින් එක අරගෙන කතා කරමු.

6 comments:

  1. ඔය කියන සංදෙධනයේ මහජනයා අකමැති තැන් තිබුනොත් ඒවාට අකමැත්ත ප්‍රකාෂ කරලා ඒවා වෙනස් කරන්න බලපෑමක් කරන්න මහජනයාට ඉඩක් ලැබේවිද . . ?

    ReplyDelete
  2. ඔය කියන මොන සංශෝදනය ආවත් ලංකාවේ ඉන්න ඔය "මහජනයා" කියන එවුන්ටනං මෙලෝ හැඟීමක් ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි. මොකද මේ වෙද්දි මහජනයෝ ටික ඔක්කොම තමන්ගේ සිවිල් අයිතිවාසිකම් අවුරුදු 06ක් බද්දට මහින්ද රාජානන් වෙත ලියලා දීලා ඉවරයි. ඒ අවුරුදු 06 සින්නක්කරව ලියාගන්න හැටි ගැන තමයි දැන් රාජපක්ෂතුමා හිතමින් ඉන්නේ. තමන්ගේ මාළු තමන්ගේ ඇඟේම තියලා කපන්න දෙන වෙස්සන්තරවාදී පිංගුත්තර පිරිසක් වන අපේ "මහජනයෝ" රාජපක්ෂතුමාට ඒ ටිකත් කරගන්න දීලා ඇඟරිද්දගන්නේ නැතුව පැත්තකට වෙලා ඉඳීවි.

    ඒත් ඉතිං ඔයවගේ කුපාඩි කම් කරනකොට ඇඟකහන පිරිසට නම් ඉස්සරහට හොඳට ඇඟරිද්දගන්න වෙනවා. එතකොට බ්ලොග් අවකාශයෙන් බිමට බැහැලා මහපොළොව මත වැඩකරන්න වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි.

    වියන්ගොඩ මහත්තයා කියනව වගේ අපි ඉස්සෙල්ලම කරන්න ඕන හොඳ "මහජනයෝ" ටිකක් පත්කරගන්න එකයි.

    ReplyDelete
  3. ඔය කියන මොන සංශෝදනය ආවත් ලංකාවේ ඉන්න ඔය "මහජනයා" කියන එවුන්ටනං මෙලෝ හැඟීමක් ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි. මොකද මේ වෙද්දි මහජනයෝ ටික ඔක්කොම තමන්ගේ සිවිල් අයිතිවාසිකම් අවුරුදු 06ක් බද්දට මහින්ද රාජානන් වෙත ලියලා දීලා ඉවරයි. ඒ අවුරුදු 06 සින්නක්කරව ලියාගන්න හැටි ගැන තමයි දැන් රාජපක්ෂතුමා හිතමින් ඉන්නේ. තමන්ගේ මාළු තමන්ගේ ඇඟේම තියලා කපන්න දෙන වෙස්සන්තරවාදී පිංගුත්තර පිරිසක් වන අපේ "මහජනයෝ" රාජපක්ෂතුමාට ඒ ටිකත් කරගන්න දීලා ඇඟරිද්දගන්නේ නැතුව පැත්තකට වෙලා ඉඳීවි.

    ඒත් ඉතිං ඔයවගේ කුපාඩි කම් කරනකොට ඇඟකහන පිරිසට නම් ඉස්සරහට හොඳට ඇඟරිද්දගන්න වෙනවා. එතකොට බ්ලොග් අවකාශයෙන් බිමට බැහැලා මහපොළොව මත වැඩකරන්න වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි.

    වියන්ගොඩ මහත්තයා කියනව වගේ අපි ඉස්සෙල්ලම කරන්න ඕන හොඳ "මහජනයෝ" ටිකක් පත්කරගන්න එකයි.

    ReplyDelete
  4. වෙල්කම් වෙල්කම්!
    @ දුකා -
    ආයි ජහමනයා කියන්නෙ අවුරුදු 6කට සයිලන්ට් ෆැක්ටර් එකක්.මුලු ජාතියේ ඉරනම අවුරුදු 6කට රට බේරා ගත් මහාවීර පවුලට බාර දුන්නා නෙව.දැන් ඉතින් විදවපන් බලලෝ තමයි.

    ReplyDelete
  5. සුද්දෝ ටිකක් ඉන්න පොටෝ එකක් දාලා ලංකාවේ - මහජනයා - ගැන තරහෙන් කතා කරනවා...

    යටි හිතේ වැඩ කරන්නේ මොනවද දන්නැ...

    ReplyDelete
  6. @ Accurate reporting on Sri Lanka,
    ලංකාවේ පටු සිංහල බෞද්ධ චින්තනයට උදාහරණයක් සැපයුවාට ස්තූතියි.
    මම හීනෙකින් වත් හිතුවේ නැහැ සුද්දොන්ව උස්සල තියන්න. ඇත්තටම වෙලා තියෙන්නේ එක අතකින් සුද්දොන්ට අවමානයක් කරන දෙයක්. මොකද බලන්න ඔය සුද්දෝ ටික අල්ලගෙන ඉන්න අකුරු ටික. තමන්ගේ පටු චින්තනයන් ඔස්සේ ලෝකය දිහා බැලුවම පෙන්නේ ලෝකෙන් බාගයයි. කන්න ඕන උනහම කබරගොයත් තලගොයා කරගෙන කෙළිනවා හතර වටේටම....

    ReplyDelete