Monday, June 28, 2010

මහාචාර්ය ජගත් වීරසිංහත් රාජපක්ෂ තුරුලටද??


දැන් ලංකාව ශුද්ධ වූ ඒකීය රාජ්‍යයකි. එහි එකම නායකයා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂය. මෙහි පවතින එකම මතවාදය රාජපක්ෂවාදයයි. සුවිශේෂීත්වය නම් මෙකී මතවාදය නියෝජනය කරන්නන්ගේ ඇති විවිධත්වයයි. එක් පසෙකින් මාක්ස්වාදය, ට්‍රොස්කිවාදය, පශ්චාත්නූතන වාදය අදහන පිරිස් සිටියදී ඔවුන්ට සම්පුර්ණයෙන් ප්‍රතිපක්ෂ ජාතීවාදී, වර්ගවාදී, සිංහලනාසිවාදීන් අනෙක් පසින් සන්නද්ධව ඇත. අනෙක් පැත්තෙන් සියළු නළු නිළියන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද බොහෝමයක් ඇතුලත්ය.

රාජපක්ෂවාදය එක් පසෙකින් ලංකාවේ සාමාන්‍ය ජනයාගේ ජීවන මට්ටම අපහසුතාවයට ලක්කරන ගමන්ම අනෙක් පසින් රෙජීමයට විරුද්ධ පිරිස් අවශෝෂණය කරගනිමින් සිටියි. යුද්ධයට පක්ෂ වූවන් මුලින් ආකර්ෂණය කරගත් ඔවුහු යුධ විරෝදීන්ද තමන් දෙසට නම්මවා ගනිමින් සිටියි.

මීට ආසන්නතම නැමියාවක් දක්වමින් සිටින්නේ මෙරට ප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු මෙන්ම පශ්චාත් පුරාවිද්‍යා අධ්‍යයතන ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජගත් වීරසිංහය. ඔහු විසින් රාජපක්ෂකරණය වී ඇති බවට සෘජු සාක්ෂි නැතත් පසුගිය දින වල ඔහු විසින් දිගින් දිගටම ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති හා සම්බන්ධ වූ අතර ජනමතය හසුරුවන වැඩසටහන් වලද පෙනී සිටියි.

සාමය වෙනුවෙන් ස්ථාපිත වූ ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ චිත්‍ර හා මූර්ති ශිල්පය හා සබැඳි ප්‍රබලතම රාජ්‍ය නොවන සංවිධානය හා කලා එකතුව වන තීර්ථ කලා එකමුතුව හරහා සාමය විකිණූ ඔහු යුද්ධය හා ජාතිවාදය, වර්ගවාදය තම ධර්මය කරගත් රාජපක්ෂ හවුලේ සෘජු ප්‍රකාශකයා වන ජාතික රූපවාහිනිය හා සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැටළුවකි.

කලාව සම්බන්ධයෙන් මහාචාර්ය ජගත් වීරසිංහ හට අභියෝග කිරීමක් මෙහිදී සිදුනොවුනත් ඔහු විසින් ලංකාවේ යුද්ධය භාවිතාවෙන් රැස්කරගත් මුදල් (ලංකාවේ යුද්ධයක් නොතිබුණේ නම් හෝ ඔහු සාමය වෙනුවෙන් පෙනී නොසි‍ටියේ නම් මෙකී මුදල් නොලැබෙන බව අනිවාර්යයකි) වල වත් ගෞරවය නොතබා ලද අවස්ථාවෙන් රාජපක්ෂ හා එක්වන්නේ නම් ජගත් වීරසිංහ යනු කොතරම් දක්ෂ කලා ශිල්පියෙකු වුවද ඔහුගේ මනුෂ්‍යත්වය පිළිබඳව ප්‍රශ්ණාර්ථයක් හටගනී.

ජගත් වීරසිංහ කොතෙක් දුරට රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටීද යන්න කිව නොහැක. අවශ්‍ය නම් තමන්ගේ පොරටෝක්, න්‍යායාත්මක මතවාද තබාගනිමින් රාජපක්ෂගේ පිට කස කසා සිටි‍මේ තෝරාගැනීමක්ද රාජපක්ෂවාදය තුල ඇති නිසා ඒ හා එක්වීමට එතරම් අපහසු වන්නේ නැත. අභියෝගය නම් කිසිඳු ලාභ ප්‍රයෝජනයක් නොගනිමින් (එන්ජීඕ වලට නොවිකුණමින්) සැබෑ මනුෂ්‍ය වර්ගයාගේ උන්නතිය උදෙසා පෙනීසිටීමට අවශ්‍ය හෘද සාක්ෂිය ආරක්ෂාකර ගැනීමයි.

5 comments:

  1. හිතන්න යොමුකරවන අගනා ලිපියක්
    රාජපස්ස චින්තනේ ඕනම මතයක් වෙනුවෙන් පෙනී ඉන්න මිනිසුන්ට ඉඩ තියනවා
    ඔකේ ඉඩ නැත්තේ හෘද සාක්ශියක් (හෝ ලැජ්ජා නහරය )තියන මිනිස්සුන්ට විතරයි

    ReplyDelete
  2. So according to your logic any one supports MR is a "Bath Gotta"?

    ReplyDelete
  3. @ විභූති

    ලැජ්ජාවක් තියෙන උන් ඉන්න ඇත්තෙ නන්දිකඩාල් වෙච්ච එකා එක්ක වෙන්නැති?

    ReplyDelete
  4. @ SL,
    රාජපක්ෂට ස්වාධීනව, ප්‍රගතිශීලින්ද සහයෝගය දැක්වූ කාලයක් තිබුණි.(සාපේක්ෂ ප්‍රගතිශීලිත්වයක්) මේ වන විට රාජපක්ෂට සෘජු සහයෝගය දක්වන්නේ හුදු පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් සහ අන්ධ යුධකාමීත්වයෙන් මත්වූවන් පමණි.

    @ ඇනෝ,
    ලැජ්ජාවක් තියෙනඋන්ට අවකාශයක් රාජපක්ෂ ඉතිරි කොට නැත. එක්කෝ රාජපක්ෂ වෙනුවෙන් පතිවත විනාශ කරගත යුතුය. නැතිනම් පතිවතද සමඟින් කැලෑ වැදිය යුතුය.

    ReplyDelete
  5. What Happened to Jagath??????????????????????????

    ReplyDelete