Saturday, March 6, 2010

මෙදා පාර ගෝමිණී ලකුගේට බබා හම්‍බවෙයි....දැනටමත් හිඟා කකා ඇවිදී


ලංකාවේ රාජ්‍යත්වය අවසන් වෙලා පාර්ලිමෙන්තු ක්‍රමයක් ඇති වුණාට පස්සේ බිහිවුණු වැඩිම කම්බචෞර ක්‍රීඩා ඇමති ගෝමිණී ‍ලකුගේ (කම්බචෞර කීර්තිනාමය දරණ්නන් වැඩිම පිරිසක් බිහිකළේ චින්තන ආණ්ඩුවයි) මේ දවස්වල ඉන්නේ හරිම කනස්සල්ලෙන්. ඒ තමන්ගෙන් පස්සේ එන 10වැනි පරම්පරාවටත්, තමන්ගේ මීළඟ බිරිඳටත් (නීත්‍යානුකූල නොවන) හරි අමාරුවෙන් කීයක් හරි කොමිස්පාරක් ගහනවා කියලා තිබුණු අහිංසක බලාපොරොත්තුවට කණකොකා අඬන හින්ඳයි.

චින්තන ලොක්කා තමන්ගේ පවුලට මුළු රටම ගොඩදාගන්න කොට යූඇන්පීයෙන් පැනපු මේ හංගඳයා මෙච්චර කෙලී කියලා පචආයුධයාවත් හොරෙන් කිව්වේ නෑ නොවැ. මේ ගඩ්ඩා අන්තිමට ක්‍රිකට් පාලක මණ්ඩලෙන් විතරක් නෙවෙයි අනිත් හැම එකකින්මත් කෙළලා අන්තිමට සාක් එකේදි කවදාවත් නැති විදිහට බළු විදිහට පැරදුණා.

ගෝමිණියට කෙළින්න බළල් අතක් හොයලා දුන්නේ කෝච්චි ඩලස්ලු. හිටපු රැජිණගේ ඩ්‍රයිවර් වෙලා ඉඳලා ඇමති පට්ටමක් දක්වා ඇවිත් මිනියකුත් මරපු කන්දන චත්‍රීව වැඩේට සෙට්කරා ගෝමිණියව එලොව යවන්න. කැස්බෑවේ යූඇන්පී එකෙන් ඡන්දෙ ඉල්ලලා පැනපු ගෝමිණියා කැස්බෑ‍වේ බුලත් කොලෙන් ඉල්ලන අතරේ එහෙ හිටපු බුලත්කොලේ සංවිධායකයාව ඡන්දේ ඉල්ලන්න දැම්මම තමන්ට කෙළවෙන බව ගෝමිණියා කොහොමටත් දන්නවා. ඒක හින්දනේ මූ දැන් මට්ටක්කුලියෙ ඉදන් වත්තල දක්වාම පෝස්ටර් ගහන්නේ.(වත්තල අයිති කොළඹට නොව ගම්පහටය)

ජීවිතේ මෙච්චර අවධානමකට දාගන්නෙත් නැතුව පුරුදු‍ වෙන්න ගසාකන්න පුළුවන් ක්‍රීඩා පුටුව ඊළඟ කැබිනට්ටුවෙදි යුවරජ කුමාරට දෙන්න ඉන්නවා කියල ආරංචියි. අවුරුදු සීයකට ගහපු ප්ලෑන් එකේ හැටියට සල්ලි ගහන්න ෆ්‍රැක්ටිස් කරන්න හොඳම තැන මේක කියලයි පවුල් සභාවෙන් අඳුරගෙන තියෙන්නේ. ඒකට අවශ්‍ය විශේෂඥ දැනුම මෙන්ම බළල් අත විදිහටත් සනත් ගොයියා කටයුතු කිරීමට නියමිතයි.

‍ගෝමිණී ලොක්කා මේ දවස්වල "මටත් චුට්ටි මනාපයක් දෙන්න" කියලා හිඟමනට වැටිලා ඉන්නේ මිනිහගේ කේන්දරේ ප්‍රශ්ණයක් හින්දලු. තමන්ට රේස් ඔට්ටුවලට වඩා වාසි දායක ක්‍රීඩා පුටුවට දතකට මැදගෙන බලං ඉන්න රේස්තිලංගට "හුප්පේ" කියලා තමයි කියන්න වෙන්නේ........

8 comments:

  1. ගෝරා,
    ලොකුගේට විතරක් නෙමේ. මේ පාර ගොඩක් දෙනෙක්ට ෂොට් එක හම්බෙන්න නියමිතයි. නුවරින් ඡන්දෙ ඉල්ලන ආණ්ඩු පක්ෂයේම හිටපු සහ දී.මූ නොදමා උඩින්ම දිනවන්න මහින්දත් උත්සහ කරන මහින්දානන්ද වැඩිම මනාපයෙන් දිනන්න හදද්දි මෙතෙක් මහනුවර එජාප වැඩිම මනාප ලැබූ කෙහෙළිය නොපරදින්න උත්සහයක නිරත වෙයි. අමුණුගමත් යම් දෙගිඩියාවක සිටියි. කෙසේ වුවද මෙවර ෆයිසර් මුස්තාපාට නම් ගෙදර යෑමට වන බව පැහැදිලිය. කෑගල්ලේද මෙම තරඟය දරුණුවට පවතී. කොහොමත් කීප දෙනෙක්ටම මෙවර පාර්ලිමේන්තු සිහිනය බොඳ වන බවනම් ෂුවර්ය.

    ReplyDelete
  2. ගොරා/හශාන්,
    මිනිස්සු කාටද දැන් චන්දෙ දෙන්න ඔනෙ?
    වටේ යන්නෙ නැතුව කෙලින් කියන්න. UNP එකටද? DNA එකටද?

    ReplyDelete
  3. මේවා කියලා වැඩක් නැතෝ................ හොද හොද සෙල්ලම් පසුවට.

    ReplyDelete
  4. දැනට නම් ලොකුගේට අවාසි දායක තත්වයක් (මනාප අතින් නම්) නැති බව පෙනේ.

    ReplyDelete
  5. කොලඹින් නම් 2ක් 3ක් එලියට විසි වෙන එක නම් ඉර හඳ වගේ විශ්වාසයි. ඔය 3ට ලොකුගේ සුසිල් දිනේශ් අයිති වෙයි කියලා මම නම් හිතන්නේ. මොනා නැතත් ඌරුවන්ශ දෙවනියා කරලා දුමින්ද එක වුනොත් ලොකු දෙයක් !

    ඇනෝ අහලා තිබ්බනේ DNA ටද UNP ටද ඡන්දේ දෙන්න ඔනේ කියලා. ජේවීපී එක එදා කරපු වැරදි වලට තමා ඔය දඬුවම් විඳින්නේ. සරත් ගැනත් කියන්න තියෙන්නේ ඒකම තමා. ඒ හින්දා සරත්ව නිදහස් කරගෙන රට දියුනුවට ගෙනියන්න අලියම තමා දිනන්න ඕනේ !

    ReplyDelete
  6. ane paw appa . . lokuge kambachora mahattayage 10weni paramparaawa goda yawanna ona nisaa me paara th ethumaawa kohoma hari goda daamu . .. hiks

    ReplyDelete
  7. මොන පක්ෂේ උනත් කමක් නැහැ.
    බහුබූතයෝ ටික නම් එලවන්න ඕනේ.

    ReplyDelete
  8. Duminda 1 wei kiyala hithanawa.. lokuge Eliye

    ReplyDelete