Sunday, March 14, 2010

සරත් ෆොන්සේකා හිරබත් කමින් දුටු අබුද්දස්ස සිහිනය...............




සරත් ෆොන්සේකා එක්වරම ගැස්සී ඇහැරුණේ ඔහු නිදමින් සිටි නාවික හමුදා රැඳවුම් කඳවුර වටේට ඇසෙන දැඩි ඝෝෂාකාරී ශබ්ධය නිසාය. පසුගිය මාසයක කාලයක් තිස්සේ ඉර එළියක් නොදැක සිටි ඔහුට එක්වරම මතක් වූයේ ලසන්ත ඝාතනය හේතුකොට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වූ උද්ඝොෂණයේ ශබ්දයයි. එක්වරටම ඔහුට කෑම ගෙනත් දෙන ආරක්ෂකයා ‍ජනරාල්වරයා ඉදිරිපිට පෙනී සිටියේය.

"සර් මාර වැඩේ නේ වෙලා තියෙන්නේ" තමන් හිටපු හමුදා මාණ්ඩලික ප්රයධානියා වුවද සර් නොකියා ඔයා‍ මෙයා කියා ආමන්ත්රනණය කළ නාවික හමුදා භටයාගේ "සර්" යැයි ආමන්ත්රවණය කිරීම ගැන ජනරාල්ට පුදුම හිතිණ.

"ඇයි මොකද?" මෙතෙක් කලක් නාවික හමුදා පණිවුඩකරුවන්ට එතරම් අවධානයක් යොමුනොකළ ‍ජනරාල් වරයා ඇසුවේය.

"සර්ලා මහ ලොකුවට පාටි දාලා, කිරිබත් කාලා සැමරුවට නන්දිකඩාල් වලදි මරලා තියෙන්නේ ඇත්ත ප්රාභාකරන් නෙවෙයිලු" නාවිකා හමුදා භටයා ඉවසුමක් නැතිව තිබූ පණිවුඩය ජනරාල්ට කීවේය.

"නෑ" ඒකවරම තරහෙන් පුපුරා ගිය ජනරාල් ශබ්දය අවසන් කරන විට සතුටින් ඉපිලී ගොස් සිටියේය. ඒත් ඔහු එක්වරටම නාවික සෙබලා විශ්වාස කළේ නැත.

"පළයන් බං යන්න....දැං උඹල හදන්නේ මං කරපු දේවලුත් නෑ කියල කියන්නද?" ජනරාල් එකවර ලද පුවත නිසා විසිරෙමින් පැවති හැගීම් අතරින් ප්ර කාශ කළේය.

"නෑ සර් ඇත්තමයි!! බොරුනං වෙන කාගෙන් හරි අහන්න, ඇත්ත ප්රනභාකරන් එරිත්රිායාවේ ඉඳලා වීඩියෝ එකකුත් එවලා....දැං දෙමළ මිනිස්සු මාර අප් වෙලා ඉන්නේ...මේ නේවි කෑම්ප් එකත් වට කරලා තියෙන්නේ, දෙමළ මිනිස්සු වගයක්..ඒ මිනිස්සු ඔබතුමාව ඉල්ලනවා"

"නෑ.... ඒක වෙන්න බෑනේ, කරුණත් කිව්වනේ මැරිලා තියෙන්නේ ඇත්ත ප්රවභාකරන් කියලා... ඇයි මේ දෙමළ මිනිස්සු"

"අයියෝ සර්...ඔච්චර අත්දැකීම් තිබිලත් කරුණව විශ්වාස කරනවද? ඕකා දිව හැරුණු හැරුණු අතට කතා කරනවා මිසක්, කවදාකවත් ඇත්තක් කියන්නේ නැනේ"

"හරි හරි........ඒත් ඉතිං මොකද ඔය දෙමළ මිනිස්සු මාව ඉල්ලන්නේ.....උන්ට මාව මරන්න ඕනද?" ජීවිතේ වැඩිම මරණ බියකින් සිටි සමය මේ වූ හෙයින් වචන කටට ගලාගෙන ආවේය.

"අයියෝ පිස්සුද සර්...උන් ඉල්ලන්නේ සර්ව නිදහස් කරන්න කියලා"

පැත්ත කෙසේ වෙතත් දෙමළුන් ගැන හෝ කොටි ගැන තමන්ගේ හිත යට තිබූ වෛරී ගිනිපුපුරු ගැන හොඳින් දැනසිටි ජනරාල් පුදුමයට පත්වූයේ තමන්ගේ ජන්මාන්තර වෛරක්කාරයින් තමන්ව නිදහස් කරගන්නේ ඇයිද යන ගැටළුවෙනි. ලෝකයේ දක්ෂතම හමුදාපතිවරයා යැයිද, ජාතික වීරවරයෙකු ලෙසද හදුන්වා දුන් සිංහලයින් ඉන් මාස කිහිපයකට පසු තමන්ව ජාතිද්රෝමහියෙකු බවට පත්කොට සිරගත කිරීමට තරම් අකෘතඥ වූ කලෙක මේ සිදුවීම කිසිලෙසකින් වත් විශ්වාස කළ නොහැකි විය.

"මං යනවා සර් අරපැත්තට, අරුං එන්න එන්නම දරුණු වෙනවා වගේ...." ක්රඥම ක්රදමයෙන් ඉහළ යමින් තිබූ ඝෝෂාකාරී දිශාව දෙසට නාවික හමුදා භටයා යන්න ගියේය.

හිටපු හමුදාපති වරයා කරකවා අතහැරියාක් මෙන් විය. වසර ගණනාවක් අසහාය නායකයෙකු ලෙස සැලකූ පිරිස් තමන්ව හිරකොට අමානුෂික ලෙස වදදෙමින් සිටින විට තමන් විසින් අනුකම්පා විරහිත ලෙස විනාශ කිරීමට කටයුතු කළ පිරිස් තමන්ව නිදහස් කරගැනීමට උත්සාහ දරමින් සිටිති. තමන් 03 වසරේ සිටියදී අම්බලන්ගොඩ පාසැලේ හාමුදුරුකෙනෙකු විසින් උගන්වන ලද කොසොල් රජතුමා දුටු හීන 07 සිහියට ආවේය. මේ ගතකරන්නේ එවැනිම වූ අබුද්දස්ස යුගයකැයි ඔහුට සිතුනි.

එක්වරම පිටතින් ඇසුනු ඝෝෂා හඬ වැඩිවූ අතර එකී හඬ ක්රගම ක්රීමයෙන් තමන් දෙසට වන්නට වන බව ජනරාල්ට දැණිනි. තමන් ළඟ සිටි කලවැද්දා කො‍හේ ගියේදැයි ඔහු විමසිලිමත් විය. ඔහු සිටි කුටියේ තිබු යකඩ පොළු අතරින් පිටත බැලීමට උත්සාහ කළ විට කොරිඩෝරය අවසානයේ විවෘත කර ඇති දොර දැකගත හැකි විය. ගොඩනැගිල්ලෙන් පිටත හමුදා සෙබළු පමණක් නොව සාමාන්යඇ ජනයාද එහෙ මෙහෙ යනවා දක්නට ලැබුණි.

සරම් හා ෂර්ට් ඇඳගත් පිරිමින් පිටත සිටින බව ජනරාල් දුටුවේය. එක රොත්තට කෑගහස පිරිස තමන් රඳවා සිටින කුටිය දෙසට ඒමට උත්සාහ කරන බවත් ආරක්ෂක භටයින් එය වැළැක්වීමට උත්සාහ කරන බවත් පෙනුනි. එහෙත් උද්ඝෝෂකයින් අතහරින බවක් පෙනෙන්නට නැත. වැටුප් ලබමින් ආරක්ෂාව සපයන ආරක්ෂකයින් ස්වං අභිප්රේතරණයෙන් පෙරට එන පිරිසට පරදින බවකි.

පිරිස අතර සිටි කාල වර්ණ පිරිමින් අව් කාෂ්ඨයට පිලිස්සී තිබුණි. වැරහැලි සාරි ඇඳසිටි ගැහැණුන් දිග රත්තරං කරාබු සහ නාසයට ද කරාබු පැළද සාරි ඇඳ සිටියෝය. සමහරු කුඩා දරුවන් වඩාගෙන සිටි අතර කොට කලිසම් සහ ගවුම් කඩමලු ඇඳසිටි දරුවන්ද අත්වල එල්ලීගෙන සිටියෝය. සිය කුටිය දෙසට ක්රසම ක්ර මයෙන් ඇදෙන මේ පිරිස අතරින් ඔහුට පණ බේරා ගැනීමට මරබියේ කෑ ගසමින් දිවයන මිනිසුන් පොදි මැවී පෙනුනේය. අනුකම්පා විරහිතව වෙඩි තැබීමත්, ෂෙල් පුපුරා යාමෙන් දස දහස් ගණනක් මැරී වැටෙන හැටි ඔහුට සජීවී දර්ශනයක් මැවී පෙනුනි.

ජනරාල් වරයාට සුප්ර්සිද්ධ සුදු කොඩි මතක් වුනි. මිනිහෙක් කෙතරම් ජිවිතයට ආදරය කරයිද ඔහුට හරියටම වැටහුනේ පසුගිය මාසයක කාලයේදීය. තමන් මිනිස්සු යැයි විශ්වාස නොකළ පිරිසේ මනුෂ්යය ලක්ෂන දැණුනු විගස ඔහු ජීවිතේ පළමු වරට මානසිකව සැළුනි.

රාජ ආරක්ෂකයින් පෙරලගෙන ආ මිනිස් කැළ ජනරාල් රඳවාගෙන සිටි හිරකුටියේ යකඩ දඩු හොලවන්නට විය. ඒ අතිවිශාල පීඩනයකි. ජනරාල්ට තමන් සිටි මුළු කුටියම සෙලවෙන සෙයක් දැණුනි. එක්වරම ඇතිවූ දැඩි පීඩනයෙන් හිර කුටියේ කම්බි මහා ශබ්ධයක් නඟමින් කඩා වැටුනේය. ඒ සැණින් ජනරාල් ගැස්සී ඇහැරුණි. ඔහු ඉදිරිපිට තෙහෙට්ටු වූ මුහුණකින් යුතු සිය බිරිඳ විය.

"ඇත්තටම දෙමළු දෙමළුමද ?? " ජනරාල් වරයා ඇසූ ප්රැශ්ණයෙන් බිරිඳ තුෂ්ණිම්භූත විය.

10 comments:

  1. fonseka demalunwa minisun wedihata wishwasa kale ne kiyala boru kiyanne ey? e asaranaya owa dhanne ne.
    demalunwa meruwe gotai, shawendrai.

    ReplyDelete
  2. සහෝ, කතාව නම් නියමයි. පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕනේ මට මතක විදිහට නම් කොසොල් රජතුමා සිහින 07 ක් නෙමෙයි 16 ක් දැක්කා..............

    ReplyDelete
  3. මගේ හමුදා මිතුරෙක් පැවසුවේ ඔවුන් ද්‍රවිඩ ජනයා කෙදිනක වත් සතුරන් ලෙස නොසැලකූ වගයි.

    "අපි ට ඔත්තු දෙන්නේ ඒ මිනිස්සුනේ බං. ඒ අයට වැඩි දෙනෙක්ට ඕන නිදහසේ ඉන්න. ප්‍රභාට අකමැති වුනත් ඒ අය ප්‍රසිදියේ කියනන් බයියි. අපිට කවදාවත් යුද්දේ දිනන්න වෙන්නේ නෑ ඒ අයගේ සහයෝගය නැතුව. ජනරාල් ෆොන්සේකා ට ඒ අය කැමැතිද අකමැතිද කියලා සිංහල අයගෙන් අහන්නේ නැතුව ඒ අයගෙන්ම අහලා බැලුවනම් තමයි හරි."

    මේ ඔහුගේ වචන.

    ReplyDelete
  4. mekath thava vikaara kathaavak. mun ta ira handa wage sure ape army eka civilians la ta shell gahuwa kiyala. Umbala kiyana maadya sadachaaraya ethana thiyenavada? 1/2 facts or hothalu valin facts create kara gannava.

    Ane yako.

    ReplyDelete
  5. Ayyo Mr.Sujeewa Kokawala. This is a story not realism...

    About war there is always a number of civilians deaths that is difficult to avoid. most of sri Lankan's done like to kill even a harmful snake. So when it comes to lifeless weapons they only shoot to kill the ones that ruin out motherland. Even I see our army treat wounded LTTE rebels.
    There is a number of civilian deaths ( I was working for ICRC) But most of then happened because they cant leave the area,
    I'm so sure 99% of our solders mean no harm for civilians

    ReplyDelete
  6. @ Hasiya,
    ජනරාල්ට පොඩිකාලේ වුනු දේවල් හරියටම මතක නැහැනේ...මතක් වෙන්න ඇත්තේ 07ක් කියලා :D (පෙන්වා දුන්නට ස්තූතියි)

    @ දුකා,
    ඔබගේ හමුදා මිතුරා පවසා ඇත්තේ සත්‍යයක්ද යන්න ප්‍රශ්ණයක්. මොකද ගරිල්ලා හමුදාවක් ව‍ශයෙන් කවදාකවත් එල්ටීටීය පරදවන්න බැරිවුනේ ඔවුන්ට ජනසහයෝගය උපරිමයෙන් ලැබුණු නිසයි.(ඔවුන් පැරදුනේ ගරිල්ලා හමුදාවක් ලෙස නොව සම්ප්‍රදායික යුද්ධයකදීය)ඔවුන් අතරින් ඔත්තු දෙන පිරිස ඉතාම සීමිතයි.එල්ටීටීය ගැන කතාව කල් ඉකුත් වූ මාතෘකාවක් වුනත් ඔවුන් විසින් ‍දමිළ ජනයා ඉතා සූක්ෂම ලෙස බලමුළු ගැන්වූවා.විශේෂයෙන් එල්ටීටීයේ අන්ත පරාජයෙන් පසුවත් පසුගිය ජනාධිපතිවර‍ණයේදී ඔවුන් දෙමළ සන්ධානය වෙනුවෙන් සෘජු‍ව පෙනී සිටියා.
    මම අත්දැකීමෙන් දන්නවා ‍දමිළ ජනයා වැඩිපුරම කැමති සිංහල නායකයින් ගැන.ෆොන්සේකාට ඡන්දෙ දුන්නත් ඔවුන් වැඩිපුරම කැමති සිංහල නායකයා රනිල් වික්‍රමසිංහයි.

    @සුජීව කොකාවල,
    හමුදාවෙන් ‍දෙමළ සිවිලියන්ස්ලට ෂෙල් ගැහුවා කියන එක ගෝඨාභය රාජපක්ෂ කියලා තිබුණා. ඉරේෂා පෙරේරා පවසා ඇති පරිදිම සාමාන්‍ය ජනයා අතර සිටි එල්ටීටීය සහ හමුදාව අතර ඇතිවූ ගැටුම් වලදි සාමාන්‍ය ජනයා විශාල ලෙස මිය ගොස් තියෙනවා. මීට වඩා ද්‍රවිඩ ජනයාගේ මියයෑම ගැන මම කතා කරන්නේ නැහැ.

    ReplyDelete
  7. හොඳයි ලස්සන කතාවක්.
    සුජීව මැතිතුමා ඇයි මේක කියවලා කේන්තිගන්නේ.

    දුකා...
    ඔබේ හමුදා මිතුරා එහෙම වුවත් සමස්ථ හමුදා යාන්ත්‍රණය එහෙම නොවෙයි හදලා තියෙන්නේ.
    හමුදා සෙබලාගේ ඇසට ලැබෙන ප්‍රතිබිම්භය ඔහුගේ මස්තිස්කයෙන් ව්ශ්ලේෂණය කරන්නේ ඔහුට ලැබී තිබෙන්නාවූ නියෝගයනුත් මුසුකරමිනුයි.
    එනිසා අපේ ඇසට පෙනෙන සිංහලයා දමිලයා ඔහුට පෙනෙන්නේ නැහැ.
    එසේ වුවහොත් ඔහු අසාර්ථක සෙබලෙක් වෙනවා.
    ඔහුව පුරුදු පුහුණු කරලා තිබෙන්නේ සෑම මිනිහෙක්ම ත්‍රස්තවාදියකු ලෙස පෙනෙන්නයි.
    එය අප 1971,1987 දකුනෙදිත් 1983 සිට 2009 දක්වා උතුරෙදිත් දැක්ක.
    අද ඔවුන්ට සරත් ෆොන්සේකාව පෙන්නෙත් එහෙමයි.
    ඒකයි තිත්ත ඇත්ත

    ReplyDelete
  8. Machan Anduwa kiyanawa nam ARMY ekata sinhalada Demalada kiyala wenasak na, MARALA DANAWA>>>

    ReplyDelete
  9. mewa sampappralapa mada

    ReplyDelete