Thursday, April 15, 2010

දිනපොතක පිටුවක් - ඓතිහාසික ප්‍රාර්ථනයක්......!


මේ තියෙන්නේ ඇත්තටම දිනපොතක පිටුවක්, මේක ගැන කතා කරලා අදහස් බෙදාගත්ත මගේ යාළුවාගේ අවසරයෙන් මම මේක බ්ලොග්සටහනක් බවට පත් කරනවා. සැබැවින්ම එහි ඇති ඉදිරි දැක්මත්, ලංකාවේ මිනිහෙක් ලෙස ඔහුට දැනෙන අවදානම, මේ හිතන දේවල් වීම හෝ නොවීමට වඩා බලවත් බවයි මගේ හැඟීම.

දිනය - 2010.04.09
වෙලාව උදේ 7යි.

අද 2010 මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකු‍ත් වෙන දවස. මම ඉන්නේ ......(පිට පළාතක පිටස්තර ස්ථානයක්). ........(පිටපළාත් ඇමතිවරයෙක්) ලොකු සද්දයක් දාගෙන ගියා. මට හිතෙන්නේ ආණ්ඩුව ලොකුවට දිනලා ඇති. සද්දේ හැටියට නම් තුනෙන් දෙකක්ම අරගෙන.

දිගින් දිගටම ආණ්ඩුව ජනප්‍රිය වෙනවා. ඒත් මට එන්න එන්නම ආණ්ඩුව ගැන තියෙන අප්‍රියත්වය වැඩිවෙනවා. එක‍්කෝ මම මෝඩයෙක්, නැත්තම් රටේ ඉන්න බහුතර මිනිස්සු මෝඩයෝ.

මම ප්‍රාර්ථනා කරන්නේ ඉතිහාසය විසින් මාව මෝඩයෙක් කරන ලෙසයි. මොකද ජර්මනියේ අති බහුතරයකින් හිට්ලර්ට ඡන්දය දුන්න මිනිස්සු ‍ඓතිහාසිකව මහා වරදක් කරපු ගොඩටයි අයිති වුනේ.

මට ලංකාවේ හිට්ලර්ලා බිහිවෙන්න අවශ්‍ය නැහැ. ඒක හින්දා ‍ඓතිහාසිකව මාව මෝඩයෙක් බවට පත්වීම පුද්ගලිකව මට කැළලක් වුනත් ඉන් රටට, ලොකෙට,‍ තෝරාගත් ජාතියකට වන විනාශයක් නොවන හින්දයි. මම නියෝජනය කරන පිරිස ඇත්තටම මුළු රටෙන්ම ඉතාමත්ම සුළු ප්‍රතිශතයක් වෙන්න ඇති.

ඉතිං ඉතිහාසය................නැවත ‍ඓතිහාසිකව හමුවෙමු...


මීට,
...............
09.04.2010

4 comments:

  1. මමත් හිතෙනවා බහුතරයක් මිනිස්සු මොඩයො කියලා( ඇත්තටම මමත් මෙ ඔයා හිතපු දෙම හිතලා තියනවා).. මුකුත් නෙමෙ.. ජාතික එකයි , ස්වාධින එකයි, වහලා තිබිලා මෙ ජය ගත්තනම් ඇත්තටම මහින්ද රාජපක්ෂ කියන කෙනාට මම ගෞරව කරනවා.. මහින්ද ඇතුලු පිරිසත්, ජාතික රුපවාහිණියත්, ස්වාධින රුපවාහිණියත්.. ජෙනරල්ට කරපු දෙට අනාගතෙ දි රාජපක්ෂ පවුලට මිනිස්සුම නිග්‍රහ කරයි.. මොකද මෙ මිනිස්සුන්ගෙම පැටවු තමයි ඉස්සරටහත් මෙ රටෙ ජිවත් වෙන්නෙ.. ජාතික එකයි, ස්වාධින එකයි හැමදාම රාජපක්ෂ අණට කිකරු වෙලා තියන එකක් නැහැ.. මෙ නින්දිත මාධ්‍ය සදාචාරය දිගටම යනවා.. මිනිස්සුන්ට ධනයෙන්, බල කාමයෙන්, මත් වුණාහම හරි දෙ මොකද්ද වැරදි දෙ මොකද්ද කියන දෙ පැහැදිලි වෙන්නෙ නැහැ. මහින්ද රාජපක්ෂ කරාට වඩා විශාල වැඩ කිඩ තොගයක් කරපු මිනිස්සු අද මෙ මිනිස්සුන්ගෙන් බැණුම අහන හැටි අහපුවාහම... මහින්ද රාජපක්ෂයන් ගැන කවර කතාද...

    ReplyDelete
  2. you are not alone. we feel the same way.
    Have you ever heard about White Rose Movement of Nazy Germany. http://gadflyzone.wordpress.com/2010/03/

    ReplyDelete
  3. read this link
    http://gadflyzone.wordpress.com/2010/03/31

    ReplyDelete