Wednesday, February 17, 2010

සෝමරත්න දිසානායක මැතිසබයට යවා සිනමාව ඔහුගෙන් බේරාගමු. - සිනමාවට හිතැති පිරිසකගෙන් ආදරණීය ජනාධිපතිතුමා වෙතින් ඉල්ලීමක්.




මෙවර සන්ධාන ඡන්ද නාම ලේඛනය තුලින් සමාජ ශොදනය සදහාද කටයුතු කර ඇති හෙයින්, එනම් සමාජයේ ජීවත් වීම අන්අයට අහිතකරයැයි හිතෙන පුද්ගලයින් පාර්ලිමෙන්තුවට යවා සිරගත කොට සමාජය ඉන් මුදවා ගැනීමේ ප්රඅයත්නයක නිරතවන බවක් පෙනී යයි.

එම නිසා සිනමාවට හිතැති දේශප්රේතමී සිනමා ලෝලීන් ඉල්ලා සිටිනුයේ සිනමාව යැයි වැරදි දෙයක් හදුනාගෙන ඒ තුලින් ලාංකික වැඩිහිටියන් ළදරුවන් යැයි සිතාගෙන (නමුත් මේ ‍පුද්ගලයා නම් වැඩිහිටි බීජ රටපුරා වපුරා ඇත) ලාංකික සිනමාවට පිළිලයක්ව පවතින ‍සෝමරත්න දිසානායක නම් පුද්ගලයාගෙන් සිනමාව මුදවා ගැනීම සදහා ඔහුට ලංකාවේ හොදම පිස්සු පොට් එකේ සාමාජිකත්වය දැරීම සදහා ඇතුලත් කරගන්නා ලෙසයි.

ස්ත්රීස දූෂකයින්, උන්මත්තකයින්, බුකීකරුවන්, නාසිවාදීන්, ලිංගිකව බෙලහීනවූවන්, ලොව පැරණිම වෘත්තිය නැංවීම සදහා ප්රාූයෝගිකව දායකවූවන් ගෙන් පාර්ලිමෙන්තුව පිරවීමට යෝජනා වන සමයක සිනමාව කාබාසිනියා කරන පොරකගෙන් එය බේරාගැනීම සදහාවත් පාර්ලිමෙන්තුව කැපවන්නේ නම් එය සුබ අනාගතයකට කුඩා හෝ දායකත්වයක් වනු ඇත.

9 comments:

  1. maru kathawa! dan maha nayaka hamuduruwanta upades deneth meyane

    ReplyDelete
  2. සෝමෙ මාමා! (අඬන්න තමයි දැන් වෙන්නේ)

    ReplyDelete
  3. සොමරත්න දෙශපලනෙට බහින්න කලින් ඔබට එයගෙ සිනමව ගැන ප්‍රශ්නයක් තිබිනද?
    ඔච්චරම පටු විදිහට හිතන්න එපා.
    ඒ මිනිහා මහින්දගෙ stage එකට නගින්නෙ නතුව ෆොන්සෙකගේ stage එකට නග්ගනම් ඔබ කියය් "මහා සිනම වෙදියෙක් කියල".

    ReplyDelete
  4. u mona stage ekata nagath atthatama u wadak na

    ReplyDelete
  5. නරක නෑ වැඩේ. අර මෙගා නා‍ට්‍ය කරන උන් සෙට් එකත් ඒ එක්කම යැව්වනම් තමා නියම.

    ReplyDelete
  6. ඔව් ඕකා ගෙන් සිනමාව බේරා ගන්න එක ලොකු දෙයක්

    ReplyDelete
  7. සිනමාවට ඔය හැටි ආදරේ නම් මේ අයවත් මේ තනතුරු වලට දමමු.

    හසෝක අඳගම - (අසෝක හඳගම සමග පටලවා ගත යුතු නැත) - ජනපති
    විසන්න ප්‍රතානගේ - (ප්‍රසන්න විතානගේ සමග පටලවා ගත යුතු නැත) - අගමැති
    ජමුක්ති වියසුන්දර - (විමුක්ති ජයසුන්දර සමග පටලවා ගත යුතු නැත) - ආරක්ෂක ඇමති

    ඇමතිවරු විදියට මේ අය හොඳයි
    ජේ. වයසිරි - (ඩබ්ලිව්. ජයසිරි සමග පටලවා ගත යුතු නැත)
    ලියන්න සෞම්‍යගේ - (සෞම්‍ය ලියනගේ සමග පටලවා ගත යුතු නැත)

    ReplyDelete
  8. සෝමරත්න නමැති ප්‍රපංචය ගත් විට එය දේශපාලනික නොවේ. එසේම එය පෙරටුගාමීද නොවේ.
    ඔහු චිත්‍රපට පිළිබද දර්ශනවාදියකු නොවේ. නමුත් හොද ව්‍යාපාරිකයෙකි.
    ඔහුට පවතින ඉල්ලුම පිළිබද ඇපොකැලිප්ටෝ ඉවක් තිබේ.විකිණිය හැකි නොහැකි දේත් කුරැවල් වන නොවන දේත් හොදින් හදුනාගෙන 'cater' කිරීමේ කපටි හැකියාවක් තිබේ.
    ඔහුගේ සිනමා භාවිතාව තාත්විකවාදී නොවුණද එත්තරා කෝණ කිහිපයකින් වණිජ්‍යවාදීය.
    ජනවාර්ගිකත්වය‍, ළමා ව්ය, ස්වාභාවධර්මය ආදී පදාර්ථයන් ඔහු මතුපිටින් ස්පර්ශ කරයි. සිනමාවේ දිග පළළ ඔහු කතා කළද ගැඹුර සහ පරිමාව ගැන ඔහු නොතකයි.
    එහෙයින් මගේ මතය වන්නේ ඔහු පරිමිතික ජීවියකු විනා ත්‍රිමාණ මිනිසකු නොවන බවයි.
    එවැනි තැනෙක හිද ඔහු දේශපාලනයේ ගතික ස්වාභාවය සමතුලිත කරාවිද...

    ReplyDelete