Monday, November 23, 2009

දමිළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මානව අයිතීන් ඇති බව අන්තරේට මතක් වීම




දමිළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද සිංහල හා අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන් මූලික මානව අයිතීන් තිබෙන බව පරක්කූ වී හෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට තේරුම් ගොස් ඇත. පසුගිය දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ද්වාරකා නම් ශිෂ්‍යාව ත්‍රස්ත විමර්ශන අංශය විසින් පැහැරගැනීමට එරෙහිව අන්තරේ පාරට බැස ඇත. මූලික අයිතීන් නොසලකා පැහැරගනු ලැබූ ඇයව නිදහස් කරන ලෙසට ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙසට පෙනී සිට ඇත.

මේ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇති අන්තරේ කැදවුම්කරු උදුල ප්‍රේමරත්න විසින් එල්ටීටීය විසින් බදවා ගන්නා ලද සෙබළ සෙබලියන් ගැන වඩා පුළුල් අර්ථයක සිට විග්‍රහ කොට ඇත. එහෙත් මෙකී විග්‍රහයන් ත්‍රිකුණාමල‍ෙය්දී සිදුවූ විශ්ව විද්‍යාල සිසු ඝාතනයන්, සෙන්චෝලේ සිසු ඝාතනයන් සිදුවූ විට බාහිරට නො ආවේ ඇයි දැයි යන්න ගැටළුවකි. මීට පෙර පේරාදෙණියේ හා මොරටුව විශ්වවිද්‍යාල වල සිදුවූ ශිෂ්‍ය අත්අඩංගුවට ගැනීම් වලදී අන්තරේ නිහඩබව දැඩි ප්‍රශ්ණාර්ථයකි.

තවමත් නොනවත්වා සිදුවන යාපනේ විශ්ව විද්‍යාලයේ අතුරුදන් වීම් සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ බියගැන්වීම් ගැන අන්තරේ නොදන්නේ දැයි අප නොදනිමු. දමිල මහාචාර්යව‍රයෙකුට අනුව යාපනේ විශ්වවිද්‍යාලයේ ‍කිසිම ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයක් නොමැත.

සිය කේවල් කිරීමේ ශක්තිය අහිමිවූ යාපනේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ අයිතීන් වෙනුවෙන්ද පොදු ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස අන්තරේට මගහැර සිටිය නොහැක. එය දකුණේ සිසුන්ගේ පහසුකම් ගැටළු වෙනුවෙන් කෑගහසනවාට වඩා සංකීර්ණ වූවකි. ඔවුන්‍ට ඇත්තේ තම ජීවිතය පිළිබද ප්‍රශ්ණයකි.

කෙසේ වුවද පශ්චාත් යුධ කාලසිමාව තුලදී අන්තරේ මෙකී නැමියාව ඉතා සාධනීයය. මන්ද ඒක පාර්ශවික මර්ධනය දියත් වන්නේ මේ කාලසීමාවේදී හෙයිනි. අතීතය කෙසේ වුවද ජාතියක් නොසලකා අයිතිවාසිකම් රැකගැනීම සදහා ලාංකික ශිෂ්‍යයින් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම සංවිධානයේ පෙළඹවීම සමස්ත සමාජයටම ආදර්ශයකි.

9 comments:

  1. දැන්වත් අන්තරයට ඔය කාරණය මතක් වීම ලොකු දෙයක්. ධ්‍රැවීකරණය වුනු, බොහෝවිට ජනප්‍රියවාදී දේශපාලනික උවමනාවන් වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය හසුරවපු අන්තරය පසුගිය කාල වකවානුවක් පුරා ශිෂ්‍යයන් ලෙස හඳුනාගත්තේ දකුනේ - නැත්නම් බහුතරයක් සිංහල ශිෂ්‍යයන් පමණයි. විශ්වවිද්‍යාල ඇතුලේ ජාතිය හෝ භාෂාව අනුව ශිෂ්‍යයන් ගොනුවීම වැලක්වා සමස්ථ ශිෂ්‍ය එකමුතුවක් ගොඩනැගීමේ උවමනාවක් අන්තරයට මෙතෙක් තිබුනද කියල මම දන්නේ නැහැ. ඒත් හැමවිටම දකින්නට ලැබුනු දෙයින් පෙනුනු දෙයක් නම් මේ ශිෂ්‍ය ව්‍යාපාරය ක්‍රමයෙන් සිංහලකරණය වී ඇති අයුරක්.

    ReplyDelete
  2. හැබැයි සිංහල ෂිශ්‍යයන් යාපනය හා ණගෙනහිර සරසවි වලින් පන්නා දමන විට ඔවුන්ට මූලික අයිතිවාසිකම් තිබේදැයි ගෝරාටවත් මතක් නොවීම අපගේම කරුමයකි.

    ReplyDelete
  3. දෙමල කියන වචනය ඇහුන ගමන්, විකාර වෙලා පිස්සු කියවන මිගාරයන් දකින්නට ලැබීම අපේද කරුමයකි.

    ReplyDelete
  4. ණගෙනහිර හා ෂිශ්‍යයන් දකින්න ලැබීම හැබෑවට ම කරුමයකි.

    ReplyDelete
  5. @ මිගාර,
    එහිදී සිංහල ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් කඩවීම ගැන අමුතුවෙන් කිවයුතු නොවේ.සමස්ත යුධ ක්‍රියාදාමයම ක්‍රියාත්මක වූයේ එල්ටීටීය විසින් සිදුකළ විවිධාකාරයේ මානව අයිතීන් උල්ලංඝනයන්ට එරෙහිවය.එ ආකාරයෙන් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලදී සමහරුන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවන අතරතුර අදාළ විශ්වවිද්‍යාල සිසුන්ට දකුණේ ඇති විශ්වවිද්‍යාල පහසුකම් ලැබුණි.

    ReplyDelete
  6. මම භාවිතා කරන්නේ "real time unicode converter" මගින් සිංහල යතුරු ලියනය කිරීමයි. එහිදී "ෂ" සහ "ශ" ැතර වෙනස එක් කැපිටල් අතුරකි. එනිසා මෙවැනි වැරදීම් බහුලව සිදුවේ. වරක් වැරදුණු පසු පිළිතුර සංශෝධනය‍ට බ්ලොගර් අඩවියේ පහසුම් නැත.

    ReplyDelete
  7. දෙමළ ජනතාවට සිදුවන කවර හෝ අසාධාරණයක් ගැන කතා කිරීමේදී වසර විස්සකට හෝ විසි පහකට ඉහත හෝ ඉරාකයේ හෝ තූත්තුකුඩියේ සිදුවූ සිද්ධියක් අල්ලාගෙන "උනුත් එහෙමයි; ඉතින් උන්ට එහෙම උනාම මොකද" මෝඩ තර්කයක් ගෙනැවිත් ඒ අසාධාරණය යටපත් කිරීම (හෝ සාධාරණීකරණය) සිංහල වර්ගවාදීන්ගේ සාමාන්‍ය සිරිතක්. මෙය එක් ආකාරයකට eye for an eye වැනි බද්ධ වෛරයක් ප්‍රදර්ශනය කිරීමක් සේ සැලකිය හැකියි. එහෙත් ඊට එපිටට ගිය "දෙමළුන්ට මොනව වුනාම මොකද?" යි සාමාන්‍යකරණයක් ගොඩ නැඟීමද එහිදී සිදු වෙනවා. මෙවැනි පුහු මානසිකත්වයන් තිබෙන තුරා දෙමළුන් සිංහලුන්ටද, සිංහලුන් දෙමළුන්ටද සදාකල් වෛරකරනු ඇති.

    ReplyDelete
  8. මම හිතන්නේ මෙතන ප්‍රශ්නය සාධාරණව දැකිය යුතුය මෑතක සිදුවූයේ ද්වාරකා පැහැරගෙන යාම විනා වෙන බම්බුවක් නෙමෙයිනෙ. එකට ඉතින් කතානොකර ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඉඳගෙන පස්සේ මගුල් ජාතිවාදයක් ඇදගෙන දඟලන එකනම් කණගාටුදායකයි.

    ReplyDelete
  9. අන්තරයට ඔය කාරණය දැන්වත් මතක් වීම ලොකු දෙයක්

    ReplyDelete