Tuesday, November 10, 2009

ඉපැදුනු සැනින් බිළිදිය මැරූ කාන්තාව සුපුරුදු පරිදි රිමාන්ඩ් භාරයට. එතැන් පසු....???




ඉපැදුණු සැණින් බිළිදිය මරා රෝහලේ ලාච්චුවක් මත දමා තිබියදී හමුවීම නිසා අදාළ බිළිදියගේ මව යැයි සැකකෙරෙන කාන්තාව රිමාන්ඩ් භාරයට පත් කර ඇත. මෙවැනි සිදුවීම් පසුගිය කාලය පුරාවටම අතිශය සුලබ ලෙස අසන්නට ලැබුණි. එසේ වුවද අදාළ බිළිදුන්ගේ මව යැයි සැකකෙරෙන කාන්තාවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්‍කර අදාළ සිදුවීමේ මතුපිට තත්ත්වය පිලිබද සමාජයේ ගොඩනැගී තිබෙන වෛරය පිරිමසා ගන්නවා මිස මෙකී ඛේදවාචකයන් පිටුපස ඇති දැවැන්ත සමාජ අර්බුදය ගැන කිසිවෙකුත් කිසිවක් කරන බවක් පෙනෙන්නට නැත.

ලංකාව වැනි සමාජයක ජීවත් වන කාන්තාවක් තුල මාතෘත්වය පිළිබදව ගොඩනැගී ඇති සියළු‍ ගෞරවණීය තත්ත්වයන් කෙලෙසා තමන්ගේම ලෙයින් උපන් කිරිකැටියන් ඉපදීමට පෙර හෝ ඉපදුණු සැනින් මරාදැමීමට පෙළඹෙන්නේ අදාළ කාන්තාව කුමන‍ හෝ තත්ත්වයක් තුළ පත්වන දැඩි අපහසුතාව නිසාම බව සිතීමට තරම් අපගේ සමාජයේ මිනිසුන් සංවේදී බවක් පෙනෙන්නට නැත. එකී මනුෂ්‍ය ඝාතනයන් සිදුකරන්නේ එක් පසෙකින් තමන් ඉදිරියට මුහුණදීමට අපහසුතරම් වන සමාජ අපවාදයන් හෝ ඛේදවාචකයන් නිසාම පමණක් නොව දරුවෙක් ලෙස අදාළ බිළිදා ඉදිරියට මුහුණදෙන අපහසුතාවන් නිසාද වන්නට පුළුවන.

නීත්‍යනුකූල පියෙකු නොමැති දරුවෙකු හෝ නීත්‍යනුකූල නොවන සැමියෙකු නොමැති කාන්තාවක් ගැබ්ගැනීම පිළිබද අපගේ සමාජයේ ඇති මතය, පිළිගැනීම අප සමාජයක් ලෙස කෙතෙක් මානුෂීයද, ශිෂ්ඨද යන්න හොදින් පෙන්වා දෙයි.

සහජ ආශයක් ලෙස ලිංගිකත්ව පිලිබදව කාන්තාවකට ඇති කැමැත්ත, පෙළඹවීම පිළිබදවත් පිළිගැනීමක් නොමැති සමාජයක මෙවැනි ඛේදවාචකයන් වැලැක්වීමට ගත යුතු පියවරයන් සදහා අප සමාජයක් ලෙස බොහෝ දුර යා යුතුය. අනෙක් අතට මුදල හඹායන අවසංවේදී සමාජයක අවංකබව, ආදරය, විශ්වාසය යනු හුදු වචනයකට පමණක් සීමා වු සමාජ ක්‍රමයක් තුල දුබලයා ලෙස කාන්තාවන්ට මෙආකාරයේ දුෂ්කරතාවන්ට පත්වීම ක්‍රමයේ ම ප්‍රතිඵලයකි.

එක් පසෙකින් උත්තරාරෝපිත සමාජක්‍රමයකට අනුගත වෙමින් තරගකාරී දිවිපෙවෙතක් ගත කරන අතර සංස්කෘතියක් ලෙස ඓතිහාසික මිත්‍යාමත තවමත් සමාජය තුල රැදී තිබෙන විටෙක බිහිවන විකෘතිතාවයන් තුලට මේ සිදුවීම් ඇතුලත් කිරීමේ වරදක් නැත.

4 comments:

  1. postpartum depression මේ වාගේ දේවලට ප්‍රදානම හෙතුවක්. එවැනි තත්වයන්ට වෙද කම් හෙදෙකම් කරන්නේ නැතිවුනහාම, මෙවැනි දේවල් වෙන් එක සබාවිකයී.

    ReplyDelete
  2. @ Sam

    හරියටම හරි. මේකත් එක හේතුවක් තමා. නමුත් පශ්චාත් ප්‍රසව මානසික අවපීඩණය ඇතිවෙන්නේ ඒ තත්ත්වයන් වැඩි දියුණු වන සමාජ සාධක පැවතුණාම. මේ මවු වරුත් ඇතැම් විට නොමැරී ජීවත් වන දරුවනුත් විකෘති පුද්ගලයන් වීම නොවැළැක්විය හැකියි. නන්දා මාලිනී මෙහෙම ගීතයක් ගැයුවෙත් මේ කරුණ අරබයායි.

    දස මසක් මා කුස තුල සිටි පුතුනේ
    දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ
    වීසි කරමි වන ලැහැබට දෑස පියා ගෙන
    නයි පොළොඟුන්ගෙන් මවක ලබාවා
    වග වළසුන්ගෙන් පියෙකු ලබාවා

    දැඩිවී වග වළසුන් අතරේ
    වළසකු වී අවුදින්
    පුතුනේ . . . වීසි කරන්නට දරුවන් තනනා
    ලෝකය කා වනසන් පුතුනේ

    සැතපී නයි පොළොඟූන් දරණේ
    පොළඟෙකු වී අවුදින්
    පුතුනේ. . . අහක දමන්නට දරුවන් වදනා
    ලෝකය කා වනසනු පුතුනේ

    ReplyDelete
  3. මේව කථාකරන්නවත් තරමි මතෘකා හැටි‍යට සමාජෙෙ අධිපති මතවාදීන් සලකන්නෙ නෑ. කුහක සදාචාරයකින් ෙෙලුව වහගෙන රෑට අවලමේ ගිහින් ගෑනි ෙෙදර පතිවෘතිතාව රකින්න ඔන කියලයි හිතන්ෙෙග.

    ReplyDelete