Monday, January 4, 2010

ජැක්සන්ගේ සුදු‍කොඩිය හා වරදකරුවන් පෝරකයට දැක්කීම


ජැක්සන් ඇන්තනිගේ හීනමාන පුරාවෘත්තය හෙවත් "අබා" හි පණ්ඩුල බ්‍රාහ්මණයා අභය කුමාරයා සිටින දොරමඩලාව ගම්මානයට පැමිණේ. කෙළිදෙලෙන් කල්ගත කරන අභය කුමාරයා ඇතුළු කොළු රෑන පණ්ඩුල බ්‍රාහ්මණයා හා පිරිස පැමිණෙන දෝලාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙයි. ඇමරිකාවටත් යුධ නීති ඉගැන්නූ ලංකාවේ මිලිටරි පරම්පරාවේ ආරම්භකයින් වන පණ්ඩුල බ්‍රාහ්මණයා විසින් තමන්ට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන්නේ දෝලාවෙන් එළියට සුදු‍කොඩියක් පෙන්වා "සාමය" යැයි ප්‍රකාශ කිරීමෙනි.


කලාව බල්ලට දමා දේශපාලන වේදිකාවේ අර්ශස් හැදෙන තුරු ෆොන්සේකාගේ "මහා පාවාදීම" වෙනුවෙන් කෑගහසන ජැක්සන් ඇන්තනිට හෝ රවීන්ද්‍ර රන්දෙණියට මෙකී ‍ඓතිහාසික යුධ සම්ප්‍රදාය ගැන අංශුමාත්‍රයක් වත් මතක නැති සෙයකි.


සහෝදර හොර මුලේ රෙදි හෙදීමට ‍‍ඉතිහාසය පවා නිර්ලජ්ජිතව පාවාදෙන ජැක්සන්ට තමන්ගේ බිරිදවත් අමතකව ඇති නිසා මේවා ගැන එතරම් පුදුම වියයුතු නැත.


ෆොන්සේකා විසින් කියායැයි කියන (මීට පෙර මෙම කතාවම මුලාශ්‍ර රාශියකින් ඉදිරිපත් කොටඇත. උදා- ඩී.බී.එස් ජෙයරාජ්, මානව හිමිකම් සදහා යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය වරු) සුදු‍කොඩි රැගෙන ආ කොටි නායකයින් ඝාතනය කළ කතාව බොරු යැයි ‍මන්දිර වලට කෑදර දේශප්‍රේමියෝ හෝ චීවරදාරීන් පවසන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ගේ චෝදනාව වන්නේ එය යුධ රහස් ‍හෙළිකිරීමක් බවත්, පාවාදීමක් බවත්ය. ඒ අනුව වක්‍රාකාරව මෙකී දෙපාර්ශවයම සුදු කොඩි රැගෙන ආ පිරිස ඝාතනය කළ බව පිළිගනී.


මෙකී ප්‍රකාශය දේශපාලනිකය. එය පාවාදීමක් හෝ රහස් එළිකිරීමක් වන සාදාචාරාත්මක නොවන දෙයක් බවට පත්වන්නේ එකට කාපු බීපු අයටය. එකට රත්තරං බෙදා නොගත් ප්‍රතිපත්තිමය වශයෙන් යුද්ධයට එරෙහි අපට අනුව වරදක් සිදුකළ බව හා ඊට සාක්ෂි ලැබී ඇත. දැන් රට ලේ විලක් කළ, තවදුරටත් එසේ කරමින් සිටින පිරිස් ඊට වන්දි ගෙවිය යුතුය. ඒ වෙනුවෙන් ගැලපෙන දඩුවම් ලබා දිය යුතුය. කොටින්ට ගහන්න චීනයේ සහ ඇමරිකාවේ මෙන්ම ඊශ්‍රාලයේ සහ ඉරානයේ අවිත් භාවිතා කළානම් මෙකී ඓතිහාසික වරදකරුවන්ට දඩුවම් දෙන තැන ගැන එතරම් සිතිය යුතු නොමැත.


වැඩේ වෙන ‍කොට තමන් රටේ හිටියෙ නෑ කියා සුදු රෙදි පොරවාගන්නට කාටවත් නොහැක. මොන දිවියලෝකෙ හිටියත් තමන්ගේ වගකීම ඇති තැන ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. බලයට කෑදර වී කටවරද්දා ගැනීමේ දේශපාලනයේ රස කවුරු කවුරුත් විදිය යුතුමය.

3 comments:

  1. ෆොන්සේකා මොකක් කිව්වත්,රටට ආදරේ ඇත්තවුන් කිව යුත්තේ ෆොන්සේකා පට්ටපල් බොරුවක් කියා ඇති බවයි.ඒත් මේ ගොල්ලො රට වටේම කියා ගෙන යන්නේ ෆොන්සේකා යුධ රහස් හෙළි කළ බවයි.ඒ කියන්නේ "අපි යුධ අපරාධ කළා.ඇවිත් අල්ලපියෝ" කියන්නා වගේ වැඩක්.ඡන්ද ගන්න රට පාවා දෙන මෙවුන් ඇහේ ඉඳන් පට්ට ගහන්න ඕනේ.
    උදේ ඉඳන් රෑ වෙනකන් සෝමරත්නගේ "බිංදු"ට රූපවාහිනියේ වෙළඳ ප්‍රචාරය දෙනවා.ජැක්සන්ගේ "අබා" පෙන්වනවා.නරකම නෑනේ මහරජා?
    තව කඩේ යන්න වාසනාව ලැබේවා !

    ReplyDelete
  2. Lokka, kotiya ahinsaka punchi lamayinwath pava dila, anthima mohothe anga bera ganna ena kota, uva mara damma nam eka ithaama sadharana kriyaak. oka nokaranna uu ethanin panala adath em rate pissu kelinava.

    me kiyana de kala nam eka honda hethuwak e nibhitha parshavayata chande denna. kotiya mita kalin survive une politicians la oya welavata uva rescue kala nisa.

    boruwata yuddeta viruddayi kiwwata oya kattiya kotinge so called vimukthi satanata pakshayi. eka ithin api nodannavada?

    hikz.

    ReplyDelete
  3. මෙතන විය හැකි දේවල් මෙච්චරයි.

    1. සුදු කොඩි ගෙන කොටි නොපැමිණීම - සරත් ෆොන්සේක කියන්නේත් මෙය මය. එසේ නම් ද්‍රෝහී කම ගැන ඇණ ගැසිය යුත්තේ සන්ඩේ ලීඩර් එකටය. එ.ජා.ප. යත් ඒක පිළිගත යුතුය. නමුත් එ.ජා.ප. ය එය පිළි නොගැනීමෙන් කියවෙන්නේ ඔවුන් එවැන්නක් සිදු වූ බවට විශ්වාස කරන බවත්, සන්ඩේ ලීඩර් පත්‍රය සත්‍යය ප්‍රකාශ කරන බවත්ය.

    2. සරත් ෆොන්සේක බොරු කීම - එහෙනම් සරත් ෆොන්සේකාට ඇපත් නැතිකළ යුතුය

    ReplyDelete