Sunday, March 14, 2010

සරත් ෆොන්සේකා හිරබත් කමින් දුටු අබුද්දස්ස සිහිනය...............




සරත් ෆොන්සේකා එක්වරම ගැස්සී ඇහැරුණේ ඔහු නිදමින් සිටි නාවික හමුදා රැඳවුම් කඳවුර වටේට ඇසෙන දැඩි ඝෝෂාකාරී ශබ්ධය නිසාය. පසුගිය මාසයක කාලයක් තිස්සේ ඉර එළියක් නොදැක සිටි ඔහුට එක්වරම මතක් වූයේ ලසන්ත ඝාතනය හේතුකොට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වූ උද්ඝොෂණයේ ශබ්දයයි. එක්වරටම ඔහුට කෑම ගෙනත් දෙන ආරක්ෂකයා ‍ජනරාල්වරයා ඉදිරිපිට පෙනී සිටියේය.

"සර් මාර වැඩේ නේ වෙලා තියෙන්නේ" තමන් හිටපු හමුදා මාණ්ඩලික ප්රයධානියා වුවද සර් නොකියා ඔයා‍ මෙයා කියා ආමන්ත්රනණය කළ නාවික හමුදා භටයාගේ "සර්" යැයි ආමන්ත්රවණය කිරීම ගැන ජනරාල්ට පුදුම හිතිණ.

"ඇයි මොකද?" මෙතෙක් කලක් නාවික හමුදා පණිවුඩකරුවන්ට එතරම් අවධානයක් යොමුනොකළ ‍ජනරාල් වරයා ඇසුවේය.

"සර්ලා මහ ලොකුවට පාටි දාලා, කිරිබත් කාලා සැමරුවට නන්දිකඩාල් වලදි මරලා තියෙන්නේ ඇත්ත ප්රාභාකරන් නෙවෙයිලු" නාවිකා හමුදා භටයා ඉවසුමක් නැතිව තිබූ පණිවුඩය ජනරාල්ට කීවේය.

"නෑ" ඒකවරම තරහෙන් පුපුරා ගිය ජනරාල් ශබ්දය අවසන් කරන විට සතුටින් ඉපිලී ගොස් සිටියේය. ඒත් ඔහු එක්වරටම නාවික සෙබලා විශ්වාස කළේ නැත.

"පළයන් බං යන්න....දැං උඹල හදන්නේ මං කරපු දේවලුත් නෑ කියල කියන්නද?" ජනරාල් එකවර ලද පුවත නිසා විසිරෙමින් පැවති හැගීම් අතරින් ප්ර කාශ කළේය.

"නෑ සර් ඇත්තමයි!! බොරුනං වෙන කාගෙන් හරි අහන්න, ඇත්ත ප්රනභාකරන් එරිත්රිායාවේ ඉඳලා වීඩියෝ එකකුත් එවලා....දැං දෙමළ මිනිස්සු මාර අප් වෙලා ඉන්නේ...මේ නේවි කෑම්ප් එකත් වට කරලා තියෙන්නේ, දෙමළ මිනිස්සු වගයක්..ඒ මිනිස්සු ඔබතුමාව ඉල්ලනවා"

"නෑ.... ඒක වෙන්න බෑනේ, කරුණත් කිව්වනේ මැරිලා තියෙන්නේ ඇත්ත ප්රවභාකරන් කියලා... ඇයි මේ දෙමළ මිනිස්සු"

"අයියෝ සර්...ඔච්චර අත්දැකීම් තිබිලත් කරුණව විශ්වාස කරනවද? ඕකා දිව හැරුණු හැරුණු අතට කතා කරනවා මිසක්, කවදාකවත් ඇත්තක් කියන්නේ නැනේ"

"හරි හරි........ඒත් ඉතිං මොකද ඔය දෙමළ මිනිස්සු මාව ඉල්ලන්නේ.....උන්ට මාව මරන්න ඕනද?" ජීවිතේ වැඩිම මරණ බියකින් සිටි සමය මේ වූ හෙයින් වචන කටට ගලාගෙන ආවේය.

"අයියෝ පිස්සුද සර්...උන් ඉල්ලන්නේ සර්ව නිදහස් කරන්න කියලා"

පැත්ත කෙසේ වෙතත් දෙමළුන් ගැන හෝ කොටි ගැන තමන්ගේ හිත යට තිබූ වෛරී ගිනිපුපුරු ගැන හොඳින් දැනසිටි ජනරාල් පුදුමයට පත්වූයේ තමන්ගේ ජන්මාන්තර වෛරක්කාරයින් තමන්ව නිදහස් කරගන්නේ ඇයිද යන ගැටළුවෙනි. ලෝකයේ දක්ෂතම හමුදාපතිවරයා යැයිද, ජාතික වීරවරයෙකු ලෙසද හදුන්වා දුන් සිංහලයින් ඉන් මාස කිහිපයකට පසු තමන්ව ජාතිද්රෝමහියෙකු බවට පත්කොට සිරගත කිරීමට තරම් අකෘතඥ වූ කලෙක මේ සිදුවීම කිසිලෙසකින් වත් විශ්වාස කළ නොහැකි විය.

"මං යනවා සර් අරපැත්තට, අරුං එන්න එන්නම දරුණු වෙනවා වගේ...." ක්රඥම ක්රදමයෙන් ඉහළ යමින් තිබූ ඝෝෂාකාරී දිශාව දෙසට නාවික හමුදා භටයා යන්න ගියේය.

හිටපු හමුදාපති වරයා කරකවා අතහැරියාක් මෙන් විය. වසර ගණනාවක් අසහාය නායකයෙකු ලෙස සැලකූ පිරිස් තමන්ව හිරකොට අමානුෂික ලෙස වදදෙමින් සිටින විට තමන් විසින් අනුකම්පා විරහිත ලෙස විනාශ කිරීමට කටයුතු කළ පිරිස් තමන්ව නිදහස් කරගැනීමට උත්සාහ දරමින් සිටිති. තමන් 03 වසරේ සිටියදී අම්බලන්ගොඩ පාසැලේ හාමුදුරුකෙනෙකු විසින් උගන්වන ලද කොසොල් රජතුමා දුටු හීන 07 සිහියට ආවේය. මේ ගතකරන්නේ එවැනිම වූ අබුද්දස්ස යුගයකැයි ඔහුට සිතුනි.

එක්වරම පිටතින් ඇසුනු ඝෝෂා හඬ වැඩිවූ අතර එකී හඬ ක්රගම ක්රීමයෙන් තමන් දෙසට වන්නට වන බව ජනරාල්ට දැණිනි. තමන් ළඟ සිටි කලවැද්දා කො‍හේ ගියේදැයි ඔහු විමසිලිමත් විය. ඔහු සිටි කුටියේ තිබු යකඩ පොළු අතරින් පිටත බැලීමට උත්සාහ කළ විට කොරිඩෝරය අවසානයේ විවෘත කර ඇති දොර දැකගත හැකි විය. ගොඩනැගිල්ලෙන් පිටත හමුදා සෙබළු පමණක් නොව සාමාන්යඇ ජනයාද එහෙ මෙහෙ යනවා දක්නට ලැබුණි.

සරම් හා ෂර්ට් ඇඳගත් පිරිමින් පිටත සිටින බව ජනරාල් දුටුවේය. එක රොත්තට කෑගහස පිරිස තමන් රඳවා සිටින කුටිය දෙසට ඒමට උත්සාහ කරන බවත් ආරක්ෂක භටයින් එය වැළැක්වීමට උත්සාහ කරන බවත් පෙනුනි. එහෙත් උද්ඝෝෂකයින් අතහරින බවක් පෙනෙන්නට නැත. වැටුප් ලබමින් ආරක්ෂාව සපයන ආරක්ෂකයින් ස්වං අභිප්රේතරණයෙන් පෙරට එන පිරිසට පරදින බවකි.

පිරිස අතර සිටි කාල වර්ණ පිරිමින් අව් කාෂ්ඨයට පිලිස්සී තිබුණි. වැරහැලි සාරි ඇඳසිටි ගැහැණුන් දිග රත්තරං කරාබු සහ නාසයට ද කරාබු පැළද සාරි ඇඳ සිටියෝය. සමහරු කුඩා දරුවන් වඩාගෙන සිටි අතර කොට කලිසම් සහ ගවුම් කඩමලු ඇඳසිටි දරුවන්ද අත්වල එල්ලීගෙන සිටියෝය. සිය කුටිය දෙසට ක්රසම ක්ර මයෙන් ඇදෙන මේ පිරිස අතරින් ඔහුට පණ බේරා ගැනීමට මරබියේ කෑ ගසමින් දිවයන මිනිසුන් පොදි මැවී පෙනුනේය. අනුකම්පා විරහිතව වෙඩි තැබීමත්, ෂෙල් පුපුරා යාමෙන් දස දහස් ගණනක් මැරී වැටෙන හැටි ඔහුට සජීවී දර්ශනයක් මැවී පෙනුනි.

ජනරාල් වරයාට සුප්ර්සිද්ධ සුදු කොඩි මතක් වුනි. මිනිහෙක් කෙතරම් ජිවිතයට ආදරය කරයිද ඔහුට හරියටම වැටහුනේ පසුගිය මාසයක කාලයේදීය. තමන් මිනිස්සු යැයි විශ්වාස නොකළ පිරිසේ මනුෂ්යය ලක්ෂන දැණුනු විගස ඔහු ජීවිතේ පළමු වරට මානසිකව සැළුනි.

රාජ ආරක්ෂකයින් පෙරලගෙන ආ මිනිස් කැළ ජනරාල් රඳවාගෙන සිටි හිරකුටියේ යකඩ දඩු හොලවන්නට විය. ඒ අතිවිශාල පීඩනයකි. ජනරාල්ට තමන් සිටි මුළු කුටියම සෙලවෙන සෙයක් දැණුනි. එක්වරම ඇතිවූ දැඩි පීඩනයෙන් හිර කුටියේ කම්බි මහා ශබ්ධයක් නඟමින් කඩා වැටුනේය. ඒ සැණින් ජනරාල් ගැස්සී ඇහැරුණි. ඔහු ඉදිරිපිට තෙහෙට්ටු වූ මුහුණකින් යුතු සිය බිරිඳ විය.

"ඇත්තටම දෙමළු දෙමළුමද ?? " ජනරාල් වරයා ඇසූ ප්රැශ්ණයෙන් බිරිඳ තුෂ්ණිම්භූත විය.

Saturday, March 6, 2010

මෙදා පාර ගෝමිණී ලකුගේට බබා හම්‍බවෙයි....දැනටමත් හිඟා කකා ඇවිදී


ලංකාවේ රාජ්‍යත්වය අවසන් වෙලා පාර්ලිමෙන්තු ක්‍රමයක් ඇති වුණාට පස්සේ බිහිවුණු වැඩිම කම්බචෞර ක්‍රීඩා ඇමති ගෝමිණී ‍ලකුගේ (කම්බචෞර කීර්තිනාමය දරණ්නන් වැඩිම පිරිසක් බිහිකළේ චින්තන ආණ්ඩුවයි) මේ දවස්වල ඉන්නේ හරිම කනස්සල්ලෙන්. ඒ තමන්ගෙන් පස්සේ එන 10වැනි පරම්පරාවටත්, තමන්ගේ මීළඟ බිරිඳටත් (නීත්‍යානුකූල නොවන) හරි අමාරුවෙන් කීයක් හරි කොමිස්පාරක් ගහනවා කියලා තිබුණු අහිංසක බලාපොරොත්තුවට කණකොකා අඬන හින්ඳයි.

චින්තන ලොක්කා තමන්ගේ පවුලට මුළු රටම ගොඩදාගන්න කොට යූඇන්පීයෙන් පැනපු මේ හංගඳයා මෙච්චර කෙලී කියලා පචආයුධයාවත් හොරෙන් කිව්වේ නෑ නොවැ. මේ ගඩ්ඩා අන්තිමට ක්‍රිකට් පාලක මණ්ඩලෙන් විතරක් නෙවෙයි අනිත් හැම එකකින්මත් කෙළලා අන්තිමට සාක් එකේදි කවදාවත් නැති විදිහට බළු විදිහට පැරදුණා.

ගෝමිණියට කෙළින්න බළල් අතක් හොයලා දුන්නේ කෝච්චි ඩලස්ලු. හිටපු රැජිණගේ ඩ්‍රයිවර් වෙලා ඉඳලා ඇමති පට්ටමක් දක්වා ඇවිත් මිනියකුත් මරපු කන්දන චත්‍රීව වැඩේට සෙට්කරා ගෝමිණියව එලොව යවන්න. කැස්බෑවේ යූඇන්පී එකෙන් ඡන්දෙ ඉල්ලලා පැනපු ගෝමිණියා කැස්බෑ‍වේ බුලත් කොලෙන් ඉල්ලන අතරේ එහෙ හිටපු බුලත්කොලේ සංවිධායකයාව ඡන්දේ ඉල්ලන්න දැම්මම තමන්ට කෙළවෙන බව ගෝමිණියා කොහොමටත් දන්නවා. ඒක හින්දනේ මූ දැන් මට්ටක්කුලියෙ ඉදන් වත්තල දක්වාම පෝස්ටර් ගහන්නේ.(වත්තල අයිති කොළඹට නොව ගම්පහටය)

ජීවිතේ මෙච්චර අවධානමකට දාගන්නෙත් නැතුව පුරුදු‍ වෙන්න ගසාකන්න පුළුවන් ක්‍රීඩා පුටුව ඊළඟ කැබිනට්ටුවෙදි යුවරජ කුමාරට දෙන්න ඉන්නවා කියල ආරංචියි. අවුරුදු සීයකට ගහපු ප්ලෑන් එකේ හැටියට සල්ලි ගහන්න ෆ්‍රැක්ටිස් කරන්න හොඳම තැන මේක කියලයි පවුල් සභාවෙන් අඳුරගෙන තියෙන්නේ. ඒකට අවශ්‍ය විශේෂඥ දැනුම මෙන්ම බළල් අත විදිහටත් සනත් ගොයියා කටයුතු කිරීමට නියමිතයි.

‍ගෝමිණී ලොක්කා මේ දවස්වල "මටත් චුට්ටි මනාපයක් දෙන්න" කියලා හිඟමනට වැටිලා ඉන්නේ මිනිහගේ කේන්දරේ ප්‍රශ්ණයක් හින්දලු. තමන්ට රේස් ඔට්ටුවලට වඩා වාසි දායක ක්‍රීඩා පුටුවට දතකට මැදගෙන බලං ඉන්න රේස්තිලංගට "හුප්පේ" කියලා තමයි කියන්න වෙන්නේ........

Saturday, February 27, 2010

ගීතා හින්දා මුතුහෙට්ටියට මාර වැඩේ...!!!!!


දකුණු පළාතේ නාහෙට අහන්නේ නැති පොරවල්ගේ කටවල් ගැන විශ්වාසයක් නැති හින්දා, මහමැතිවරණයට එන හැමෝටම සාමුහික රැස්වීමක් තියන්න කියලා නියෝග කරා. විශේෂයෙන් අනර්කලී කෙල්ලට කියපු කතා ටික මතක් වෙන කොට ගීතාට මේ යක්කු මොනා කියන්න බැරිද කියලා ජනපතිතුමාට අනේ අපොයි කියවුනා.

ඒක කොහොම වුනත් හැමෝටම එන්න කියලා තිබුණු රැස්වීමට කුකුලෝ, කිකිළියෝ ඔක්කොමලා ආවා. මේකට ආපු ගීතා අක්කාත් (තරහවෙයිද දන්නෑ) තමන්ගේ වාරෙදි හරි හරියට අදහස් දැක්වූවා. ඇවිල්ලා හිටපු නාකි හම්පඩොයොන්ගේ ඉදන්, කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම ගීතාගේ සුකොමල කතාව පටන්ගන්නකොටම වේදිකාව වටේට පිරුණා. ගීතා හිතුවේ උන් ඇවිල්ලා තියෙන්නේ එයාගේ කතාව අහන්න කියල හිතලා අම්බානක ෆෝම් වුනා. ගීතා ලෝකේ වටේ ඉන්න පිරිමින්ගේ හැටි දැනගත්තත් තමන්ගේ ගමේ කුපාඩින්ගේ හරියට තේරුම් අරං නැති හැටි.

කොහොමහරි නොනවත්වා නැගෙන අප්පුඩියත් එක්ක ගීතා තමන්ගේ කතාවේ උච්ඡතම හරියට ආවා.

"මම පොරොන්දු වෙනවා ඔබ තුමන්ලගේ සතුට, තෘප්තිය වෙනුවෙන් කැපවෙන්න. ජනපතිතුමා මාව දකුණට එව්වේ මට මගේ ගමේ වැඩ පටන් ගන්න"

වේදිකාවේ ඉන්න කසඩ මිනිස්සු දිහයි පහළ ඉදන් තමන් තමන් දෙස කට ඇරගෙන ‍බලාගෙන ඉන්න එවුන් දිහා මාරුවෙන් මාරුවට බල බල කතාව දිගට ගියා. ටිකක් විතර කම්පනයකින් හිටපු හින්දා ඇයට සභාවේ හිටපු කට්ටිය දිහා බලන්න බය හිතුනා. ඒක හින්දා ‍වේදිකාවේ කෙළ පෙරමින් හිටපු උන් දිහා විතරක් අපහසුවෙන් හරි බලාගෙන කතාව ඉවර කරන්න ගීතා හිතාගත්තා.

" මං මගේ ගමින් ගියේ පොඩි කාලේ, මට කොළඹ ඒකාකාරී ජීවිතේ එපා වෙලා තිබුනේ. ඒක හින්දා මම තීරණය කරා මගේ සේවය ඉදිරියට ගාල්ල ප්‍ර‍දේශයට ලබා දෙන්න. ඒකට මට ඔයාලගේ උදව් ඕන. මාව කොහොමහරි ගන්න. මෙතන ඉදන් මාව ඔබට බාරයි"

පචායුධයා වගේ මීනීමරන්න වගේ කෑගහලා පුරුදු නැති නිසා‍ ගීතා ආවේගයෙන් කතා කරාමත් ඒක බලං ඉන්න අයට ඇහෙන්නේ හරියට සරාගී ඇමතුමක් වගෙයි. මේක දිහා මුල ඉදන්ම බලං ඉදපු මුතුහෙට්ටියාට එකපාරටම තමන්ට තියෙන ස්කිසොෆීනියා කියන රෝගේ ඉස්මතු වුනා.(අර ගරිල්ලා මාකටිං ෆිල්ම් එකේ තියෙන්නේ) ඒක මතු වුනාම හීනයක් දකිනවා වගේ අවට විකෘති‍ වෙනවා. කෙළ පෙ‍ර පෙර හිටපු මුතුහෙට්ටියාට ගීතාගේ අවසන් වචන ටික ඇහුනේ මිනිහට පුද්ගලිකව කිව්ව දෙයක් වගේ.

මෙන්න බොලේ එක පාරටම මූ වේදිකාව පෙරළගෙන ගීතාව බදාගන්න යන්න හැදුවා. එතන හිටපු සරත් අමුණුගම මහත්තයා ටක් ගාලා පැනලා ගීතා අක්කව බේරා ගත්තා. මුතුහෙට්ටියාව බැදලා බොහෝම අමාරුවෙන් තමයි එළියට අරං ගිහිං තියෙන්නේ. රෙඩි වෙලා හිටපු පීඑස්ඩී කාරයෝ ‍මූව කුදලගෙන යන්කොට මූ බැල්ලියෝ දැක්කම බල්ලො "කූක්" "කූක්" ගානවා වගේ කෑගැහැව්වා කියලයි ළග හිටපු එකෙක් කිව්වේ.

Wednesday, February 17, 2010

සෝමරත්න දිසානායක මැතිසබයට යවා සිනමාව ඔහුගෙන් බේරාගමු. - සිනමාවට හිතැති පිරිසකගෙන් ආදරණීය ජනාධිපතිතුමා වෙතින් ඉල්ලීමක්.




මෙවර සන්ධාන ඡන්ද නාම ලේඛනය තුලින් සමාජ ශොදනය සදහාද කටයුතු කර ඇති හෙයින්, එනම් සමාජයේ ජීවත් වීම අන්අයට අහිතකරයැයි හිතෙන පුද්ගලයින් පාර්ලිමෙන්තුවට යවා සිරගත කොට සමාජය ඉන් මුදවා ගැනීමේ ප්රඅයත්නයක නිරතවන බවක් පෙනී යයි.

එම නිසා සිනමාවට හිතැති දේශප්රේතමී සිනමා ලෝලීන් ඉල්ලා සිටිනුයේ සිනමාව යැයි වැරදි දෙයක් හදුනාගෙන ඒ තුලින් ලාංකික වැඩිහිටියන් ළදරුවන් යැයි සිතාගෙන (නමුත් මේ ‍පුද්ගලයා නම් වැඩිහිටි බීජ රටපුරා වපුරා ඇත) ලාංකික සිනමාවට පිළිලයක්ව පවතින ‍සෝමරත්න දිසානායක නම් පුද්ගලයාගෙන් සිනමාව මුදවා ගැනීම සදහා ඔහුට ලංකාවේ හොදම පිස්සු පොට් එකේ සාමාජිකත්වය දැරීම සදහා ඇතුලත් කරගන්නා ලෙසයි.

ස්ත්රීස දූෂකයින්, උන්මත්තකයින්, බුකීකරුවන්, නාසිවාදීන්, ලිංගිකව බෙලහීනවූවන්, ලොව පැරණිම වෘත්තිය නැංවීම සදහා ප්රාූයෝගිකව දායකවූවන් ගෙන් පාර්ලිමෙන්තුව පිරවීමට යෝජනා වන සමයක සිනමාව කාබාසිනියා කරන පොරකගෙන් එය බේරාගැනීම සදහාවත් පාර්ලිමෙන්තුව කැපවන්නේ නම් එය සුබ අනාගතයකට කුඩා හෝ දායකත්වයක් වනු ඇත.

Tuesday, February 16, 2010

දේශපාලනික බ්ලොග්පිටු වෙනම පිටුවක් වෙත ඇතුලත් කිරීමට විරෝධය


සිංහල බ්ලොග් කියවනයේ දේශපාලනික සටහන් විසින් සිංහල බ්ලොග් කියවනය අවලස්සන වී ඇතැයි
යන්න හේතුකොටගෙන දේශපාලන බ්ලොග් සටහන් සියල්ල ප්‍රධාන පිටුවෙන් ඉවත්කොට අනුපිටුවකට යවා ඇත.

"මෙවැනි දේශපාලනික මඩ නිසා සින්ඩිකේටරය බැලීමට පවා අප්‍රසන්න වී ඇතැයි අපට සින්ඩිකේටරයේ පාඨකයන් විශාල සංඛ්‍යාවකගෙන් පැමිණිලි ලැබීම"(සැබැවින්ම එසේ මඩ ගසාගන්නා එවාට අකමැති අය ඉන්නවා කියන කාරණය විහිළුවකි. පසුගිය කාලයේ රූපවාහිනී දේශපාලනික වැඩසටහන් වඩාත් පනප්‍රිය වූයේ ඒවාගේ න්‍යායාත්මක කාරණා කතා කළ නිසා නොව ඒවායේ මඩ තිබුණු නිසාය.)

අනෙක් අතට සින්ඩියට ඇති හිට්ස් සං‍ඛ්‍යාවේ පහළ යාමක් ගැනද දක්වා ඇති අතර එයද ඊට හේතුව ලෙස මෙකී දේශපාලනික බ්ලොග්කරුවන්ගේ ක්‍රියාදාමයන් හේතුවිණැයි කිසිම අධ්‍යයනයකින් තොරව පවසා ඇත. මන්ද පහුගිය කාලයට පුරාවටම වැඩිම හිට්ස් ලැබෙන්නාවූ සිංහල බ්ලොග්ස් අතර බයිස්කෝප්.lk හැරුණුකොට වඩාත් ඉදිරියෙන්ම තිබුණේ Taboosubject, Beyondframe වන නිසාය. ඒ හැරුණු ‍කොට "පන්හිද සමග" ද ඉතා ඉහළ ප්‍රතිචාර ලද බ්ලොග් අතර තිබුණි. ( හැකිනම් මෙකී දේශපාලන බ්ලොග් වෙනස් පිටුවකට දැමීම සදහා ඇඩ්මින්වරුන් අතර පැවතුණු සංවාදය ඉදිරිපත් කරන මෙන් අභියෝග කරමු. )

එසේ ඉවත් කොට ඇති බොහෝ බ්ලොග් අතර ඇත්තේ මේ මොහොතේ මා දරණ දේශපාලන ස්ථාවරයට විරුද්ධ මතවාදයක් වුවද, ඔවුන්ගේ අදහස් දැක්වීමේ අයිතිය සහ ඒවා සංවාදයට ලක්වීමේ අවශ්‍යතාව අවධාරණය කරමි.

මේ පිළිබදව මා තැබූ කමෙන්ටුව පහත දැක්වෙන

.හ්ම්ම්දේශපාලනයට අකමැති පිරිස් (අදේශපාලනික) බොහෝමයක් බ්ලොග් අවකාශයේ ඉන්න බව පේනවා. ඒක හින්දා වෙනමම දැම්ම එක කමක් නෑ කියලා කියමුකෝ. ඒත් ඇයි මේ තාක්ෂණික බ්ලොග්ස් වෙනමම දාන්නේ නැත්තේ. මටනම් හිතෙන්නේ බහුතරයකට ඒවගේ තියෙන ඒවා වැඩක් නැහැ. කැමති අයට බලන්න කියලා වෙනමම ගෲප් එකකට දැම්මනං හරිනේ. අනිත් එක පුද්ගලික දිනපොත්, ඔය එක එක්කෙනාගේ පුද්ගලික ඕපා දූප ප්‍රසිද්ධ කරන එක කොච්චර සදාචාරවාදීද? මට නං හරිම අප්‍රිය වැඩක්. ඉතිං ඇයි ඒ වගේ බ්ලොග්ස් වෙනමම කැටගරයිස් කරන්නේ නැත්තේ? අනුන්ගේ කුණු කන්දල් බලන්න ඕන එවුන්ට ඒක තියෙනවා. ලංකාවේ බ්ලොග්කරුවන් විකල්ප වෙන්න හදනවද කියල නම් මට තේරෙන්නේ නැහැ. ඒත් ලෝකෙ තියෙන්නේ වැඩිපුරම දේශපාලනික තේමාවන්ගෙන් ලියැවුණු බ්ලොග් කියලයි technorati.com එකේ තියෙන්නේ. ඒත් ඉතිං නඩුත් හාමුදුරුව්නගේ, බඩුත් හාමුදුරුවන්ගෙනේ….චීන පොරවල් ටිකකුත් ඇවිත් ‍ඉන්න එකේ ඇඩ්මින් මහත්තුරු බයවෙලා වගේ.

දේශපාලන සංවාද ගොඩනැගීම සදහා සිංහල බ්ලොග් කියවනය තුලින් ලද ඉඩකඩ අතිමහත්ය. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සමාන්තරව SBU ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්වන්නේ ඒ ඒ පුද්ගලයින් මූකලන් වල සිට කොළඹ ඒමෙන් හටගත් පාරම්පරික හීනමාන සංකීරනයන් එළිපැත්තට ඒම නිසා බව බොහෝ වගකීමෙන් අපට ප්‍රකාශ කළ හැක. එය ‍රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම බ්ලොග් ප්‍රජාතන්ත්‍රවාදයට කෙතෙක් බලපානවාද යන්න පිළිබදව වෙනමම අධ්‍යයනයක් සිදුකළ යුතුය. මේආකාරයේ ක්‍රියාකාරීත්වයන් අතිශයින්ම මනෝමූලික නියුරෝසික තත්ත්වයක් මිස සැලැසුම් සහගත ක්‍රියාපටිපාටීන් නොවන බව හොදින් නිරීක්ෂණය කළහොත් දැකගත හැක.

එහෙයින්, සායනික ‍රෝග තත්ත්වයන්ගෙන් පීඩා නොවිදින ඇඩ්මින්වරුන්ගෙන් සහ පක්ෂ විපක්ෂ දේශපාලන අන්තර්ගතයන් සහිත බ්ලොග්කරුවන්ගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ පැත්තක් පණනැති එවන් ඉදිරිපිට දණ නොගසා කොන්ද කෙළින් තබාගෙන "අන්තර්ජාල " මාධ්‍ය තුල ඇති සුවිශේෂී ලක්ෂනයන් පිළිබදව අවධානයෙන් වඩාත් යහපත් හෙටක් සදහා බ්ලොග් අවකාශයට ක්‍රියාකාරී සහයෝගය ලබාදෙන ලෙසය .


Wednesday, February 10, 2010

ජනාධිපති ඝාතනය පිළිබද තීරණාත්මක හෙළිදරව්ව




රජයේ ජනමාධ්‍ය මේ දිනවල තළුමරමින් ප්‍රකාශයට පත්කරමින් සිටිනුයේ එල්ටීටීයටවත් ළගට ඒමට නොහැකි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් සිදුකරන ලද කුමන්ත්‍රණයක් පිළිබදවයි.

මේ පිළිබදව දිනකට කිහිපවතාවක් දර්ශනය කරනු ලබන කුමන්ත්‍රණකරුවන් ඇතුලත් වීඩියෝ පටය දුටු විට මා මින් පෙර දැන සිටි දෙදෙනෙකු‍ගේ රූප එහි සටහන්ව තිබුණි. මාර සීර්යස් සිද්ධියක් ලෙස ගෙන හැර පෑ මෙකී රාජ්‍ය විරෝධී ජනාධිපතිඝාතන කුමන්ත්‍රණය එතැන් සිට මට විශාල ජෝක් එකක් බවට පත්විය.

ඊට හේතු
  1. එතැන සිටි අයවළුන් දෙදෙනෙක් මා දන්නා අය වීමත් ඔවුන් සමගින් රාජ්‍ය විරෝධී තබා රහසින් බල්ලෙක්වත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සිදුකළ නොහැකි වීම.
  2. ඔවුන් ප්‍රදේශයේ බේබදුන් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටීම
  3. ඔවුන් (සහ පවුලේ අය) ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සහ ඔවුන් සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වීම.
  4. කසිප්පු හෝ අරක්කු පෙන්වා කුඩා ප්‍රමාණයේ මැරවැඩ සිදුකිරීමේ හැකියාවක් තිබුණද, රාජ්‍ය විරෝධී ජනාධිපතිඝාතනයක් සැලසුම් කිරීම විහිළු සහගත වීම
ඉතිං මේ නාටකයෙන් රගදැක්වීමෙන් පසු ජනාධිපති ඝාතන චෝදනා මත සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී ජවිපෙ නායකයින්ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන කටකතා පවතී.

ආණ්ඩුවේ සිතනුයේ ලංකාවේ සිටිනුයේ කොණ්ඩේ බදින ‍චීන්නුද යන්න දැන් මතුවන සැකයයි.

Monday, February 1, 2010

නිහැඩියාව තුල හැංගුණු ගිනිපුපුරු


මේ නිහැඩියාව ගෙන එන්නේ අලස වූත් භයංකාර වූත් හැගීමකි. ගිනිගොඩ දැවී අළුගොඩක් පමණක් දෘශ්‍යමාන වුවත් ඒ අළුගොඩ යට ගිනිපුපුරු සැගව ඇත්දැයි සැකයක් පවතී. ඔක්ෂිජන් නොලබන ගිනිපුපුරු නොපෙනීම නීවී යා හැකි වුවත්, රහසින් පණලබා එකවරම මහා ගිනිජාලාවකින් මහපොළොව ගිනිගනීවිද?

මහාගිනිජාලාවක් අවසන අළු පමණක් ඉතිරි කළ පොළොවක් මත ගිනිගන්නට යමක් ඉතිරිව තිබේද?

ඒත්,

කසල වූ සමාජයකට තව තවත් ලැබෙන්නේ පහසුවෙන් ගිනිගෙන දැවිය හැකි ඉන්ධනම පමණක් නම් තවත් ගින්නක් හට නොගන්නේ කෙලෙසද????

ගින්න නැවැත්විය නොහැකි නම්, අඩුම තරමින් මහා විනාශයකින් පසුව ගොඩනැගෙතැයි සිතෙන සමාජයක් වත් පහසුවෙන් ගිනිනොගන්නා තරම් ශක්තිමත් විමට බලාපොරොත්තු තබා ගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වනවා හැරෙන්නට මේ මොහොතේ කළ හැකි කිසිවක් නොපෙනේ.