Wednesday, February 10, 2010

ජනාධිපති ඝාතනය පිළිබද තීරණාත්මක හෙළිදරව්ව




රජයේ ජනමාධ්‍ය මේ දිනවල තළුමරමින් ප්‍රකාශයට පත්කරමින් සිටිනුයේ එල්ටීටීයටවත් ළගට ඒමට නොහැකි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් සිදුකරන ලද කුමන්ත්‍රණයක් පිළිබදවයි.

මේ පිළිබදව දිනකට කිහිපවතාවක් දර්ශනය කරනු ලබන කුමන්ත්‍රණකරුවන් ඇතුලත් වීඩියෝ පටය දුටු විට මා මින් පෙර දැන සිටි දෙදෙනෙකු‍ගේ රූප එහි සටහන්ව තිබුණි. මාර සීර්යස් සිද්ධියක් ලෙස ගෙන හැර පෑ මෙකී රාජ්‍ය විරෝධී ජනාධිපතිඝාතන කුමන්ත්‍රණය එතැන් සිට මට විශාල ජෝක් එකක් බවට පත්විය.

ඊට හේතු
  1. එතැන සිටි අයවළුන් දෙදෙනෙක් මා දන්නා අය වීමත් ඔවුන් සමගින් රාජ්‍ය විරෝධී තබා රහසින් බල්ලෙක්වත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සිදුකළ නොහැකි වීම.
  2. ඔවුන් ප්‍රදේශයේ බේබදුන් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටීම
  3. ඔවුන් (සහ පවුලේ අය) ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සහ ඔවුන් සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වීම.
  4. කසිප්පු හෝ අරක්කු පෙන්වා කුඩා ප්‍රමාණයේ මැරවැඩ සිදුකිරීමේ හැකියාවක් තිබුණද, රාජ්‍ය විරෝධී ජනාධිපතිඝාතනයක් සැලසුම් කිරීම විහිළු සහගත වීම
ඉතිං මේ නාටකයෙන් රගදැක්වීමෙන් පසු ජනාධිපති ඝාතන චෝදනා මත සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී ජවිපෙ නායකයින්ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන කටකතා පවතී.

ආණ්ඩුවේ සිතනුයේ ලංකාවේ සිටිනුයේ කොණ්ඩේ බදින ‍චීන්නුද යන්න දැන් මතුවන සැකයයි.

12 comments:

  1. බට සුබ අනාගතයක්...... ඔහොම තමයි සුබ අනාගටහයේ පෙර ලකුනු

    ReplyDelete
  2. Clash at Hulftsdorp protest

    ReplyDelete
  3. මෙවන් කාලකන්නි මිනිස්සුන් වෙනුවෙන් කරන ලද අතිමහත් සේවාවට
    ‍ජෙනරාල් සරත් ෆොන්සෙකා එල්ලා මරණයට පත්කල යුතුය

    ReplyDelete
  4. කොණ්ඩේ බදින චීන්නුන්ට අමතරව දැන් දැන් අධෝවාතයක් පිටවුනාමත් කිරිබත් කන බයියන්ද සිටින බව අමතක නොකළ යුත=ය.

    ReplyDelete
  5. is this all you have to against court produced evidence, ; your unverifiable claims.
    lol @ sf joker supporters

    ReplyDelete
  6. කවුද මේ දෙන්න ?

    ReplyDelete
  7. නමෙන් පේන්නේ නැද්ද?

    ඇට දෙක උඩ ඉඳගෙන ඉන්න එකෙක්!

    ReplyDelete
  8. රටෙ ජනතාව මෙක කරන්න 18 ලක්ෂයකින් ලයිසැන් දුන්නනෙ. උබලා මොකටද නයට කහින්නෙ.

    උබලට මොනවහරි උනොත් උබලැ පවුල් වල අයට මොකද වෙන්නෙ.

    මෙය විදියට ජනාධිපති ඝාතන කුමන්ත්‍රන නම් පොලිසිය, හො රහස් පොලිස්සියනෙ අත්අඩංගුවට ගන්න ඔන.

    මෙක ඇත්තටම දිර්ඝ කාලින සැලසුමක් මහවැලිය වගෙ. මුලින් බට්ටි, පබා පෙන්නලා බුද්ධිය මොට කරා ඉට පස්සෙ මිනිස්සුන්ව රැවැට්ටුවා..

    ReplyDelete
  9. Meka Self planned coup ekak
    Alberto Fujimori mehema kala Peru rate

    Oya okkotama kawadahari kanna wei

    SLFP ayath MR ta den ne

    ReplyDelete
  10. රාජ්‍ය මාධ්‍ය විසින් සිදුකරන තොරතුරු විකෘති කිරීම පිළිබද අතිශය නිර්ලජ්ජිත වැඩපිළිවෙල නිසා සත්‍ය තොරතුරු පිළිබදව විශ්වාසය බිදවැටී ඇත. විශේෂයෙන් අවස්ථාවාදී දේශපාලනයන් විසින් හසුරුවන මාධ්‍ය මගින් (ඉරුදින, දිනමිණ,ලංකා වැනි පුවත්පත්) ප්‍රවෘත්ති දේශපාලනික වීමත් දේශපාලන පාක්ෂිකයින් අන්ත දෙකකට තල්ලුවීමත් සිදුව ඇත.(polarised)
    මා ඉහතින් දක්වා ඇත්තේ විකෘති තොරතුරු මත හා මගේ අත්දැකීම් මතය.අදාළ පුද්ගලයින්ගේ නම් ගම් විස්තරද දැක්විය හැකි මුත් එය ආරක්ෂිත නොවන නිසා එසේ සිදුකළ නොහැක. ඉදිරි දින කිහිපය තුලදී මාධ්‍ය මගින් මෙය අනාවරණය වේ යැයි බලාපොරොත්තු විය හැකි වුවත් මාධ්‍ය දෙසට දක්වා ඇති රාජ්‍ය ත්‍රස්තවාදය නිසාවෙන් එය එසේ වේ යැයි පුර්ණ බලාපොරොත්තුවක් නොමැත.

    ReplyDelete
  11. ඔය තරම්ම ෂුවර් නම් කළ හැකි එක දෙයක් ඔබට තිබේ.

    වහාම UNP කාරයෝ දෙන්නෙක් අල්ලාගෙන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට ඔබ කියූ දෙදෙනා නොම්මර එකේ බේබද්දන් බවටත් ඔවුන් එතැනට පැමිණ ඇති කාරණාවත් පැහැදිලි කරන්න.

    (ජනරාල් පාටියක් දාන්න ලෑස්ති කරල ළඟ පාත ඉන්න බේබද්දන්ට එන්න කිවුවද දන්නේ නෑනේ.)

    මහින්දට ඡන්දේ දෙනවනම් ෆොන්සේකාත් එක්ක ඒ බේබද්දන් ආවේ එයා මතට තිත තියන්නේ නැති නිසා ද ?


    "කසිප්පු හෝ අරක්කු පෙන්වා" ????

    මේවා පෙන්නලා කරන්න පුලුවන් ඉටිගෙඩියක් නැති බව නම් ඇත්තකි.

    එතකොට ෆොන්සේකා එතැනට ඔවුන් ගෙන්වා ඇති ආකාරය වන්නේ ඔවුන්ට කසිප්පු හෝ අරක්කු පෙන්වීමෙන් ද?

    මේ වගේ සිල්ලර තර්ක ගේන්න කලින් මේ රටේ මිනිස්සුන්ට තාම අං ඇවිත් නැති බව සිතා ගත්තොත් හොඳයි.

    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  12. @ තේජාන්,
    ඔබගේ අදහස් දැක්වීම ගැන සතුටු වුවත්, ඔබේ අදහස දැක දුක්වනවා ඇරෙන්න වෙන කරන්නට දෙයක් නැත. ‍රටේ මිනිස්සුන්ට කෙසේ වෙතත් ඔබ විසින් SBU Google Group හි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අදහස් ගැන දුටු විට කීමට ඇත්තේ ඔළුව අතගා බලන ලෙස පමණි. යමක් පිළිබද අදහස් ප්‍රකාශ කරන විට එහි සමස්තය පිළිබද යම් අදහසක් තබා ගන්නේනම් එය සාමාජයීය ස්ථානයක අදහස් ප්‍රකාශකිරීමේදී වඩාත් ඥානාන්විත වනු ඇත. ඔබගේ අනෙකුත් අදහස් මෙන්ම මෙහි අසා ඇති ගැටළුවල ඇති ප්‍රාථමික බව හේතුවෙන් ඒ පිළිබද මා කිසිවක් නොකියමි. ලාබාලයෙකු ලෙස (සාමාජයීය ව‍ශයෙන් ඔබේ අදහස් අනුව) ඔබට වැඩිහිටියෙකු වීමට නම් අඩුම තරමෙන් නලින්ද සිල්වා ගේ අදහසක් වත් කියවීමට පුරුදුවනවා නම් බ්ලොග්කියවන්නන් හට වඩා හරවත් යමක් මෙන්ම මතුකරන ගැටළුද මීට වඩා ව්‍යක්ත වීමට ඉඩකඩ ඇත.

    ReplyDelete