Monday, February 1, 2010

නිහැඩියාව තුල හැංගුණු ගිනිපුපුරු


මේ නිහැඩියාව ගෙන එන්නේ අලස වූත් භයංකාර වූත් හැගීමකි. ගිනිගොඩ දැවී අළුගොඩක් පමණක් දෘශ්‍යමාන වුවත් ඒ අළුගොඩ යට ගිනිපුපුරු සැගව ඇත්දැයි සැකයක් පවතී. ඔක්ෂිජන් නොලබන ගිනිපුපුරු නොපෙනීම නීවී යා හැකි වුවත්, රහසින් පණලබා එකවරම මහා ගිනිජාලාවකින් මහපොළොව ගිනිගනීවිද?

මහාගිනිජාලාවක් අවසන අළු පමණක් ඉතිරි කළ පොළොවක් මත ගිනිගන්නට යමක් ඉතිරිව තිබේද?

ඒත්,

කසල වූ සමාජයකට තව තවත් ලැබෙන්නේ පහසුවෙන් ගිනිගෙන දැවිය හැකි ඉන්ධනම පමණක් නම් තවත් ගින්නක් හට නොගන්නේ කෙලෙසද????

ගින්න නැවැත්විය නොහැකි නම්, අඩුම තරමින් මහා විනාශයකින් පසුව ගොඩනැගෙතැයි සිතෙන සමාජයක් වත් පහසුවෙන් ගිනිනොගන්නා තරම් ශක්තිමත් විමට බලාපොරොත්තු තබා ගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වනවා හැරෙන්නට මේ මොහොතේ කළ හැකි කිසිවක් නොපෙනේ.

16 comments:

  1. ත්‍රස්තවාදයට ඝෘජුවම සම්බන්ද වු හිටපු ත්‍රස්තවාදී නායකයන්ට බහුතර ජනතාව හා ඔවුන්ගේ දෙශපාලන නායකයන් සමාව දිය හැක. නමුත් දෙමල හා මුස්ලිම් ජනතාව ඊට සූදනම් නැත. තමන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතිය උදුර ගත්, තමන්ගෙන් කප්පම් ගත්, තම්න්ගෙ ඉඩම් පැහරගත්, තමන්ගෙ නිවෙස්වලින් එලවා දැමු, තම්න්ගේ ප්‍රජාතන්ත්‍ර නායකයන් හා තමන්ගෙ නෑදෑයින්/ලමයින් මරදැමු/බියගැන්වූ හිටපු ත්‍රස්තවාදී නායකයන්ව මේ ජන්තාව සමාව දීමට සුදනම් නැත.
    මේ නිසා පිල්ලයාන්, ඩග්ලස් වැන්නවුන් රජය සමග සිටින තාක්කල් එම ජනතාවගේ සහයෝගය ලබාගත නොහැක. මෙවර ජ්නාඩිපතිවරනයෙන් පෙනුනේද එයයි.

    ReplyDelete
  2. No. According to Wimal Weerawansa all people live in North and East who vote for SF are LTTE supporters and terrorists.Karuna and Pilleyan are war heros and patriotic. But Genaral Fonseka is a tritor and has connections with LTTE.More Jokes to come.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. භයානකම දේ ඒක නෙවේ. මේ කරන පිටුවහල් කෙරිල්ලෙ අන්තිම ප්‍රතිපලය මොකක්ද කියන එකයි. දෙමළා, සින්හලයා කියල භේදයක් නැතුව ඉස්සරහට යන්න තිබුනු අවස්තාවක් නැති උනා කියලයි මට හිතෙන්නෙ. දැන් මුන් කරන දේවල් වලින් දෙමළාටයි, මහින්දගේ මතයට එකග නැති සින්හල උන්ටයි වෙන්නෙ ගුලි ගැහිලා ඉන්න. ඒත් කොච්චර කාලෙකටද?
    මට බය හිතෙන්නෙ එතෙන්ටයි.

    ReplyDelete
  5. "ඔක්ෂිජන් නොලබන ගිනිපුපුරු නොපෙනීම නීවී යා හැකි වුවත්, රහසින් පණලබා එකවරම මහා ගිනිජාලාවකින් මහපොළොව ගිනිගනීවිද?"

    කළ යුත්තේ ඔක්සිජන් සපයා නොසිටීම නොවේද? මෙතරම් සරල පිළිතුරක් තිබියදීත් වර්ගවාදය නම් ඔක්සිජන් ලං කර ගෙන ඊලම නැවත සළකුණු කර ඇත. නැවත වරක් බෙදුම් වාදයට පණ ලැබී ඇත. ගිණි පුපුරු ගැන බය නිසා සබ්බ සකලමනාවම ගිනි දෙවියාගේ දෙවොලේ බුත්තියට සවි කිරීම ගොන් කමකි.

    ReplyDelete
  6. සිංහල දෙමල භේදය පමණක් නොවේ. ක‍්රිස්තියානී කාරයන්ගේ අග නුව‍්ර වන මීගමුවද ඉන්දියානු දෙම්ල අගනුව‍්ර වන නුව‍ර එලියද අනෙකුත් සුළු ජාතීන් වෙසෙන කොළඹ නග‍්රයද මහා සිංහල බෞද්ධ අන්තවාදී ත‍්රස්තවාදී ගෝත‍්රික නායකත්වය ප‍්රතික්ශේප ක‍ර තිබේ.

    ReplyDelete
  7. According to Migara's theory any Sihala politician or Political party popular within Tamil community amd getting their votes supporting EElam.What a good discovery,We must nominate him for Noble price.Simply if we can not win tamils then they will follow their leaders.Thih is how Prabha.Migara should explain why many tamil people voted for SF,He will say they all want eelam.Better remove MR glasses and see the world.

    ReplyDelete
  8. @ Anonymous

    poor logic. If tamils have no faith in Sinhalese leaders why should they vote for SF? If SF did not had an MOU with TNA, he'll also won't get any votes. But having said that, Tamil's opposition should not be taken as a draw back for the development of the country. Extrapolating this results to a mandate separate state , and wasting time on trying to win Tamils will result in stopping of development and losing support of Sinhalese, and subsequent rejection in the polls. When development gets in to N & E, and when people become richer, the results will change automatically

    ReplyDelete
  9. යහලුවා මෙ දෙශය පාලනය කරන උදවිය ගොඩක් හිතනවා මෙ රටෙ බහුතරයක් මිනිස්සු මොඩ ගොබ්බයො කියලා. එක ඇත්ත තමයි.
    ගිනි පුපුරු හොදට රස්නෙයි, අලු යට හැන්ගිලා තියන්නෙ. හැබැයි චුටි හුළන් පාරක් ආවත් ඇති දැන්. දෙමළ සංධානෙට යමක් කරන්න පුලුවන් තවමත්. ඉදිරියෙදි ජාතික එකෙ පෙන්නුවා වගෙ ඉඩි අමීන්ගෙ බලා ගත්ත හැකි. ඉඩි අමින් වැඩ ටික පටන් ගත්තා කියලා ආරංචියි. ලංකා වහලා, තිස්සමහාරාම ප්‍රදෙශීය සභාව වහලා. මම දකුනෙ කෙනෙක් නෙමෙ. නමුත් මම ගිහින් තියනව තිස්සමහාරමයට. එතන යම් දුෂනයක් වෙලා තියනවා කියන්නෙ, මුලු ලංකාවම වහන්න වෙනවා.
    දුප්පත් මිනිස්සුන්ව රවට්ටලා, විරයෙක්ට ගරහාලා කොහෙද මෙ යන්නෙ මෙ කස්ටිය.

    ReplyDelete
  10. "ගිනි පුපුරු හොදට රස්නෙයි, අලු යට හැන්ගිලා තියන්නෙ. හැබැයි චුටි හුළන් පාරක් ආවත් ඇති දැන්. දෙමළ සංධානෙට යමක් කරන්න පුලුවන් තවමත්."

    දෙමළ සන්ධානෙට සිංහලයන්ගෙ සහය නැතිව දේශපාලනිකව කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ. දෙමළ සංධානය දේශ්පාලනයෙන් ඉවත් කළ යුතු යයි ඒකෙන් කියවෙන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ඔවුන්ගේ අන්තවාදි ප්‍රතිපත්ති වලින් මෙහාට ඔවුන් ගෙන ඒමයි. ඔවුන්ගෙ ඡන්ද මිලියනයට ලෝබයෙන් තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ උත්සාහ කළ යුතුයි. දෙමළ මිනිහාට අතට සල්ලි ලැබෙන විට, දෙමළ සංධානයට දක්වන සහාය අඩුවි, ප්‍රධාන දේශපාලන ධාරාව සමග ඔවුන් එක් වේවි

    ඉඩි අමීන් කවුද කියල ඡන්දෙට පස්සෙ ගිය සෙල්ලම් වලදී අපි දැක්කා. ජනත0ව ඔයා හිතන විදියේ ගොබ්බයෝ නෙවෙයි.



    "දුප්පත් මිනිස්සුන්ව රවට්ටලා, විරයෙක්ට ගරහාලා කොහෙද මෙ යන්නෙ මෙ කස්ටිය."

    එතකොට වීරයා ෆොන්සේකා විතරද? ඔයාගෙ බළලා මල්ලෙන් එලියට පැන්නා. ෆොන්සේකා යුද්ධයට දැක්වු දායකත්වය 10-15% පමණ ඇති. අනික් හමුදාපතිවරු, බුද්ධි අංශ හා දේශපාලන නායකත්වය ඔතෙන්ට එනවා. ඔඅයාට අනුව SF විතරයි වීරයා. මහින්දා, ගෝටා වීරයෝ නෙවී. ඒ ගොල්ල කලේ ඇට බෝල ගහපු එකනෙ? රාජපක්ෂලාට එරෙහිව ගෙනගිය අපහාස "චෝයි". SF ට විරුද්ධව ගෙනගිහිපු ඒව "නෝටි". Double standards කියන්නේ ඔව්වට තමයි.

    "කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනිවීලා
    අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා"

    ReplyDelete
  11. මිගාර මහත්තයා දන්නේ දෙමළ වර්ගවාදය සහ බෙදුම්වාදය යන දෙක ගැන පමණය. ජාතිවාදය නම් දෙමළ ජතිවාදයය. දේශප්‍රේමය නම් මහ හඬින් තවකෙකු දේශදෝහියෙකු යැයි කෑ ගැසීමය.

    මිගාර සමඟ ආතල් ගන්න එක නවත්වන්න හිතාගෙන හිටයත් මේ යෝධයා ඒකට ඉඩ දෙන්නෙම නෑ වගේය.

    මේකා හැම වෙලාවෙම අනුන්ගේ ‍ඇහෙ ඇති පොල් කෙන්ද දකිනවා. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය දකින්නේ නෑ.මෛ්කා හිතන්නේ ජාතීන් අතර ඇතිවෙන ගැටළු වලට හේතුව අතට සල්ලි හම්බවෙන්නේ නැති එක කියල.

    මිගාර මැතිතුමා කියල තියෙනවා 'ඉඩි අමීන් කවුද කියල ඡන්දෙට පස්ස ගිය සෙල්ලම් වලදි අපි දැක්ක.' කියල. ඒක නම් ඇත්ත ඕනම ගොබ්බයෙක් නොවෙන එකෙකුට තේරෙනවා තමයි. මිගාරට නො‍ොත්රුනාට. කොහොමත් ඉතිං ඔක්කොම දේවල් මිගාරට පේන්නේ අනිත් පැත්තට නොවැ. නේද?

    ReplyDelete
  12. මිගාරට වෙබ් එකේ පොරක් වීමට ද අන් අයට පහත් කොට කතා කිරීමට ද දැඩි උවමනාවක් තිබේ.මොහු වෙද මහත්තයෙක් ද ? ............. ?

    ReplyDelete
  13. මිගාර යන බුද්ධිමතානනි....මා කිසි තැනක අපක්ෂපාති කෙනෙක් යයි සදහන් කර නැත

    මිගාර ජනපති තුමා නියම විරයෙක්ද...?

    1. ජාතික හා ස්වාධීන මාධ්‍ය ඔස්සෙ විපක්ෂ අපෙක්ෂකය කෙරෙහි ජනතාව තුල වෛරයක් ඇති කිරිම....ගුණ මකා දමමින් කටයුතු කිරිම
    ( ජනපති තුමා අවංක කෙනෙක් නම් එය වළක්වනු ඇත.)
    මක් නිසාද මෙම ජෙනරල් යුද්ධ කරන කාලෙදි කල කි දේ ද, එවිට ජනපතිතුමා කල කිදෙද මා ගාව ඇත. වැඩක් කරන මනුස්සයෙක් හා එ වැඩෙට ලකුණු දාගන්න මනුස්සයෙක් අතර වෙනස හදුනාගැනිමට මගෙ මන්ද බුද්ධික මොලයට පුලුවන්ය.

    2. හරියට කාතා කිරිමට වත් නොදන්නා අපෙක්ෂකයා වාදයකට ආරාධනා කිරිමෙදි ජනපති තුමා එය පිළිගත යුතුයි.
    ( කරුණු තියන කෙනෙක් තමයි වාදයක අඩගසන්නෙ, මොකද එක එයාට දිනන්න පුලුවන් බව දන්න නිසා)

    බොහො දියුනු ප්‍රජාතන්ත්‍රවාදි රටවල මෙ අයුරින් ප්‍රභල අපෙක්ෂකයින් ප්‍රසිද්ධියෙ වාද කරයි. මෙහිදි එක් කරුනකදි කෙනෙක් දිනයි, තවත් කරුනකදි තව කෙනෙක් දිනයි. ජනතාවට හොද බුද්ධිමත් තිර්නයක් ගැනිමට අවස්තාවක් ලැබෙ. මෙතනදි එය සිදුවිනි නම එයා සම්ප්‍රදායක් වශයෙන් ඉදිරියට යනු ඇත. මැතිවරණ කාලවලදි ඇතිවන නාස්තිය අවම කරගත හැක. වරදින් අඩු පුද්ගලයා, දක්ෂයා, විරයා ජනතාවගෙ හදවත දිනයි. ජනතාවද යම් ආකාරයට ඉහල බුද්ධිමට්ටමකට ලගාවනු ඇත වාද ඇසිමෙදි.එ තුලින් කල්පනා කිරිමෙදි.
    නමුත් ජනපති තුමා එ සියල්ල අමතක කර තමන් යටතෙ තිබු මාධ්‍ය භාවිතා කරමින් තුච්ච දෙශපාලනයෙ යෙදෙනු දක්නට තිබුනි.
    කොතරම් පහත් ලෙස මාධ්‍ය වැටි ඇත්ද කිවතොත් අදටත් එහි රට සිදුවන දෙයක් දැන ගැනිමට නොහැක.

    3. ගොටාබය අයි.ටින් එකෙ දි රාජ්‍ය රහස් හෙළි කරන විට නිහඩව ඉද එයට ජෙනරල් පිළිතුරු දෙන විට ජෙනරල්ට චොදනා එල්ල කරන ලදි.

    මෙ අයුරින් දියුනු දෙශපාලන සංස්කෘතියකට විපක්ෂ අපෙක්ශක්යා අඩ ගසද්දිත්, විපක්ෂ අපෙක්ෂකයා කටයුතු කරද්දිත් තම පහල බිම්මට්ටමෙ සමාජිකයින් තමුන්ගෙ වංචා දැක තමුන් හැරදා යයි කියන බියෙන් වාදයට නොපැමිනෙන ලදි.

    4. ජෙනරල් තමුන්ට එල්ල කල දුෂන චොදනා ගැන පිලිතුරු ප්‍රසිද්ද මාධ්‍යන් හට කිවද, ජනපති තුමා තමන්ට හා තම පවුලට එල්ල කරන ලද දූෂන චොදනා ගැන පිළිතුරු නොදිම..
    උදාහරන:-ජෙනරල් සිරසෙ පැවසුවා " එන්න මට තියන චොදනා ඔනාම audit team එකකින් බලමු, රටෙ ඔනාම කෙනෙක් ඉස්සරහා"

    නමුත් අවංක ජනාධිපතිතුමා එතනදි ජෙනරල් එල්ල කරපු චොදනාව වත් සැලකුවෙ නැහැ. "අපි වෙනුවෙන් අපි ගෙවල් 1500. හදන්න යටිතල පහසුකම් සදහා බිලියන 2.55 ක්, කැකිරාවෙ ගමක.තව මිලියන 2225 ක් වියදම් කරා ගෙවල් 1500 හදන්න... මුලු මිලියන 4775 ගෙවල් 1500 යි."

    මිගාර අපිත් 2005 මහින්දව දිනන්න චන්දෙ දුන්නු මිනිස්සු තමයි. හැබැයි අපි අපෙ නායකයා කරන හැමදෙම හරි, හැමදෙම 100 කියලා අන්ධ විදියට, මොඩ විදියට නැහැ. ජාතික එකෙ වත් , සිරසෙ වත් කියන ඔක්කොම දෙවල් මොඩයෙ වගෙ ඔලුවට දාගෙන කතා කරන්නෙ නැහැ. ඔයා මට වැඩිය වයසින් වැඩි කෙනෙක්. නමුත් හොදට මැදිහත්ව කල්පනා කරන්න. අයි.ටි.එන් එකෙ යුද හමුදාපති (යුද්ධය යන අතරතුර) ජනාධිපති , ආරක්ෂක ලෙකම්,
    කරපු ඔක්කොම සංවාද හා මාධ්‍යන් හි හැසිරිම් වෙනස් වුන ආකාරය, ජනාධිපතිවරණය ප්‍රකාශ කල ආකාරය මෙ හැම දෙයක්ම ගැන හොදට කල්පනා කරලා බලන්න. මැදිහත්ව ජෙනරල් හරි කියලවත්, මහින්ද හරි කියලාවත් ඔනැ නැහැ.ඔයාට තෙරෙයි ඔයා හොදට තෙලක් කාලා ඉන්නෙ. අපිත් කැම්පස් වල හිටියා. අපිට තෙල් ගහන්න ආවෙ ගොඩක් මොළෙ තියන මිනිස්සු. නමුත් අපි හරි කියලා හිතුන දෙ කරෙ, තෙල් ගහන්න ආපු අය හැරිලා ගියා.

    තෙල් ගසනවා -: කතා කර කෙනෙකුගෙ අදහස් වෙනස් කිරිම( අපෙ කැම්පස් එක තුල)

    ReplyDelete
  14. "මිගාර මහත්තයා දන්නේ දෙමළ වර්ගවාදය සහ බෙදුම්වාදය යන දෙක ගැන පමණය. ජාතිවාදය නම් දෙමළ ජතිවාදයය. දේශප්‍රේමය නම් මහ හඬින් තවකෙකු දේශදෝහියෙකු යැයි කෑ ගැසීමය."

    සහතික ඇත්ත.

    මිගාරට නොතේරෙන අනිත් කාරණය පාර්ලිමේන්තුවේ තමන්(මහින්ද) කියන ඔනෑම දෙයකට අත උස්සන අති බහුතරයක් සාදා ගත් විට නීති සම්මත වෙන්නෙ මහින්ද ට අවශ්‍ය නීතිය ,ව්‍යවස්ථා සංශෝධනය එය JR කාලයේද සිදුවුන අතර දැන් සිදුවන්නට යන්නේද එයමය.

    එහෙත් 20001 17 වන සංශෝධනය සම්මත වන විට විපක්ෂයටත් එහි වෙනස්කම් සිදුකිරීමට සෑහෙන බලයක් හිමි විය.

    ReplyDelete
  15. එන එන හැම බහුබුතයෙකුටම ඇමතිකන් දිලා බහුතරයක් හදාගන්න ඔනා කෙනෙකුට පුලුවන්...දැන් බලන්න ඇමතිලා එකසිය ගානක් ඉන්නවා. නිදහස් පක්ෂයෙ ඉන්න ගොන්නු ටික පක්ෂෙ දිනවන්න කටයුතු කරලා, පැත්තකට වෙලා බලන් ඉන්නවා...

    ReplyDelete
  16. කාලය ගෙවී ගියේය......
    http://lankatruth.com/sin/images/photos/Cartoons/2009/September/2009_09_13_600.jpg

    ReplyDelete