Tuesday, November 17, 2009

ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහක් දී ඉන් ලාභයක් උපයා ගැනීමට තරම් දියුනු වූ ශිෂ්ඨත්වය


ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහක් දී ඉන් ලාභයක් උපයා ගැනීමට තරම් ශිෂ්ඨ වූ ව්‍යාවසායකත්වයක් දැන් බිහිව තිබේ. විවෘත ආර්ථිකයේ ලිබරල්වාදී ශිෂ්ඨත්වය, වසර 2500ක් පැරණි ශිෂ්ඨාචාරයක් කූඨාප්‍රාප්තියත් සමගම ස්වයංපෝෂිත ලංකාවක් කරා යන මහින්ද ගමනේ අතරමග නූතන (අ)මානුෂිකවාදී ආර්ථික උපක්‍රමයන් රටපුරා දළුලමින් පවතී.


"රත්තරං වාසියක්" "ඔබේ රත්තරං වෙනුවෙන් අපෙන් ඉහළම මිලක්" "ඔබේ රත්තරං සින්නවෙන්න නොදී බේරාගන්න" යනාදී වූ මාතෘකා යටතේ විශේෂයෙන් බස්නාහිර පළාත අවට මෙකී ව්‍යාපාර සුලබව දැකිය හැකිය. සැබැවින්ම මෙහි සිදුවනුයේ අයෙක් විසින් උගස් කරනු ලැබූ රන්භාණ්ඩ, එකී උගස් තබන ලද රන්භාන්ඩ බේරාගෙන සුළු මුදලක් අයිතිකාරුවාට ගෙවා රන්භාණ්ඩ තමන් සතුකරගැනීමයි.


ගෑණුන්ගේ කකුල් දෙකක් පෙන්වීම සදාචාර විරොධී යැයි සම්මත, ශිෂ්ඨත්වයෙන් යුතු මේ සිරිලක, තවත් මිනිහෙකුගේ දුර්වලතාව, ආර්ථික අපහසුකම් ඉදිරිපිටදී අදාළ මනුස්සයාට පිළිසරනක් වීම පැත්තකින් තබා ඔහුට තවත් පාඩුවක් කිරීමට ඉදිරිපත්වීම අතිශය ප්‍රචලිතව ඇති ව්‍යාපාරයක් බව ක්ෂනිකව පත්ව ඇත. බණ භාවනා පංති, හතර පෝයටත්,වැලන්ටයින් දිනයටත් සිල්ගැනීමට තරම් ශීලාචාර සමාජයක මිනිස්සු ඇස් කන් පියා බලා සිටීම, අන්ධබවද, අනවබෝධයද, අවස්ථාවාදීකමද යන්න සිතාගත නොහැක.

7 comments:

  1. ඉතිං උඹට ඔච්චර රුදාව නම් අනුන්ට බැණ බැන ඉන්න එකේ සල්ලි දීල උන්ගෙ උකස නිදහස් කරපන්කො. අනේ බං කටින් විතරයි උඹලගෙ මහලොකු සමාජවාදෙ. වැඩක් කරන්න එන එකෙකුට කරන්න දෙන්නෙත් නෑ. තමන් කරන්නෙත් නෑ. වැඩක් නැත්නම් චූ කරල බුදිය ගනින්.

    ReplyDelete
  2. කිරි ටෑබුවෝ....

    ReplyDelete
  3. හැබැව නේන්නම්. අපේ ගමේ ඉන්නවා බඩගින්නේ හූල්ල හූල්ලා ඉන්න උන්දෙලාට හාල් පොල් විකුනලා ලාබ උපයන අය. ඒ මදිවට එක හැලපයෙක් ලෙඩ වෙලා ඉන්න අසරනයගේ ලෙඩ හොදකරලා ලාබ ගන්නවා. තව ගොබ්බයෝ කාන්ඩයක් අකුරු හතර නොදන්නා පොඩි එවුන්.. මම කියන්නේ අසරන පොඩි එවුන්ට අකුරු කියලා දීලා, පඩි කනවා. අනේ මන්දා, මේ යන විදිහට ගියෝතින් කොහොන් නතරවෙයීද කියලා. අනවබෝදේ, අන්දකම, අවස්තාවාදීත්වය.

    ReplyDelete
  4. මේ වගේ ගොන් කතා නම් කමෙන්ට් වලට දාන එවුන්ට නම් අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. හද්දා බඩගින්නෙ ඉන්න එකෙක්ට රුපියල් දහයේ ප්ලේන්ටිය රුපියල් සීයකට දෙන එවුන් හරි කියලද කියන්නේ. කියන දේ හරියට තේරුම් ගන්නෙ නැතුව නිකන් අහසින් පාත් වුනා වගේ කතා කරන එක ගැන නම් ඇත්තටම කණගාටු වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ.

    ReplyDelete
  5. මේකයි ගෝමස්, විකෘති සිස්ටම් එකක අවජාතක එවුන්ගේ ජාතකභාවය හොයන එක තේරුමක් නෑ.මනුස්සකම් ගැන කුරුවල්වුනු රූකඩ මනුස්සයෝ අතරේ ඇත්තටම මේ වගේ අදහස් බහුතරයක් තිබීම ස්වභාවිකයි. මුං හිතාගෙන ඉන්නේ නිදහස් තරගක් තියෙන ධනවාදී රාමුව ඇතුලේ වෙන්න ඕන මෙහෙමයි කියලා.මනුස්සකමෙන් ඈත්වෙලා සංකල්ප ඇතුලේ සමාජය ගැන හිතනකොට මේ වගේ කතා එළියට එනවා

    ReplyDelete
  6. සල්ලි හම්බකරන්න ඔනා හැබැයි අනිත් මිනිස්සුන්ගෙ අසරනකම් ඉස්සරහට දාලා ලැජ්ජා නැති විදියට නෙමෙ. මෙකයි ප්‍රශ්නෙ අපි හැමොටම හැමදෙම එක ප්‍රමානයෙන් හම්බවෙන්නෙ නැහැ. ඔයා ඔහොම දෙයක් ලියද්දි කෙනෙක් අර වගෙ කෙමෙන්ට් එකක් දන්නෙ එයාට සල්ලි හම්බවෙන ක්‍රමෙ එක වෙන්න ඇති. නැත්තම් ඔයාව බයිට් කරන්න. කොහොම උනත් අන්තිමට එ වගෙ මනුස්සයින්ට වෙන්නෙ සල්ලි විතරක් ඉතුරුවෙන එක. මැරුනු දවසට හත්දවස නිදිමරන්න වත් කෙනෙක් නැතිවෙනවා. අද මම යන මලගෙවල් ගොඩක මිනිස්සු හොද කාර් ,වැන් වලින් ඇවිල්ල බහිනවා. හැබැයි 11.30 වෙද්දි උන් ගෙදර. අර ලොකු මන්දිරෙ මැද්දෙ මිනිය වටෙ එයාගෙ පවුලෙ කිපදෙනා විතරයි.

    ReplyDelete