Friday, November 6, 2009

අරූ පස්සේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් - විමල්, නන්දන දෙදෙනාම පවසති


දේශප්‍රේමය වෙනුවෙන් කැපවී සිටින සිය පක්ෂයේ මහලේකම් වන නන්දන ගුණතිලක සහ ඔහුගේ පුද්ගලික ලේකම් කමල් දේශප්‍රිය ඉන් ඉල්ලා අස්වී යෑම පිටුපස විජාතික දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් පවතින බව විමල් වීරවංශ මහතා පවසයි. ඇමරිකානු නව තානාපතිවරිය විසින් ආර්ථික ඝාතකයින් පිරිසක් ලවා තම පක්ෂය බිදවැට්ටවීමට සිදුකළ රහසිගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවී ඇති බව ඔහු පවසයි. ඉදිරියට තවත් මෙආකාරයේ දෑ සිදුවිය හැකි බවද ඔහු පවසා සිටියේය.


මේ අතර ජනිපෙන් ඉල්ලා අස්වී යෑම ගැන නිලනොවන ලෙස අදහස් දක්වා ඇති නන්දන ගුණතිලක පවසා ඇත්තේ දේශප්‍රේමී අරමුණකින් යුතුව තමන් විසින් ජනිපෙ නිර්මාණය කිරීමට උදව් කළද මේ වන විට ජනිපෙ අධිරාජ්‍යගැති, දේශද්‍රෝහී වුවමනාවෙන් කටයුතු කරන නිසා තමන් ඉන් ඉවත්වීමට කටයුතු කළ බවයි. ඒ වෙනුවට ජනපති සමග එක්ව ඔහුගේ දෑත් ශක්තිමක් කිරීමට අදහස් කරන බව පවසයි. අධිරාජ්‍යගැති, දේශද්‍රෝහී මගක ගමන් කරන ජනිපෙට එරෙහිව තමන් නිකං නොසිටින බවද ඔහු පවසා ඇත.

4 comments:

  1. තව ලොකු කුට්ටියක් කඩා ගන්න ඕනෙ වෙලා එහෙම නෙවෙයි ඕං

    ReplyDelete
  2. වීරවංශට ඇමෙරිකන්කාරයෙක් පුකේ ඇරලද කොහෙද පොඩිකාලෙම. මූට හුජ්ජ බරක් හැදුනත් ඇමෙරිකාවට බනිනව.

    ReplyDelete
  3. "ජනපති සමග එක්ව ඔහුගේ දෑත් ශක්තිමක් කිරීමට අදහස් කරන බව"

    දෙපතුල් ලෙව කෑම පමණක් තමන්ගේ ජීවිකාව බවට පත් කර ගත්තු, ඒක තමන්ගේ මුළුමහත් පැවැත්ම බවට පත් කර ගත්තු, දෙපතුල් ලෙව කෑම තමන්ගේ පැවැත්මේ එකම සාධකය බවට පත් කර ගත්තු අයට ඔයිට අමතරව කියන්න දෙයක් නැහැ

    ReplyDelete