Monday, October 19, 2009

විමල් වීරවංශට ඉඩ නැතිවේ... මර්වින් සිල්වාගේ තැන ගැනීමේ වෑයමක්.....!


රාජපක්ෂ රෙජීමය තුල ජවිපෙ භූමිකාවට පණපෙවීමේ උත්සාහය ක්‍රම ක්‍රමයෙන් අසාර්ථක වන බව දැන ගෙන ඇති විමල් වීරවංශ විසින් දැන් මර්වින් සිල්වා විසින් රගදක්වමින් සිටින රාජපක්ෂ රෙදි හෙදීමේ රැකියාව සදහා යොමු වී ඇත.


තමන් ජනතා විමුක්ති පෙරමුනේ සිටියදී සිදුකලා වූ සියළු හැදෑරීම් රාජපක්ෂ රෙජීමයේ සුබසෙත සදහා පාවාදීමට තමන් එක සිතින්ම සූදානම් බවට හැගවෙන ප්‍රසිද්ධ ප්‍රකාශයක් විමල් වීරවංශ විසින් පසුගිය දා සිදුකළේය.


එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පවතින්නා වූ කතිකාවත නිර්මාණය කරන ලද්දේ අළුතෙන් පත්ව ආ ඇමරිකානු තානාපතිවරිය බවත්, ඇය ආර්ථික ඝාතකයෙක් (Economic Hitman) ලෙස ක්‍රියා කරන ඇමරිකානු ඒජන්තවරියක් බවත්ය. එසේ වුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඇමරිකාවට ඇති දැඩි අවශ්‍යතාව ගැන අදහසක් පළ නොකළ විමල් විරවංශ වක්‍රාකාරයෙන් ප්‍රකාශ කළේ එය ව්‍යූහාත්මක ලෙස බලපාන්නක් නොව හුදු මහින්ද ජනාධිපතිවරයාට එරෙහිව ඇමරිකාව විසින් දියත් කළ මෙහෙයුමක් බවයි.

සැබැවින්ම මෙය හාස්‍යජනක ප්‍රකාශයකි. 1994දී ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා ජනාධිපතිවරියට සහයෝගය ලබාදුන්නේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සදහාය. 1999 දී ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සදහාය.2004 දී මහින්ද ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමේ ප්‍රධානතම කොන්දේසියක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. එසේනම් විමල් මධ්‍යම කමිටු සාමාජිකයෙක් ලෙස ක්‍රියා කළ ඒ වකවානුවේ විධායක ජනාධිපතික්‍රමයට එරෙහිව සිය පක්ෂය ක්‍රියාකළේ කුමන ආර්ථික ඝාතකයෙකුගේ වුවමනාවකට දැයි යන්න දැන් ප්‍රකාශ කළ යුතුය.


සැබැවින්ම කාටත් වැටහෙන දෙය නම් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට බලකිරීම කුමන හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නොවන බවයි. ජවිපෙ විසින් ප්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපතිධූරයේ ඒකාධිපති ස්වරූපයට එරෙහිව ඊට විරුද්ධ වුණු අතරම තමන් කැපූ වලේ තමන්‍ම වැටුණු නිසා දශක ගණනාවකට තමන්ගේ පාලනයක් ගැන සිහිනය සැබෑකරගැනීමට නොහැකි බව දත් එජාපය හදිසියේම කොන්දේසි විරහිතව විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි විය.


මෙතෙක් කලක් තමන් ජවිපෙ සාමාජිකයෙක්ව සිටියදී ගිරිය පැලෙන තුරු විධායක ජනාධිපතික්‍රමයට එරෙහිව කැසුවද තමන් ඉන් ඉවත්ව මහින්දගේ ඔඩොක්කුවේ වාඩිවූ පසු විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවීම දේශද්‍රෝහී කමක් බවට පත්වන්නේ බටහිර පිල්ලි ඒ පසු පස සිටීම නිසා නොව රාජපක්ෂගේ රෙදි හේදීමේ වගකීම සිදුකළ යුතු නිසාය. මේ නිසාම තමන් විසින් හදාරන ලද ආර්ථික ඝාතකයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් හේතුඵල රහිතවම පාවා දී ඇත.


ක්‍රම ක්‍රමයෙන් කෙලෙවෙමින් පවතින තම සිහින රාජ්‍යයෙන් පිටතට විසිවීමට පෙර පිදුරු ගහේ එල්ලීමට මාන බලන විමල් වීරවංශ අනාගතයේදී මර්වින් සිල්වාටත් වඩා පිස්සු කෙළින පොරක් බවට පත්වූවද පුදුමයක් නැත. ගෙබ්බෙකු සේ පක්ෂෙන් පක්ෂෙට පනිමින් එන එන නායකයාගේ වන්දි භට්ටකම් කරමින් සිටින ජේ. ආර්.පී සූරියප්පෙරුම කෙනෙකු අනාගතයේ බිහිවීමට නියමිතවය ඇත්තේ මේ නරුමයාගේ වරදින්‍ නොව සමස්ත සමාජ පද්ධතියේම වරදින් බව ඔහු ද දන්නවා ඇත.

6 comments:

  1. ela ela... ohoma wenna thama ethanta hethtu une... redi hodala witharak ithuru unoth ethi.. thawa mona hodanna weida danne ne issarahata...

    ReplyDelete
  2. "1999 දී ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ"
    විධායක ජනාධිපතිවරණය ?????

    ReplyDelete
  3. ඇමරිකානු තානාපතිවරිය ආර්ථික ඝාතකයෙක් කියන කතාවනම් ඇත්ත වගේ. මේ බලන්න අපේ දුප්පත් ජල සම්පාදන මණ්ඩලයේ තුට්ටු දෙකත් හොරකම් කරලා.

    http://www.lankaenews.com/Sinhala/news.php?id=10763

    ReplyDelete
  4. @ Ano,
    ඒක වැරදීමක්, විධායක ජනාධිපතිවරණය නෙවෙයි, ජනාධිපතිවරය

    @චානක
    ගැටළුව ඇමරිකාවේ ඉන්න ආර්ථික ඝාතකයෝ ගැන නෙවෙයි. ලංකාව උන්ට පාවාවලා දෙන එකයි. අනෙක මෙතනදි ආර්ථික ඝාතකයෙක් අදාළ කරගැනීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. විමල් ලොක්කා ට්‍රයි කරලා තියෙන්නේ මිනිහගේ පොරටෝක් එකෙන් මිනිස්සුන්ව රවට්ටන්න. බටහිර බහිරවය පෙන්නලා තමයි මුන් දැන් කෙලින්න එන්නේ.

    ReplyDelete
  5. @ගෝරා
    ඔබ දන්නවද විමල්ට මෙහෙම උන ඇත්ත කථාව
    විමල්ගේ ගෙදර වැඩට පොලොන්නරැවෙන් කෙල්ලක් අරන් යනවා පක්සයේ අනු දැනුම ඇතිව.
    විමල්ගේ ගෑනී හරි සැර පරැසයි විමල්ගේ ගෑනි වෙන කවුරැවත් නොව ජවියෙන් එලවන ලද අජිත් කුමාරගේ නැගනිය.පරන ටෙලි නාට්‍ය නලුවකු හා එක්සත් ජාතික පක්සයේ නාගරික මන්ත්‍රී වරයෙකුගේ හිටපු බිරිද.
    විමල් රොජර් සෙනවිරත්න ලංකා පත්‍රයේ වැඩකරන කාලේ හොදට පිට් වෙනවා.
    ඒ කාලේ රොජර් විමල්ගේ මොලේ හොදට හෝදනවා.
    මේ කාලෙම නන්දන ගුණතිලක හරහාත් ජවිපෙ ක්‍රියාකාරකම් හරහාත් විමල් මහින්දට සෙට්වෙනවා.
    විමල් රොජර් ඇසුර නිසාම විමල්ට හැදෙනවා ටෙලිපෝන් මේනියාව හා කොම්පියුටර් මේනියාව.
    මේකේ ප්‍රතිඵලයක් හැටියට ගෙදර වැඩට ආපු කෙල්ල එක්ක සෙට් වෙනවා.
    විමල්ගේ අදෝනා sms වල ප්‍රතිඵලයකින් පක්සෙට මේක මාට්ටුවෙනවා.
    පස්සේ කෙල්ල නඩු දානවා.
    මහින්ද මැදිහත් වෙලා වැඩේ ගොඩදානව
    තේරැම් ගන්න.

    ReplyDelete