Monday, October 26, 2009

ලාංකික තාරුණ්‍යයේ බාලගිරි දෝෂය "තාරුණ්‍යයට හෙටක්"


රාජ්‍ය නොවන සංවිධාන යනු රටේ පවතින රාජ්‍ය යන්ත්‍රණයට පරිබාහිරව පුද්ගලයින් සංවිධානගතවීමය. එහෙත් දැන් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය ව්‍යූහ‍ය ඇසුරෙන් තේරුම්ගැනීම අපහසුනිසාය. මන්ද දැන් ලාංකික රාජ්‍ය පවුලක් මත කේන්ද්‍රගතව ඇති නිසාය. ඒ නිසාවෙන් රාජ්‍ය නොදැනුවත්වම රාජ්‍ය නොවන සංවිධානයක් බවට පත්ව ඇත. එහි සංකේතීය නම "තාරුණ්‍යයට හෙටක්"ය


රජය මගින් සිදුකරන වැඩ සදහා අනුග්‍රහය සපයන මෙකී සෙලින්කෝ පන්නයේ රාජ්‍ය නොවන සංවිධානයේ වැඩ කිඩ පත්තර වල, රාජ්‍යවාහිනියන්ගේ මෙන්ම පාරපුරාවටද දක්නට ඇත.විටෙක පිහිණුම් තටාක හදන විට විටෙක මෝටර් රථ තරග පවත්වයි. විටෙක උතුරට ආධාර ගෙන යන විට තවත් විටෙක මහපොළ ප්‍රදර්ශනය පවත්වයි.


එදිනෙදා කොළඹ එන අයට මුණගැසෙන "තාරුණ්‍යයට හෙටක්" නාමපුවරුව දින දෙක තුනක් එකම ආකාරයෙන් දුටුවිට සිහියට එන්නේ කුඩා ළදරුවන් සිටින නිවෙස් වල ඉදිරි දොරටුවේ ගසන සාම්ප්‍රදායික නාමපුවරුවකි.

"බාලගිරි දෝෂය අද නොවේ හෙට"
"තාරුණ්‍යයට හෙටක්"


කුඩා ළදරුවන් ඇඩවීමට පැමිණෙතැයි පැරැන්නෝ විශ්වාස කළ බාලගිරි නම් යක්ෂයා නොමග යැවීම සදහා "අද නොවේ හෙට" යනුවෙන් පුවරුවක් සවිකර තබයි. එනම් ඊළග දිනයේද පැමිණෙන යක්ෂයා දකින්නේ "අද නොවේ හෙට" යන පුවරුවයි. ඒ අනුව හෙට යන සංකල්පය මනෝමූලික නිසා, අනාගතයේ පවතින නිසා බාලගිරි යක්ෂයා හැමදාම ආපසු හැරී යාමට සිදුවේ.


මේ ආකාරයේ බාලගිරි යක්ෂයා රැවැට්ටීමේ උපක්‍රමය දැන් මුළු රටම රැවැට්ටීමට යොදාගෙන ඇත. එනම් අනාගත ර‍ජ වීමේ ව්‍යාපෘතියට අතගසා සිටින රාජපුත්‍රයා ලංකාවේ තාරුණ්‍යයට අනාගතය ගැන පමණක් සිහිනයක් පෙන්වමින් වර්තමානය අහිමි කරමින් සිටී. එසේ වුවද නාමල්ට නම් හෙටක් පමණක් නොව අතමිට සරු "අද"ක් ද ඇති බව පෙනෙන්නට ඇත.


"තාරුණ්‍යයට හෙටක්" ව්‍යාපෘතිය තුලින් දැවැන්ත ප්‍රසිද්ධියක් දී දෘශ්‍ය, මතුපිට ඇති ගටළු වලට පිළිතුරු සෙවීමට උත්සාහ කලද, ව්‍යූහාත්මක වශයෙන් ගොඩනැගී ඇති ගැටළු වලට පිළිතුරු නොසපයන්නේ තාරුණ්‍යයට මෙන්ම ලාංකික ජනතාවටම මනෝමූලික සිහිනයක් හෙටට පමණක් ලබාදීමේ අදහසෙන් බවට සැක ඇත.


සිය සංවිධානයට යොදාගන්නා ලද නමෙන්ම අවිඥානිකව සිහිනයක් පමණක් ගොනගමින් භෞතිකව පවතින වර්තමානය මගහැරීම කොතෙක් උපක්‍රමශීලීද යන්න අවබෝධ කොට ගත හැක.


එළිපිට මිනිසුන් නොමග යවන මෙවැනි ක්‍රියාතුලින් අභ්‍යන්තරය හෙළිදරව් වනවා පමනක් නොව හැංගී හැංගී කරන යටිපූට්ටු වැඩ කොතෙක් උත්සාහ කළද බාහිරට සම්පූර්ණයෙන් සැගවිය නොහැක.

5 comments:

  1. රාජපක්ස පැටියට ෙද්ශපාලනය උගන්වන්න හදපු ඒකක් මල්ලී ඔ්ක

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පියා දේශපාලකයෙකු වීම පමනක් පුතාට දේශපාලනට එන්න සුදුසුකම නෙමෙයි . . . නමුත් පුතා මානුෂික, ක්‍රියාශීලී, දක්ෂ, දූරදර්ශී අයෙක් නම් එවැන්නෙක් දේශපාලකයෙකු වීම රටේ භාග්‍යක් . . . නමුත් . . . නමුත් . . . පුතා පුම්බ්න්න මහජන මුදල් කාබාසිනියා කිරීම නම් . . . ! !

    ReplyDelete
  4. සැබැවින්ම මෙයින් තරුණයාගේ හෙට දවස වෙනුවෙන් යමක් වන බවක් නම් නොපෙනේ.තරුණයාගේ විරැකියාව අදටත් එසේමය.තරුණ අසහනය උඩුදුවමින් තිබෙන්නේද අවිනිශ්ච්ත අනාගතයක් ඔවුන් ඉදිරියේ ඇති නිසාය.
    ජාතික තරුණ සේවා සභාව,කොතලාවල අධ්‍යාපන පීඨය,වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වැනි ඵලදායී සංකල්පයන් කාලෙකින් මෙරටට ලැබී නැත.එවැනි නිර්මාණශීලී චින්තනයක් රහිතව කුමන නමින් කුමක් කළද ඵලක් නොවනු ඇත.

    ReplyDelete
  5. ඕකත් නිකන් බොරු ගොන් පාට් එකක්.. ලඟදි යාපනයෙ මගුලක් නැටුවා අපරාදෙ කියන්න බෑ තාරුණ්‍යට හොඳ ආතල් ටිකක් ඉරාජ් බුවයි, දුෂ්‍යන්ත බුවයි සංගීත රාත්‍රියෙදි නම් ගෙනත් දෙනවා..

    ReplyDelete