Monday, October 12, 2009

අහෝ ...........! සරත් ෆොන්සේකා, රාජපක්ෂ කෙනෙක් වූවානම්......!


යුද්ධය පිළිබදව වන මතවාදය කුමක් වුවද දිනන්නට බැරි යුද්ධයක් ජයගත් බව සත්‍යයකි. දේශපාලනයේ ආකෘතිකමය වෙනසක් නොමැතිව සිදුවූ මෙකී ජයග්‍රහණයට හේතු වූ තීරණාත්මක සාධකය යුධපිටියේ නායකත්වය බව බහුතරයකගේ පිළිගැනීමයි. ඉහළ පෙලේ හමුදා නායකයින්ගේ සෘජු හා උපක්‍රමික තීරණයන් හේතුකොට භූමියේ සෙබළුන්ගේ ධෛර්ය ඉහළ මට්ටමකට ගෙන ඒමට හේතුවුණු අතර ඒ සදහා ඉහළ යුධනායකත්වය සහ භූමියේ සෙබලා අතර වූ අන්තර්සම්බන්ධතාව ද ප්‍රබලව බලපෑවේය. මෙකී කාරණා පසුපස සිටි ප්‍රධානතම බලවේගය වූයේ හමුදාපති සරත් ‍ෆොන්සේකා බව තතුදත් සැමගේ අදහසයි. සැබැවින්ම දේශපාලන නායකත්වය විසින් සිදුකළ සුවිශේෂිතම කාර්යභාරය යුධනායකත්වයට බලපෑම් නොකර සිටීමයි.

ආන්දෝලනාත්ම ප්‍රකාශයන් සිදුකලද ජෙනරාල් සරත් ‍ෆොන්සේකා සතුව යුද්ධය ජයග්‍රහණය කිරීමේ පරම අරමුණක් හා ඒ වෙනුවෙන් වූ කැපවීමක් තිබූ බවද, ඒ නිසාම උතු‍රේ භූමිය සහ එල්ටීටීය පිළිබදව ඇති අත්දැකීම් හේතුකොට ගෙන වඩාත් ශූර උපක්‍රම භාවිතාකළ බව පසුව දැනගන්නට ලැබුණි. හමුදාව තුලට රිංගා සිටි අදක්ෂ, අකාර්යක්ෂම නායකත්වයන් කොළඹට එවා සැබෑ දක්ෂතාවක් පෙන්වූ යුධනායකයින් භූමියේ අණදෙන නිලධාරීන් බවට පත්කරන්නට යෑමේදී විවිධාකාරයේ විවේචනයන් ඔහුවෙත එල්ල වූ බව රහසක් නොවේ.

යුද්ධය ජයග්‍රහණය කරන තෙක් රජයේ මාධ්‍යයන්ගේ මෙන්ම ආරක්ෂක ලේකම්, ජනාධිපතිවරයාගේ සමීප සගයෙකු ‍වූ සරත් ෆොන්සේකා මහතා යුධ ජයග්‍රහණය නොනවත්වා සමරන මේ සමය වන විට ක්‍රම ක්‍රමයෙන් මාධ්‍යයෙන් මෙන්ම දේශපාලන නායකත්වය වෙතින්ද අමතකව කරමින් තිබෙන බවක් දක්නට ලැබුණි. විටෙක බ්ලොග් අවකාශය තුලින්ද අදහස් කෙරුණේ ජෝතිෂ්‍යමය කාරණයක් හේතු‍කොට මෙවැන්නක් සිදුවන බවයි. කෙසේ වුවද පසුගියදා යුද්ධය පිළිබද රසබර මතකය දකුනේ ඡන්දය වෙනුවෙන් මතක්කර දුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සරත් ෆොන්සේකා නම සිය ශබ්දකෝෂයෙන් ඉවත් කොට තිබුනි.

වත්මන් ආණ්ඩුව විසින් අලකරගත් සියළු දෑ වැසීමට පාවිච්චි ‍කරන එකම තෛලය වන යුධ ජයග්‍රහණය වෙනුවෙන් වඩාත්ම තීරණාත්මක ලෙස දායක වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හට පාඩුවේ ඉන්නටද ඉඩනොදී අපහාස කිරීමට පහත් මට්ටමකට රාජපක්ෂ පවුල් බලකාය ක්‍රියාකරමින් සිටී. ඒ ක්‍රීඩා හා පොදුවිනෝදාංශ අමාත්‍යංශයේ ලේකම්වරයා‍ ලෙස පත්කොට යැවීමෙනි. සජින් වාස් ‍වැනි ලෝක හොරු ආණ්ඩුව නිසා වැජඹෙන්නේද, මර්වින් සිල්වා ඓතිහාසික කැළණිය පුරවරයේ චණ්ඩියා වී කෝටි ගණන් කප්පම් ගන්නේද, කරුණා අම්මාන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් වී නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙකු වන විට ‍රටේ ඓතිහාසික ‍ජයග්‍රහණයක් වෙනුවෙන් නායකත්වය දුන් සරත් ෆොන්සේකා ඉවතට විසිවන්නේ ඔහු රාජපක්ෂ කෙනෙක් නොවීම නිසාත්, ඔහු කොන්ද පණඇති නායකත්වයකින් හෙබි පුද්ගලයෙකු බව ඓතිහාසිකව ඔප්පු කොට ඇති නිසාත්ය.

රාජපක්ෂලා දක්ෂ බවට කිසිදු ඓතිහාසික සාක්ෂියක් නැත. මැදමූකලානේ සරම උස්සගෙන කෑගැසුවට ජාතික නායකයෙක් වන්නේ නැත. කොහේවත් නැති කනා පාරක් මහින්දට වැදුනේ ශ්‍රීලනිපයේ සිටි ජවිපෙ මතයට නැටවුණු රූකඩයක් වූ නිසාවෙනි. ලැබුණු චාන්ස් එකෙන් ප්‍රයෝජන ගැනීමට තරම් සූක්ෂම වූ රාජපක්ෂ පවුලේ කට්ට කෛරාඨික හිවල් මොලඇති සහෝදර උපදෙස් නිසා මුලින්ම කපා දැමුණේ තමන්ව රජකම් කරවූ ජවිපෙය. සිය පියා කළ පූර්ව පිනක් පළදුන් මහින්දට අණාගන්නට තිබූ යුද්ධය දිනාදීමට සරත් ෆොන්සේකාගේ ජීවිතය බේරුණු අතර තමන්ට කෙළවෙන්නට යන නිසා බියවී ඇස්දෙක පියාගෙන සරත්ට කැමැත්තක් කරන්නට දී මහින්ද දතකට පියාගෙන සිටියේය. යුද්ධය ඉවර වූ පසු සරත්ට පස්සට දෙකක් ඇණ වීසි කළේය. ජාත්‍යන්තරව තමන්ට ආ ‍චෝදනා වලින් බේරේන්නට දයාන් ජයතිලක යවා ඔහුටද පොරක් වන්නට ඉඩනොදී පළවා හැරියේය.

දැන් රාජපක්ෂ පාලනයට එරෙහි වූ බොහෝ කරුණු විසදී ඇත. අවශ්‍යනම් බෙල්ල දීමට කැමති දස දහස් ගණනක් මග බලා සිටිති. එසේ වුවද රාජපක්ෂ පවුලෙන් නොකැපී ඉන්නට නම් රාජපක්ෂ පවුලට මස්රාත්තල දීමට එකග වියයුතු අතර තමන් කටු වලින් පමණක් තෘප්තිමත් විය යුතුය. අවශ්‍ය නම් ඩලස් හෝ මර්වින් මෙන් පොරටොක් දීමට තහනමක් නැත. එහෙත් සල්ලි, ධනය, සම්පත් ගැවසෙන සියළු තැන් රාජපක්ෂ පරම්පරාවට අයිති විය යුතුය. මේ වන විට වැඩිම මුදලක් සංසරණය වන උතුර සංවර්ධනය , නැගෙනහිර සංවර්ධනය බැසිල් රාජපක්ෂ යටතේ සිදුවන විට වැඩිම සංවර්ධන කටයුතු සිදුවන දකු‍ණු පළාතේ සියළු කටයුතු සිදුවන්නේද බැසිල් යටතේමය. ඊට අමතරව රටේ සංවර්ධනයට අදාළ ප්‍රධාන කටයුතු සියල්ල බැසිල් යටතේම සිදුවිය යුතුය. ගුවන්සේවා හා වරාය චමල් යටතේය. ඉදිරියේදී ශක්තිමක් වීමට නියමිත පළාත් සභා නායකත්වයන් සියල්ල රාජපක්ෂ සනුහරේට යා යුතුමය. කොළඹට එන නාමල් ට අභි‍‍යෝගයක් වියහැකි, පාදඩ දේශපාලනයේ කිරුළ සොයායන දුමින්ද සිල්වා අනර්කලී දමා නිහඩකරවන්නේ මේ යටතේය.

තත්ත්වය මෙසේ වන විට ප්‍රතිරෝධය පිළිබදව දැනුමක් නැති රාජපක්ෂ සනුහරය කැපීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන විට සරත් ෆොන්සේක වැනි සිවිල් බලයක් සහිත පුද්ගලයෙක් දේශපාලනිකව ශක්තිමත් වීමේ ශක්‍යතාවයක් ද‍ පෙනෙන්නට ඇත. ඓතිහාසික ස්වයං විනාශකාරී ක්‍රියා කිරීමේ පළපුරුද්ද සහිත ජවිපෙ මේ සදහා ඉදිරියට ආවොත් පුදුමයක් නැත.

දේශපාලන සෙල්ලමේ ඉදිරිය බොහෝ තීරණාත්මකය. මාරාන්තික රිය අනතුරු, ගුවන් අනතුරු විටෙක සිදුවිය හැකි සේම මරාගෙන මැරෙන බෝම්බ කාරියන් නැවත මතුවුවද පුදුමයක් නැත.

14 comments:

  1. මටනම් මේ රාජපක්ෂලාගේ කෙරුවාව එපා වෙලයි තියෙන්නෙ. යුද්දෙ ඉස්සරහට දාගෙන තමයි හැම දෙයක්ම කරන්නෙ. නමුත් ඉතින් වෙන ජනාදිපති කෙනෙක් කරන්ඩ සුදුසු කෙනෙකුත් නෑ.

    ReplyDelete
  2. ගෝරා බලා හිටිය වගේ නෙ කියන්නෙ. ෂහ්! . . මාරයි. මගේ සුබ පැතුම් පිලි ගන්න.

    ReplyDelete
  3. එළ blog post එකක් මචන් අනිවා ‍ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් උනොත් අපි දෙනව

    ReplyDelete
  4. මම දන්න තරමින් මහින්ද ජනපති වෙන්න කලින් තමා සරත් හමුදාපති උනේ. එහෙනම් ඉතින් චන්ද්‍රිකාගෙ කාලේ යුද්ධෙ දිනන්න තිබුනනේ. කව්රුහරි කියනවා නම් මේ ජයග්‍රහණයට මහින්ද තීරණාත්මක සාධකයක් නෙමෙයි කියලා ඒ එක්කො මෝඩකම නැත්නම් කුහක කම.

    ReplyDelete
  5. ෙමතන අමුතුම ෙදයක් ෙවනවා. ෙකාෙහාමත් කල්පනාෙවන් ඉන්න බටහිර රටවල් අෙප් අඩුපාඩුවකින් ලාබ ගනියි.ෙමතනදී ෙද්ෂපාලනය අමතක කරන්න.අාණ්ඩුව යන පාර වැරදි තමයි.නමුත් ෙවන ෙකෙනකුත් අපිට නෑෙන්.

    ReplyDelete
  6. balla hari. ekamai math kiyanne

    ReplyDelete
  7. I am happy, when i see this news. Mun okoma gedara yawanne one.

    ReplyDelete
  8. this is what you called Karapincha theory alias Condom theory ! throw away once you use.. be aware Migara when you extend your backside!

    ReplyDelete
  9. @පළගැටියා,
    මම දන්න තරමින් සරත් ෆොන්සේකාව හමුදාපති කරේ මහින්ද, චන්ද්‍රකාගේ කාලේ සරත් ෆොන්සේකාව හමුදාවෙනුත් පැන්නුවා. තානාපතිකමක් දීලා පිටත්කරලා හිටියේ.මහින්ද කරේ සරත් ෆොන්සේකාට ඕන විදිහට කරන්න කියලා(හොදට හෝ නරකට)නිකං බලං හිටපු එක.
    @බල්ලා,
    බටහිර බූතයා පෙන්නලා තමයි මේ ඔක්කොම කෙරුම් කරන්නේ.මගේ නම් පුද්ගලික අදහස බටහිර නෙවෙයි ඇත්ත හතුරෝ ඉන්නේ ලංකාවෙමයි.නැත්තං කොහොමද හැතැප්ම දහස්ගණනක් එහා ඉදං ලංකා‍වනටවන්නේ. මහින්ද ලොක්කා ඇමරිකාවෙන් අයින් වෙලා දැන් ‍රට විකුනන්නේ ඉන්දියාවටයි, චිනනෙටයි.ඇමරිකාවට කවදාකවත් කරගන්න බැරි වුණතරම් ඉඩම් ප්‍රමාණයක් ඉන්දියාව මේ වෙද්දි මිලදි අරං ඉවරයි.ආක්‍රමණය, ආධිපත්‍ය ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව, චීනය කවුරු කළත් ස්වරූපය එකම තමයි.

    ReplyDelete
  10. @පළගැටියා,
    ..ඔව්..ඔව්..සරත් ෆොන්සේකාව පත් කළේ චන්ද්‍රිකාගේ කාලේ නෙමේ.එතකොට හිටියේ ලුතිනන් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ.මහින්ද මහත්තයා තමයි සරත් ෆොන්සේකා හමුදාපතිවරයා පත් කළේ.මොනා වුනත් ගෝඨාභය මහත්තයා ටිකක් යුද්ධ ගැන දන්න මනුස්සයෙක් නිසා.නැතුව මහින්ද මහත්තයා යුද්ධ කරන්න හීනෙන්වත් හිතලා තිබුනේ නෑ.මහින්ද චින්තනයෙත් එහෙම තිබුණෙ නෑ.

    @ ගෝරා,

    ඔව්..ඒක ඇත්ත..ඉන්දියාව කවදත් යමක් කළේ අපිට ආදරේකට නෙමේ.මෙයාලා ඉන්දියාවට අහුවෙලා ඉන්නේ.යුද්ධෙදි වුනත් පකිස්ථානෙ අපිට ඉන්දියාවට වඩා උදව් කළා මං දන්න විදියට.

    ReplyDelete
  11. කවුරු කොහොම මොනවා කියුවත් කාට කඩේ ගියත් අන්තිමට තට්ටු වෙන්නෙ අහිංසක එදා වේල හොයගන්න එකාට..පුහු මතවාද නෑත්නම් පටු දෙශපාලනික රාමුවක් අතුලෙ ගාල් වෙලා හරි ,මට තට්ටු වෙනකල් මට මොකො ලීලාවෙන් හරි ඉන්නකල් ගොඩ යාමක් ගෑන හිතන්න අමාරුයි.ගෝරා වගෙ එකෙක් දෙන්නෙක් හරි මේවා ගන ඈස් කන් ඈරගෙන ඉන්න එක ලොකු දෙයක්..

    ReplyDelete
  12. ගෝරා ඔබත් සකල ලංකා වාසී සැමත් පිලිගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි විධායක බලතල ඇතුව සරත් පොන්සේකා ජනාධිපති වීමෙන් වන බරපතල කම. එබැවින් මේ සරත් පොන්සේකාට වඩා සරත් එන් සිල්වා හොද බව තෙරැම් ගන්න.

    ReplyDelete
  13. me opaduupa kiyo kyo inne nathiwa gewal walata gihin buduyaganilla.aawa methana,pacha halanna

    ReplyDelete
  14. රාජපක්‍ෂ පරපුර රටට කර ඇති දෙය දැනගන්න කියවන්න
    'ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්' විජේසිංහ බෙලිගල්ල
    සූරිය ප්‍රකාශනයක්
    බොහෝවිට පිටපතක් සොයාගැනීම නිකිණි සොයන්නාක් මෙන් වේවි.

    ReplyDelete