Tuesday, October 6, 2009

ඖෂධ සදහා 500000 % ලාභයක් - වෛද්‍යවරු තම රෝගීන් මුදලට පාවාදෙයි !


මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණය සමග සාමාන්‍ය ජනතාව අනුකම්පා විරහිත ලෙස ‍සූරාකන තවත් මාතෘකාවක් සමාජයට පැමිණ ඇත. එනම් අතිශය අමානුෂික කර්මාන්තයක් වන ඖෂධ නිෂ්පාදනය සහ අලෙවිකරණ ක්ෂේත්‍රයයි.


මිනිසා සුවපත් කිරීමේ උතුම් කාර්යභාරය සිදුකරනු ලබන ඖෂධ, මුදලේ ගොදුරක් බවට පත්වීමෙන් පසු සමාගම් වල ඒකාධිකාරය යටතේ රෝගීන් සුරාකන වෙළද භාණ්ඩයක් බවට පත්ව ඇත.


ඉතා දැඩි ලාභ ප්‍රතිශතයක් පවත්වාගෙන යමින් තමන්ගේ වෙළද උපක්‍රම වලට රෝගීන්ව හසුකරගනිමින් ක්‍රියාත්මක වන ‍ඖෂධ මාෆියාව තමන්ට ‍එරෙහිවන සියළු බාධක කැමති කරවා ගැනීම හෝ විනාශ කිරීමට තරම් ප්‍රබල බවට උදාහරණ ලංකාවෙන් ම දැක ගත හැක. මහාචාර්ය සේනක බිබිලේ එආකාරයෙන් විනාශයට පත්වූ එක් අයෙකු වන අතර මතට තිත, පාතල මර්ධනය වැනි ‍දෑ සිදුකළද ලංකාවේ මිනිසුන් කෲර ලෙස සූරාකන ඖෂධ වෙළදුන්ට එරෙහිව රජයෙන් වත් වචනයක් පළ ‍නොවන්නේ ඖෂධ සමාගම් වල ප්‍රබලත්වය නිසාමය. මහාචාර්ය සේනක බිබිලේ සැමරුම් උත්සව තිබුණද ඖෂධ මාෆියාවට එරෙහිව වචනයක් පළ නොවන්නේ මෙවැනි වටපිටාවක් තුලය.


ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි ඖෂධ මිලදී ගැනීම්, බෙදාහැරීම් අංශ වලට වගකිවයුතු සියළුම පරිපාලන නිලධාරීන් සහ බහුතරයක් වෛද්‍යවරුන් වෙත සෘජු මුදල්මය කොමිස් සහ විවිධාකාර වරප්‍රසාද ලබාදෙමින් අල්ලස් හෝ දූෂණ නිත්‍යානුකූලව පවත්වාගෙන යති.


ලංකාවේ සිටින සෑම වෛද්‍යවරයෙකු ‍පිළිබදව වෙන වෙනම වාර්තා පවත්වාගෙන මෙකී ඖෂධ ජාවාරම්කරුවන් රජයේ හා පෞද්ගලික රෝහල් හෝ තනි තනි වශයෙන් රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන වල ඖෂධ සාම්පල් සහිතව සිටිනවා ඔබට අපටද දැක්‍ගත හැක.


සෑම වෛද්‍යවරයෙකුම පුද්ගලිකව හමුවන්නට අමතක නොකරන මොවුන්ට නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ ලාංකික වෛද්‍යවරු තම රෝගීන් පාවාදීමට නොපැකිලිව ඉදිරිපත් වෙති. මුදල් වලට නොවිකිනෙමින් තම වෘත්තීය ගෞරව ආරක්ෂා කරගනිමින්, සමස්ත ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සුන් සූරාකෑමට ඉඩ නොදෙන ස්වල්පයක් වූ වෛද්‍යවරුන් ගැන සමාජය මීට වඩා කෘතවේදී විය යුතු අතර ඒ පිළිබදව කතිකාව මීට වඩා තීව්ර විය යුතුමය.


පහත දැක්වෙන්නේ 2000% සිට 569,958% දක්වා වූ ලාභ ප්‍රතිශතයක් පවත්වාගෙන යන ඖෂධ වලින් කොටසක්.....

· Celebrex 100 mg Consumer price (100 tablets): $130.27 Cost of general active ingredients: $0.60 Percen t markup: 1,712%

· Claritin 10 mg Consumer Price (100 tablets): $215.17 Cost of general active ingredients: $0.71 Percent markup: 30,306%

· Keflex 250 mg Consumer Price (100 tablets): $157.39 Cost of general active ingredients: $1.88 Percent markup: 8,372%

· Lipitor 20 mg Consumer Price (100 tablets): $272.37 Cost of general active ingredients: $5.80 Percent markup: 4,696%

· Norvasec 10 mg Consumer price (100 tablets): $188.29 Cost of general active ingredients: $0.14 Percent markup: 134,493%

· Paxil 20 mg Consumer price (100 tablets): $220.27 Cost of general active ingredients: $7.60 Percent markup: 2,898%

· Prevacid 30 mg Consumer price (100 tablets): $44.77 Cost of general active ingredients: $1.01 Percent markup: 34,136%

· Prilosec 20 mg Consumer price (100 tablets): $360.97 Cost of general active ingredients $0.52 Percent markup: 69,417%

· Prozac 20 mg Consumer price (100 tablets): $247.47 Cost of general active ingredients: $0.11 Percent markup: 224,973%

· Tenormin 50 mg Consumer price (100 tablets): $104.47 Cost of general active ingredients: $0.13 Percent markup: 80,362%

· Vasotec 10 mg Consumer price (100 tablets): $10237 Cost of general active ingredients: $0.20 Percent markup: 51,185%

· Xanax 1 mg Consumer price (100 tablets) : $136.79 Cost of general active ingredients: $0.024 Percent markup: 569,958%

· Zestril 20 mg Consumer price (100 tablets) $89.89 Cost of general active ingredients $3.20 Percent markup: 2,809%

· Zithromax 600 mg Consumer price (100 tablets): $1,482.19 Cost of general active ingredients: $18.78 Percent markup: 7,892%

· Zocor 40 mg Consumer price (100 tablets): $350.27 Cost of general active ingredients: $8.63 Percent markup: 4,059%

උපුටාගැනීම - http://blogs.healthfreedomalliance.org

10 comments:

  1. සම්පූර්න ඇත්ත.සමහර දොස්තරල රටෙ මිනිස්සුන්ගෙ සල්ලි වලින්ම එගෙනගෙන මිනිස්සුන්වම හුරගෙන කනව.

    ReplyDelete
  2. මේ මාෆියාව දෙවනි වන්නේ ආයුද වෙලඳාමට විතරයි කියලා කොහෙද හරි කියෙව්වා ... මෙතෙක් මගේ ජීවිතයේ හමු වූ විවිද දෙස්තර ලා අතරින් මේ මාෆියාවට අහු නොවූ අය ඉන්නේ කී දෙනෙක්ද ?

    ReplyDelete
  3. මේ මතෘකාව ගැන ලියවුනු බොහොම විස්තරාත්මක නවකතාවක් මම කියවල තියනවා. Arthur Hailey ලියපු Strong Medicine... ඖෂධ මා‍ෆියාව කොයි තරම් දරුණු ලෙස ක්‍රියාත්මක වෙනවද කියන එක එහි බොහොම පැහැදිලිව විස්තර වෙනවා. පුදුමයි ලියපු මිනිහා නොමරපු එක...

    දොස්තරලා බෙහෙත් කොම්පැනි කාරයොත් එක්ක එකතු වෙලා අහිංසක රෝගීන්ව සූරාකන එක වලක්වන්න යම් ආකාරයක දැනුවත් කිරීමේ වැඩපිලිවෙලක් ගෙනියන්න අපිට බැරිද? අපි අතර ඉන්න ජීවක පරම්පරාවේ හොඳ දොස්තර මහත්තුරුන්ගෙ උදවු උපදෙස් ඇතුව...?

    ReplyDelete
  4. @ ගෝරා

    සමහර ඖෂධ වල මිල වැඩි වෙන්නේ ඒ ඖෂධ නිපදවන රටවල සේවකයන් සදහා අධික වැටුපක් ගෙවීමට සිදුවන නිසා. ඔබේ දත්තයන්හි සේවක වැටුප් සහ තත්ව පාලනයට වැය කල යුතු මුදල සදහන් වන්නේ නැහැ.

    මීට විකල්පයක් වන්නේ නිෂ්පාදන වියදම අඩු රටකින් ඖෂධ ‍ගෙන්වීමයි. නමුත් එවිට තත්ත්ව පාලනය පිලිබද වගකීම නොලැබේ. තත්ත්ව පාලනය පිරික්සීම උදෙසා එවිට රටට විශාල මුදලක් වැයවේ. ඉන්දියානු නිෂ්පාදන අමෙරිකානු ඖෂධ ඒජන්සිය (FDA) මගින් තහනම් කරනු ලැබුවේ මේ තත්ත්වය තුළය.

    තුන්වන විකල්පය අවශ්‍ය ඖෂධ සියල්ල මෙයි නිපදවීමයි. එයට අතිවිශාල ප්‍රාග්ධනයක් වැය කළ යුතුය. නමුත් දිගුකාළීනව එය විශාල වාසි ලබා දෙනු ඇත.

    එබැවින් වෛද්‍යවරුන්ට හා පරිපාලකයන්ට ඖෂධ ගෙන්වීමේදී හා නියම කිරීමේදී අතිරේක කරුණු සැලකිල්ලට ගත යුතුව තිබේ.

    අපට උගන්වා ඇති පරිදි රෝගියකුට ඖෂධ නාමයෙන් පමණක් ඖෂධ ලිවීම පහසුවෙන්ම කළ හැකිය. නමුත් රෝගයාට ලැබෙන ඖෂධයේ තත්ත්වය ගැන ප්‍රශ්න පවතී. ඉන්දියාවේ සාදන, දියුණු රටවල් විසින් තත්ත්වයෙන් පහළ බැවින් තහනම් කළ, නමුත් ලාබදායී ඖෂධ නියම කරනවාද, ඒසේත් නැතිනම් නියම තත්ත්වය සහිත , එනමුත් මිළ අධික ඖෂධ නියම කරනවාද වන උභතෝකෝටිකයට අද වෛද්‍යවරයා පත්ව ඇත.

    ReplyDelete
  5. @මිගාර,
    සියයට දහසක් සිට ලක්ෂ ගණනක ලාභයක් උපයන මෙකී ජාවාරම්කරුවන්ට එරෙහිව ඔබ අදහසක් වත් ප්‍රකාශ නොකිරීම ගැන මා පුදුමයට පත්වෙමි.
    මාර වැඩක් කියන්නේ ඔබ සදහන් කර ඇති ඔය කරුණුම තවත් විද්‍යාතමක කරුණු සහිතව මට කිව්වා දොස්තරලා බිලී බා ගන්න ට්‍රයිකරන මෙඩිකල් රෙ‍ෆ් කෙනෙක්...
    මම දන්නාතරමින් යම්කිසි භාණ්ඩයක පිරිවැය ගණනය කරන්නේ .අදාළ භාණ්ඩයට හෝ සේවාවට සෘජු සහ වක්‍ර සියළු පිරිවැයන් එකතු කිරීමෙනි.
    කවදාකවත් විය නොහැකි දේවල් යෝජනා කරමින් තත්ත්වය සාධාරණය කරන්නට වෛද්‍යවරයෙකු ලෙස ඔබගේ උත්සාහය ලංකාවේ ආර්ථික තත්ත්වය තුල එක් අතකින් පුදුමයක් නැත.
    ඖෂධ නාමයෙන් බෙහෙත් ලිවීම ගැන පසුතැවී ලංකාවේ රෝගීන් ගැන ඔබට ඇති ආදරය ගැන තේරුම්ගැනීමට යමෙකුට අපහසු නැත.
    විදේශයන්හි දේවල් වලට වඩා ලංකාවේ වෛද්‍යවරු තමන්ගේ රෝගීන් මුදලට පාවාදීමේ විස්තර මට වඩා ඔබ දන්නවා ඇත.
    ඔබ සදහන් කර ඇති පරිදි තෙවැනි ‍ලෝකයේ රටක් ලෙස බටහිර ආධිපත්‍යයට ලක්ව ඇති අපට ගත හැකි ක්‍රියාමාර්ග ඉතා සීමිතය.එහෙත් මා දන්නා තරමින් ලෝකයේ හොදම වෛද්‍ය සේවාව ඇත්තේ කියුබාවේය. ලෝකෙත් උතුම් රට වූ ලංකාවට කියුබාව ලගට වත් ඒම අපහසු යැයි කිව නොහැක.අනෙක් අතට ලෝක ආර්ථික ලොක්කා වූ ඇමරිකාවේ සෞඛ්‍ය සේවයේ ඇති ඛේදනීය භාවය මයිකල් මුවර්ගේ "SICKO" නම් චිත්‍රපටයෙන් මොනවට කියාදේ..

    @සිංහ,
    සැබැවින්ම ඔබේ අදහස ඉතා වටිනා වූවකි.ඖෂධ ජාවාරමට එරෙහිව තවමත් කොන්ද කෙළින් තබා කටයුතු කරන වෛද්‍යවරුන් සිටිති.ඔවුන් තනියෙන්, ජීවිත අවධානමකින් යුතුව තම අරගලය ගෙන යති.

    ReplyDelete
  6. @ ගෝරා

    //ඖෂධ නාමයෙන් බෙහෙත් ලිවීම ගැන පසුතැවී ලංකාවේ රෝගීන් ගැන ඔබට ඇති ආදරය ගැන තේරුම්ගැනීමට යමෙකුට අපහසු නැත.

    තවමත් මා රෝගීන්ට ඖෂධ නියම කරනුයේ ඖෂධ නාමයෙනි. "SPC එකම බලලා ගන්න" යයි අදත් කියමි. වසර කිහිපයකට පෙර මා සිතුවේ මම හැබෑ පොරක් ලෙස ඖෂධ නියම කරන බවකි. (සේනක බිබිලේ අනුව යමින්) නමුත් පශ්චාත් උපාධි පුහුණුව තුළ දී බාල ඖෂධ නිසා මිය යන රෝගීන් දුසිම් ගණන් දුටිමි. එබැවින් පෙර මෙන් ඖෂධ නාමයෙන් ඖෂධ නියම කිරීමේ දී මා සතු වූ මහත් විශ්වාසය බිදී ගොස් ඇත. හදවත් රෝගින්ට දෙන streptokinase නම් ඖෂධය පසුගිය කාලයේ ඉතා බාල තත්ත්වයේ පැවැතිණ. මේ ඖෂධය හෘද් අකරණියෙන් (Myocardial infarction) පැය 6ක් ඇතුළත ලබා දිය යුතුය. හදවතේ රුධිරනාල වල සිරවූ ලේ කැටිය 70-80% ක් අවස්ථා වල දිය කර හැරීමට එය සමත්ය. නමුත් පසුගිය කාලයේ මේ ප්‍රතිශතය 10% පමණ විය. මා සීමාවාසික වෛද්‍යවරයාට streptokinase රෝගියාට දෙන මෙන් පැවසූ විට "මිස් Holy water දෙන්න" ලෙස හෙදියට පවසන්නට වූයේ මේ නිසාය. වත්කමක් ඇති රෝගීන් රු 12,500 පමණ වියදම් කර වෙනත් රට වල නිෂ්පාදිත streptokinase ගෙන ආ අතර ඔවුන් සුවපත් වූහ.

    ඖෂධ සමාගම් අධික ලාභ ලැබීම වැරදි ය. වෛද්‍යවරු එහි ඉත්තන් වීමද වැරදිය. එහි කතා දෙකක් නැත. කෙසේ වෙතත් තත්ත්වය ඔබ සිතන තරම් නරක නැත. තවමත් ඖෂධ වලින් 90% නියම කෙරෙන්නේ ඖෂධ නාමයෙනි. නමුත් ඖෂධ නියම කිරීමේ තීරණාත්මක සාධකය මිළ ද යන ප්‍රශ්නය ඉන් පසු ඇතිවේ. අපට ඖෂධ සමාගම පාලනය කළ හැකිනම් මේ තත්වය පාලනය කල හැකිය. එසේ නැත්නම්?

    //මම දන්නා තරමින් යම්කිසි භාණ්ඩයක පිරිවැය ගණනය කරන්නේ .අදාළ භාණ්ඩයට හෝ සේවාවට සෘජු සහ වක්‍ර සියළු පිරිවැයන් එකතු කිරීමෙනි.

    නමුත් ඔබේ මූලාශ්‍රයේ සදහන් වන්නේ මෙසේයි.

    Cost of general active ingredients: $0.60 Percent markup: 1,712%

    මෙහිදී
    1) ක්‍රියාකාරී නොවන අමුදුව්‍ය මිළ
    2) ශ්‍රමය
    3) තත්ව පාලනය සදහා වූ පිරිවැය සදහන් නොවන බව පැහැදිලිය.

    //ලෝකයේ හොදම වෛද්‍ය සේවාව ඇත්තේ කියුබාවේය. ලෝකෙත් උතුම් රට වූ ලංකාවට කියුබාව ලගට වත් ඒම අපහසු යැයි කිව නොහැක

    ප්‍රභාකරන් හා විජේවීර නොසිටියානම් කියුබාවට අපට ලංවීමටවත් නොහැකි වනු ඇත.

    ReplyDelete
  7. මෙතන වෙන්න ඕන ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලංකාවට ගෙන ඒම නොවේද ?

    ReplyDelete
  8. @මිගාර,
    ප්‍රභාකරන් හා විජේවීර නොසිටියානම් කියුබාවට අපට ලංවීමටවත් නොහැකි වනු ඇත. යන්නට ඌණ පුර්ණයක් එක් කරන්නට අවසර!

    ප්‍රභාකරන්, බණ්ඩාරනායක හා ජේ.ආර් හා විජේවීර නොසිටියානම් කියුබාවට අපට ලංවීමටවත් නොහැකි වනු ඇත. (ඒ දෙදනාගේ සේවාවන් තිබුණත් ගත් ඇතැම් පිරවරන් නිසා දැවැන්ත විනාශයන් සිදූ වූ බව පිළිගන්නට සිදුවේ.)

    ReplyDelete
  9. බණ්ඩාරනායක පිලිබද නතාවට මා එකග නැත. ස්වභාෂා අධ්‍යාපනය නගා සිටවුයේ ඔහුය.ඒ ප්‍රතිපත්තිය නොවන්නට අප අධ්‍යාපනය අතින් අද සිටින ස්ථානයේ සිටී යයි සිතීමට අපහසුය. පේ. ආර්. පවා නිදහස් අධයාපනයට බෙහෙවින් උදවු කල ‍අයෙකි. එබැවින් ඔවුන් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු හා එක ගොඩේ තැබීම සුදුසු නැත.

    ReplyDelete
  10. @මිගාර,
    ඔබ විසින් සදහන් කර ඇති කරුණු සාධනීය ලෙස මා පිළිගනු ලැබූවත් ඔබ විසින්ම පෙන්වා දි ඇති මිල ක්‍රමය මගින් ජීවිත හා සෙල්ලම් කරන, මනුෂ්‍යත්වයට එරෙහිවූ ව්‍යුහයන්ට විරුද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ‍මින් අවධාරණය කරමි.මිනිසාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් මිල ක්‍රමයේ මැදිහත්වීමේ ඇති අවධානම් සහගත බව මෙම සටහනට මෙන්ම මාගේ ‍පෙර සටහනතුලදීද මා අවධාරණය කලේ එබැවිනි.
    විජෙවීර සහ ප්‍රභාකරන් ජේ ආර්, බණ්ඩා ගැන වෙන වෙනමම කතා කළ යුතුය.

    ReplyDelete