Thursday, August 27, 2009

කාන්තාවකට එළිපිට දඩුවම් - ඇයි ඒ...?


විදෙස් රූපවාහිනී සේවා වලින් ලංකාවට ගැලපෙන ප්‍රවෘත්ති තෝරාදෙන ස්වර්ණවාහිනිය ඊයේ තෝරාගත් ප්‍රවෘත්තියක් වුනේ මලයාසියාවේ කාන්තාවක් මත්පැන් පානය කළ නිසා ප්‍රසිද්ධියේ කසපහර දීමට තීරණය කර ඇතිබවයි.

මතට තිත තියන්නත්, වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටි වැඩිහිටියන්ට තහනම් කිරීමටත් තීරණය කර ඇති ලංකාවට මේක රසවත් ප්‍රවෘත්තියක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

තත්ත්වය කෙසේ වෙතත් මට ඇතිවුණ ප්‍රශ්නේ මේකයි. ලෝකේ වැඩිපුරම මත්ද්‍රව්‍ය, මත්පැන් පාවිච්චිකරන‍්නේ පිරිමියි. මැලේසියාවෙත් තත්ත්වෙ ඊට වඩා වෙනස් කියලා හිතන්න බෑ. එච්චර බහුතරයක් පිරිමි මත්පැන් පාවිච්චි කරදදි ප්‍රසිද්ධියේ කසපහර දීමට කාන්තාවක්ම හොයාගත්තේ ඇයිද යන්නයි.

4 comments:

  1. This is based on Sharia law as enforced by Men.

    ReplyDelete
  2. මත්පැන් විතරක් නෙවෙයිනේ.. කොයි වරද සම්බන්ධයෙනුත් ඕක ‍ඔහොම තමයිනේ.. වැඩිදුර මොකටද ලංකාවේ අඩු කසපාර විතරයි.. ඒකටත් එක්ක හරියන්න ඇස්පාර තියෙන්නේ..!!!!

    ReplyDelete
  3. මලයාසියාව කියන්නෙ මුස්ලිම් රටක් නෙ.

    ReplyDelete
  4. ඔය රටවල් වල ශරියා නීතිය නෙ තියෙන්නේ. අපේ සමහර බ්ලොගර්ස්ලත් හොටු පෙරන්නේ මුස්ලිම් කට්ටියට ඒ අයගේ නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්න කියලනේ.

    ReplyDelete