Tuesday, August 25, 2009

ඩෙස්මන් මල්ලිකාරච්චි මහාචාර්යධූ‍රයෙන් ඉවතට, ආචාර්ය මර්වින්ට මහාචාර්ය ධූරයක් !




පේරාදෙණිය සරසවියේ දර්ශනය අධ්‍යයන අංශයේ මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි මහතාගේ මහාචාර්ය භාවය අහෝසිකරන්න තීරණය කරලා කියලා මාධ්‍යවල දක්නට ලැබුණා. ඔහු මාක්ස්වාදය, දර්ශනය වැනි විෂයපථය පුළුල් කරන්න වගේම රටේ දේශපාලනික තත්ත්වයන් පිළිබදව සැබෑ සංවේදී බවක් ඇති පුද්ගලයෙක් බව රටම දන්න දෙයක්. පසුගිය කාලය පුරාවටම ඇකඩමියාව තුළ දර්ශනය විෂය හෑල්ලුවට ලක්වෙමින් පැවති සමයක එකී විෂය ගැන විශ්වවිද්‍යාල තුල නමක් රැන්දවූ අධ්‍යනික විද්වතුන් කිහිපදෙනාගෙන් ඔහුත් එක් අයෙක්.

පේරාදෙණියේ මෙආකාරයෙන් වන විට කොළඹ සරසවියෙන් ජනාධිපතිවරයාට මහාචාර්ය පට්ටමක් සහ ආරක්ෂක ලේකම්ට ආචාර්ය පට්ටමක් පිරිනමා තිබුනා. මේ පිළිබදව එක්තරා පුවත්පතක කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු පිරිසක් දක්වා තිබූ ප්‍රතිචාරය වූයේ අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා හෑල්ලුවට මෙන්ම උපහාසයට ලක්වුවාක් මෙන් මෙමගින් ජනාධිපතිවරයාද උපහාසයට ලක්වීම අනිවාර්ය බවත්, අධ්‍යනික උපාධීන් ඒ ඒ විෂයයන් තුලින් පිටතට ගෙන ඒම අපහාසයක්ද වන බවයි

මේ අතර තවත් නිලනොවන ආරංචි මාර්ග වලට අනුව කැළණියේ ආචාර්ය මර්වින් සිල්වාට කැළණිය විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය උපාධියක් පිරිනැමීමට කටයුතු සලසමින් සිටින බවටද සැලය. ඓතිහාසික කැළණිය පුරවරයට තමන් විසින් කරමින් සිටින්නාවූ මහගු සේවය නිසාත්, කැළණිය විශ්වවිද්‍යාලයද තමන්ට ඓතිහාසිකව භාරකාරත්වය පමණක් නොව අයිතියද උරුමවූ නිසාවෙන් ‍එවැනි මහාචාර්ය කමකට තමන්ට සුදුසුකම් තිබිය හැකි බව මර්වින් ආචාර්යවරයාගේ මතයයි.

5 comments:

  1. කැළණියට කරන සේවය හැටියට මහාචාර්ය පට්ටමක් මදි ඔන්න කැළණියේ විශ්ව විද්‍යාලේ උපකුලපති වගේ කලානම් තමා හොඳ

    ReplyDelete
  2. ජනාධිපතිව කුලපති නතතුරට පත් නොකරපු ඒක නම් ඇත්තෙන්ම ඒ විශ්ව විද්‍යාල වල මෝඩකමක්ය.

    ReplyDelete