Sunday, August 23, 2009

කාන්තාවකට එළිපිට දඩුවම් - ඇයි ඒ...?

විදෙස් රූපවාහිනී සේවා වලින් ලංකාවට ගැලපෙන ප්‍රවෘත්ති තෝරාදෙන ස්වර්ණවාහිනිය ඊයේ තෝරාගත් ප්‍රවෘත්තියක් වුනේ මලයාසියාවේ කාන්තාවක් මත්පැන් පානය කළ නිසා ප්‍රසිද්ධියේ කසපහර දීමට තීරණය කර ඇතිබවයි.

මතට තිත තියන්නත්, වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටි වැඩිහිටියන්ට තහනම් කිරීමටත් තීරණය කර ඇති ලංකාවට මේක රසවත් ප්‍රවෘත්තියක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

තත්ත්වය කෙසේ වෙතත් මට ඇතිවුණ ප්‍රශ්නේ මේකයි. ලෝකේ වැඩිපුරම මත්ද්‍රව්‍ය, මත්පැන් පාවිච්චිකරන‍්නේ පිරිමියි. මැලේසියාවෙත් තත්ත්වෙ ඊට වඩා වෙනස් කියලා හිතන්න බෑ. එච්චර බහුතරයක් පිරිමි මත්පැන් පාවිච්චි කරදදි ප්‍රසිද්ධියේ කසපහර දීමට කාන්තාවක්ම හොයාගත්තේ ඇයිද යන්නයි.

1 comment:

  1. කස පහර වැදෙනකොට ඇඳුම් ඉරි ගියාම පිරිමින්ට "ආතල්" නිසා වෙන්න ඇති.
    මොකක් කිව්වත් එසේ නැතැයි කීව හැකිද?

    ReplyDelete