
Friday, November 6, 2009
අරූ පස්සේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් - විමල්, නන්දන දෙදෙනාම පවසති

Thursday, November 5, 2009
රණවිරුවන්ගෙන් ගොඩයන සැටි බලා හුන් මෛත්‍රිපාල ගොවියන්ට ද හමුදාවක් මෙන් වැඩකර තමන් ගොඩදමා දෙන මෙන් අයැද සිටී.

මේ නිසා තමන්ට අමතකව ගියත් තමන්වෙත ඇලී සිටින සහෝදර ගොවියන්ගෙන් ඉල්ලුවේ, තමන් බලාසිටීයදී තමන්ට පෙන්න පෙන්න කටු කෑ බල්ලන්ට හොද පාඩමක් උගන්වන ලෙසයි. එනම් යුද්ධෙන් කඩාගෙන කෑමට නොහැකි වූ තමන්හට කෘෂිකර්‍මයෙන් වත් ගොඩ යෑමට අවස්ථාවක් සලසන ලෙසයි. ඒ වෙනුවෙන් ගොවියන් වන ඔබ රණවිරුවන්, යුධහමුදාවක් සේ වැඩකර තමන්ට පිහිට වන ලෙස මෛත්‍රී දෙපා නැමැද ඉල්ලා සිටියේය. තමන්ගේ හත්මුතු පරම්පරාවට අත්වෙන ඉරණම ගැන සළකා කෙසේ හෝ තමන්ව ගොඩ යවන ලෙසද වැඩිදුරටත් ඔහු ඉල්ලා සිටියේය.
මේ හිගන්නාගේ අසරණ ඉල්ලීම ගැන සළකා බැලූ ප්‍රදේශවාසි ජනතාව රුපියල රුපියල එකතුකර දීමට උත්සාහ කළද, මෛත්‍රී ප්‍රකාශ කළේ එතරම් කරදර නොවන ලෙසත් ගොවිජනතාව හමුදාවක් මෙන් වැඩකිරීම ප්‍රමාණවත් බවත්ය. ඔහු අසල සිටි අයෙකුට ප්‍රකාශ කපටි හිනාවක් නගා ප‍්‍රකාශ කර තිබුණේ "මුංගේ වී වලින් කරදරයක් නැතිවම රුපියල ගන්න කියලා මල්ලිට කියන්නම්" ලෙසය.
Tuesday, November 3, 2009
නතාෂා පෙරේරා අනාගත “ආකාස කුසුම”ක්ද?

පසුගිය දිනෙක රූපවාහිනී සාකච්ඡාවකදී ඇය ප්‍රකාශ කළේ තමන් මෙන්ම විශේෂයෙන් තම මව කළෙක සිටම හොද කලා නිර්මාණයකට යොමුවීමට සොයබලමින් සිටි විට තමන්ට කුළුදුලේ රගපෑමට ස්වාධීන රූපවාහිනිය ආරාධනා කළ බවයි. ස්වාධීන රූපවාහිනිය උසස් ගණයේ නිර්මාණ කරන නිසා තමන් කිසිම පැකිලීමකින් තොරව ඊට සහභාගි වූ බව ඇය ප්‍රකාශ කළාය. සුපුරුදු නිළියන්ගේ බස් හා යමින් ඇය එසේ ප්‍රකාශ කළද සැබෑම කාරණය නම් ඇය විසින් කුළුදුලේම සහභාගී වන්නේ අමු ඉන්දීය සෝප් ඔපෙරා ආකෘතිය යටතේ නිපදවූ මෙගා ටෙලිනාට්‍යයකටය.
තරුණියක් ලෙස වෙළදපොලේදී මිලක් ලබාගැනීම පිළිබද ඉරිසියාවක් අපට නැතත් සැබැවින්ම වෙළදපොලේ විකිණී හපයක් වීමට පෙර ලාංකික තරුණියක්, තරුණියක්, ඓතිහාසිකව දුක්විදීමට නියමවූ පංතියක සාමාජිකයෙක් ලෙස නතාෂා වෙත අපට කීමට ඇත්තේ අමනුස්සකම රජයන වෙළදපොල තුළ ප්‍රවේශම් වන ලෙසයි. “අරකිට ගහලා හිරේ ගියත් කමක් නෑ” කියන රටක, ස්ත්‍රීත්වය පෙරා හපයක් වන තෙක් සාරය උරාබී මගමගට ඇදදමන සමාජයක තරුණියක් ලෙස තවත් සන්ධ්‍ය රාණි කෙනෙක්, ශාලිකා කෙනෙක්, ප්‍රියා කෙනෙක් නොවීමට ඔබට නැණ නුවණ පහළවේවා. ඔබ සිටිනා තලයක එවැනි අවබෝධයක් ලබා ගැනීම උගහට වුවද, පවතින සමාජය කෙරේ යම් සමාජය පිළිබද යම් සංවේදී වීමක්ම ඒ සදහා ප්‍රමාණවත්ය. ඔබට ගුරුහරුකම් දෙන ඔබේ මැණීයන් ඔබට “ආකාස කුසුම්” චිත්‍රපටය බැලීමට නම් ගුරුහරුකම් නොදෙන බව විශ්වාසය.
Monday, October 26, 2009
ලාංකික තාරුණ්‍යයේ බාලගිරි දෝෂය "තාරුණ්‍යයට හෙටක්"

රජය මගින් සිදුකරන වැඩ සදහා අනුග්‍රහය සපයන මෙකී සෙලින්කෝ පන්නයේ රාජ්‍ය නොවන සංවිධානයේ වැඩ කිඩ පත්තර වල, රාජ්‍යවාහිනියන්ගේ මෙන්ම පාරපුරාවටද දක්නට ඇත.විටෙක පිහිණුම් තටාක හදන විට විටෙක මෝටර් රථ තරග පවත්වයි. විටෙක උතුරට ආධාර ගෙන යන විට තවත් විටෙක මහපොළ ප්‍රදර්ශනය පවත්වයි.
එදිනෙදා කොළඹ එන අයට මුණගැසෙන "තාරුණ්‍යයට හෙටක්" නාමපුවරුව දින දෙක තුනක් එකම ආකාරයෙන් දුටුවිට සිහියට එන්නේ කුඩා ළදරුවන් සිටින නිවෙස් වල ඉදිරි දොරටුවේ ගසන සාම්ප්‍රදායික නාමපුවරුවකි.
"බාලගිරි දෝෂය අද නොවේ හෙට"
"තාරුණ්‍යයට හෙටක්"
Monday, October 19, 2009
විමල් වීරවංශට ඉඩ නැතිවේ... මර්වින් සිල්වාගේ තැන ගැනීමේ වෑයමක්.....!

රාජපක්ෂ රෙජීමය තුල ජවිපෙ භූමිකාවට පණපෙවීමේ උත්සාහය ක්‍රම ක්‍රමයෙන් අසාර්ථක වන බව දැන ගෙන ඇති විමල් වීරවංශ විසින් දැන් මර්වින් සිල්වා විසින් රගදක්වමින් සිටින රාජපක්ෂ රෙදි හෙදීමේ රැකියාව සදහා යොමු වී ඇත.
තමන් ජනතා විමුක්ති පෙරමුනේ සිටියදී සිදුකලා වූ සියළු හැදෑරීම් රාජපක්ෂ රෙජීමයේ සුබසෙත සදහා පාවාදීමට තමන් එක සිතින්ම සූදානම් බවට හැගවෙන ප්‍රසිද්ධ ප්‍රකාශයක් විමල් වීරවංශ විසින් පසුගිය දා සිදුකළේය.
එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පවතින්නා වූ කතිකාවත නිර්මාණය කරන ලද්දේ අළුතෙන් පත්ව ආ ඇමරිකානු තානාපතිවරිය බවත්, ඇය ආර්ථික ඝාතකයෙක් (Economic Hitman) ලෙස ක්‍රියා කරන ඇමරිකානු ඒජන්තවරියක් බවත්ය. එසේ වුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඇමරිකාවට ඇති දැඩි අවශ්‍යතාව ගැන අදහසක් පළ නොකළ විමල් විරවංශ වක්‍රාකාරයෙන් ප්‍රකාශ කළේ එය ව්‍යූහාත්මක ලෙස බලපාන්නක් නොව හුදු මහින්ද ජනාධිපතිවරයාට එරෙහිව ඇමරිකාව විසින් දියත් කළ මෙහෙයුමක් බවයි.
සැබැවින්ම මෙය හාස්‍යජනක ප්‍රකාශයකි. 1994දී ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා ජනාධිපතිවරියට සහයෝගය ලබාදුන්නේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සදහාය. 1999 දී ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සදහාය.2004 දී මහින්ද ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමේ ප්‍රධානතම කොන්දේසියක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. එසේනම් විමල් මධ්‍යම කමිටු සාමාජිකයෙක් ලෙස ක්‍රියා කළ ඒ වකවානුවේ විධායක ජනාධිපතික්‍රමයට එරෙහිව සිය පක්ෂය ක්‍රියාකළේ කුමන ආර්ථික ඝාතකයෙකුගේ වුවමනාවකට දැයි යන්න දැන් ප්‍රකාශ කළ යුතුය.
සැබැවින්ම කාටත් වැටහෙන දෙය නම් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට බලකිරීම කුමන හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නොවන බවයි. ජවිපෙ විසින් ප්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපතිධූරයේ ඒකාධිපති ස්වරූපයට එරෙහිව ඊට විරුද්ධ වුණු අතරම තමන් කැපූ වලේ තමන්‍ම වැටුණු නිසා දශක ගණනාවකට තමන්ගේ පාලනයක් ගැන සිහිනය සැබෑකරගැනීමට නොහැකි බව දත් එජාපය හදිසියේම කොන්දේසි විරහිතව විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි විය.
මෙතෙක් කලක් තමන් ජවිපෙ සාමාජිකයෙක්ව සිටියදී ගිරිය පැලෙන තුරු විධායක ජනාධිපතික්‍රමයට එරෙහිව කැසුවද තමන් ඉන් ඉවත්ව මහින්දගේ ඔඩොක්කුවේ වාඩිවූ පසු විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවීම දේශද්‍රෝහී කමක් බවට පත්වන්නේ බටහිර පිල්ලි ඒ පසු පස සිටීම නිසා නොව රාජපක්ෂගේ රෙදි හේදීමේ වගකීම සිදුකළ යුතු නිසාය. මේ නිසාම තමන් විසින් හදාරන ලද ආර්ථික ඝාතකයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් හේතුඵල රහිතවම පාවා දී ඇත.
ක්‍රම ක්‍රමයෙන් කෙලෙවෙමින් පවතින තම සිහින රාජ්‍යයෙන් පිටතට විසිවීමට පෙර පිදුරු ගහේ එල්ලීමට මාන බලන විමල් වීරවංශ අනාගතයේදී මර්වින් සිල්වාටත් වඩා පිස්සු කෙළින පොරක් බවට පත්වූවද පුදුමයක් නැත. ගෙබ්බෙකු සේ පක්ෂෙන් පක්ෂෙට පනිමින් එන එන නායකයාගේ වන්දි භට්ටකම් කරමින් සිටින ජේ. ආර්.පී සූරියප්පෙරුම කෙනෙකු අනාගතයේ බිහිවීමට නියමිතවය ඇත්තේ මේ නරුමයාගේ වරදින් නොව සමස්ත සමාජ පද්ධතියේම වරදින් බව ඔහු ද දන්නවා ඇත.
Monday, October 12, 2009
අහෝ ...........! සරත් ෆොන්සේකා, රාජපක්ෂ කෙනෙක් වූවානම්......!

යුද්ධය පිළිබදව වන මතවාදය කුමක් වුවද දිනන්නට බැරි යුද්ධයක් ජයගත් බව සත්‍යයකි. දේශපාලනයේ ආකෘතිකමය වෙනසක් නොමැතිව සිදුවූ මෙකී ජයග්‍රහණයට හේතු වූ තීරණාත්මක සාධකය යුධපිටියේ නායකත්වය බව බහුතරයකගේ පිළිගැනීමයි. ඉහළ පෙලේ හමුදා නායකයින්ගේ සෘජු හා උපක්‍රමික තීරණයන් හේතුකොට භූමියේ සෙබළුන්ගේ ධෛර්ය ඉහළ මට්ටමකට ගෙන ඒමට හේතුවුණු අතර ඒ සදහා ඉහළ යුධනායකත්වය සහ භූමියේ සෙබලා අතර වූ අන්තර්සම්බන්ධතාව ද ප්‍රබලව බලපෑවේය. මෙකී කාරණා පසුපස සිටි ප්‍රධානතම බලවේගය වූයේ හමුදාපති සරත් ෆොන්සේකා බව තතුදත් සැමගේ අදහසයි. සැබැවින්ම දේශපාලන නායකත්වය විසින් සිදුකළ සුවිශේෂිතම කාර්යභාරය යුධනායකත්වයට බලපෑම් නොකර සිටීමයි.
ආන්දෝලනාත්ම ප්‍රකාශයන් සිදුකලද ජෙනරාල් සරත් ෆොන්සේකා සතුව යුද්ධය ජයග්‍රහණය කිරීමේ පරම අරමුණක් හා ඒ වෙනුවෙන් වූ කැපවීමක් තිබූ බවද, ඒ නිසාම උතුරේ භූමිය සහ එල්ටීටීය පිළිබදව ඇති අත්දැකීම් හේතුකොට ගෙන වඩාත් ශූර උපක්‍රම භාවිතාකළ බව පසුව දැනගන්නට ලැබුණි. හමුදාව තුලට රිංගා සිටි අදක්ෂ, අකාර්යක්ෂම නායකත්වයන් කොළඹට එවා සැබෑ දක්ෂතාවක් පෙන්වූ යුධනායකයින් භූමියේ අණදෙන නිලධාරීන් බවට පත්කරන්නට යෑමේදී විවිධාකාරයේ විවේචනයන් ඔහුවෙත එල්ල වූ බව රහසක් නොවේ.
යුද්ධය ජයග්‍රහණය කරන තෙක් රජයේ මාධ්‍යයන්ගේ මෙන්ම ආරක්ෂක ලේකම්, ජනාධිපතිවරයාගේ සමීප සගයෙකු වූ සරත් ෆොන්සේකා මහතා යුධ ජයග්‍රහණය නොනවත්වා සමරන මේ සමය වන විට ක්‍රම ක්‍රමයෙන් මාධ්‍යයෙන් මෙන්ම දේශපාලන නායකත්වය වෙතින්ද අමතකව කරමින් තිබෙන බවක් දක්නට ලැබුණි. විටෙක බ්ලොග් අවකාශය තුලින්ද අදහස් කෙරුණේ ජෝතිෂ්‍යමය කාරණයක් හේතුකොට මෙවැන්නක් සිදුවන බවයි. කෙසේ වුවද පසුගියදා යුද්ධය පිළිබද රසබර මතකය දකුනේ ඡන්දය වෙනුවෙන් මතක්කර දුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සරත් ෆොන්සේකා නම සිය ශබ්දකෝෂයෙන් ඉවත් කොට තිබුනි.
වත්මන් ආණ්ඩුව විසින් අලකරගත් සියළු දෑ වැසීමට පාවිච්චි කරන එකම තෛලය වන යුධ ජයග්‍රහණය වෙනුවෙන් වඩාත්ම තීරණාත්මක ලෙස දායක වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හට පාඩුවේ ඉන්නටද ඉඩනොදී අපහාස කිරීමට පහත් මට්ටමකට රාජපක්ෂ පවුල් බලකාය ක්‍රියාකරමින් සිටී. ඒ ක්‍රීඩා හා පොදුවිනෝදාංශ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කොට යැවීමෙනි. සජින් වාස් වැනි ලෝක හොරු ආණ්ඩුව නිසා වැජඹෙන්නේද, මර්වින් සිල්වා ඓතිහාසික කැළණිය පුරවරයේ චණ්ඩියා වී කෝටි ගණන් කප්පම් ගන්නේද, කරුණා අම්මාන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් වී නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙකු වන විට රටේ ඓතිහාසික ජයග්‍රහණයක් වෙනුවෙන් නායකත්වය දුන් සරත් ෆොන්සේකා ඉවතට විසිවන්නේ ඔහු රාජපක්ෂ කෙනෙක් නොවීම නිසාත්, ඔහු කොන්ද පණඇති නායකත්වයකින් හෙබි පුද්ගලයෙකු බව ඓතිහාසිකව ඔප්පු කොට ඇති නිසාත්ය.
රාජපක්ෂලා දක්ෂ බවට කිසිදු ඓතිහාසික සාක්ෂියක් නැත. මැදමූකලානේ සරම උස්සගෙන කෑගැසුවට ජාතික නායකයෙක් වන්නේ නැත. කොහේවත් නැති කනා පාරක් මහින්දට වැදුනේ ශ්‍රීලනිපයේ සිටි ජවිපෙ මතයට නැටවුණු රූකඩයක් වූ නිසාවෙනි. ලැබුණු චාන්ස් එකෙන් ප්‍රයෝජන ගැනීමට තරම් සූක්ෂම වූ රාජපක්ෂ පවුලේ කට්ට කෛරාඨික හිවල් මොලඇති සහෝදර උපදෙස් නිසා මුලින්ම කපා දැමුණේ තමන්ව රජකම් කරවූ ජවිපෙය. සිය පියා කළ පූර්ව පිනක් පළදුන් මහින්දට අණාගන්නට තිබූ යුද්ධය දිනාදීමට සරත් ෆොන්සේකාගේ ජීවිතය බේරුණු අතර තමන්ට කෙළවෙන්නට යන නිසා බියවී ඇස්දෙක පියාගෙන සරත්ට කැමැත්තක් කරන්නට දී මහින්ද දතකට පියාගෙන සිටියේය. යුද්ධය ඉවර වූ පසු සරත්ට පස්සට දෙකක් ඇණ වීසි කළේය. ජාත්‍යන්තරව තමන්ට ආ චෝදනා වලින් බේරේන්නට දයාන් ජයතිලක යවා ඔහුටද පොරක් වන්නට ඉඩනොදී පළවා හැරියේය.
දැන් රාජපක්ෂ පාලනයට එරෙහි වූ බොහෝ කරුණු විසදී ඇත. අවශ්‍යනම් බෙල්ල දීමට කැමති දස දහස් ගණනක් මග බලා සිටිති. එසේ වුවද රාජපක්ෂ පවුලෙන් නොකැපී ඉන්නට නම් රාජපක්ෂ පවුලට මස්රාත්තල දීමට එකග වියයුතු අතර තමන් කටු වලින් පමණක් තෘප්තිමත් විය යුතුය. අවශ්‍ය නම් ඩලස් හෝ මර්වින් මෙන් පොරටොක් දීමට තහනමක් නැත. එහෙත් සල්ලි, ධනය, සම්පත් ගැවසෙන සියළු තැන් රාජපක්ෂ පරම්පරාවට අයිති විය යුතුය. මේ වන විට වැඩිම මුදලක් සංසරණය වන උතුර සංවර්ධනය , නැගෙනහිර සංවර්ධනය බැසිල් රාජපක්ෂ යටතේ සිදුවන විට වැඩිම සංවර්ධන කටයුතු සිදුවන දකුණු පළාතේ සියළු කටයුතු සිදුවන්නේද බැසිල් යටතේමය. ඊට අමතරව රටේ සංවර්ධනයට අදාළ ප්‍රධාන කටයුතු සියල්ල බැසිල් යටතේම සිදුවිය යුතුය. ගුවන්සේවා හා වරාය චමල් යටතේය. ඉදිරියේදී ශක්තිමක් වීමට නියමිත පළාත් සභා නායකත්වයන් සියල්ල රාජපක්ෂ සනුහරේට යා යුතුමය. කොළඹට එන නාමල් ට අභියෝගයක් වියහැකි, පාදඩ දේශපාලනයේ කිරුළ සොයායන දුමින්ද සිල්වා අනර්කලී දමා නිහඩකරවන්නේ මේ යටතේය.
තත්ත්වය මෙසේ වන විට ප්‍රතිරෝධය පිළිබදව දැනුමක් නැති රාජපක්ෂ සනුහරය කැපීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන විට සරත් ෆොන්සේක වැනි සිවිල් බලයක් සහිත පුද්ගලයෙක් දේශපාලනිකව ශක්තිමත් වීමේ ශක්‍යතාවයක් ද පෙනෙන්නට ඇත. ඓතිහාසික ස්වයං විනාශකාරී ක්‍රියා කිරීමේ පළපුරුද්ද සහිත ජවිපෙ මේ සදහා ඉදිරියට ආවොත් පුදුමයක් නැත.
දේශපාලන සෙල්ලමේ ඉදිරිය බොහෝ තීරණාත්මකය. මාරාන්තික රිය අනතුරු, ගුවන් අනතුරු විටෙක සිදුවිය හැකි සේම මරාගෙන මැරෙන බෝම්බ කාරියන් නැවත මතුවුවද පුදුමයක් නැත.
Tuesday, October 6, 2009
ඖෂධ සදහා 500000 % ලාභයක් - වෛද්‍යවරු තම රෝගීන් මුදලට පාවාදෙයි !

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණය සමග සාමාන්‍ය ජනතාව අනුකම්පා විරහිත ලෙස සූරාකන තවත් මාතෘකාවක් සමාජයට පැමිණ ඇත. එනම් අතිශය අමානුෂික කර්මාන්තයක් වන ඖෂධ නිෂ්පාදනය සහ අලෙවිකරණ ක්ෂේත්‍රයයි.
මිනිසා සුවපත් කිරීමේ උතුම් කාර්යභාරය සිදුකරනු ලබන ඖෂධ, මුදලේ ගොදුරක් බවට පත්වීමෙන් පසු සමාගම් වල ඒකාධිකාරය යටතේ රෝගීන් සුරාකන වෙළද භාණ්ඩයක් බවට පත්ව ඇත.
ඉතා දැඩි ලාභ ප්‍රතිශතයක් පවත්වාගෙන යමින් තමන්ගේ වෙළද උපක්‍රම වලට රෝගීන්ව හසුකරගනිමින් ක්‍රියාත්මක වන ඖෂධ මාෆියාව තමන්ට එරෙහිවන සියළු බාධක කැමති කරවා ගැනීම හෝ විනාශ කිරීමට තරම් ප්‍රබල බවට උදාහරණ ලංකාවෙන් ම දැක ගත හැක. මහාචාර්ය සේනක බිබිලේ එආකාරයෙන් විනාශයට පත්වූ එක් අයෙකු වන අතර මතට තිත, පාතල මර්ධනය වැනි දෑ සිදුකළද ලංකාවේ මිනිසුන් කෲර ලෙස සූරාකන ඖෂධ වෙළදුන්ට එරෙහිව රජයෙන් වත් වචනයක් පළ නොවන්නේ ඖෂධ සමාගම් වල ප්‍රබලත්වය නිසාමය. මහාචාර්ය සේනක බිබිලේ සැමරුම් උත්සව තිබුණද ඖෂධ මාෆියාවට එරෙහිව වචනයක් පළ නොවන්නේ මෙවැනි වටපිටාවක් තුලය.
ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි ඖෂධ මිලදී ගැනීම්, බෙදාහැරීම් අංශ වලට වගකිවයුතු සියළුම පරිපාලන නිලධාරීන් සහ බහුතරයක් වෛද්‍යවරුන් වෙත සෘජු මුදල්මය කොමිස් සහ විවිධාකාර වරප්‍රසාද ලබාදෙමින් අල්ලස් හෝ දූෂණ නිත්‍යානුකූලව පවත්වාගෙන යති.
ලංකාවේ සිටින සෑම වෛද්‍යවරයෙකු පිළිබදව වෙන වෙනම වාර්තා පවත්වාගෙන මෙකී ඖෂධ ජාවාරම්කරුවන් රජයේ හා පෞද්ගලික රෝහල් හෝ තනි තනි වශයෙන් රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන වල ඖෂධ සාම්පල් සහිතව සිටිනවා ඔබට අපටද දැක්‍ගත හැක.
සෑම වෛද්‍යවරයෙකුම පුද්ගලිකව හමුවන්නට අමතක නොකරන මොවුන්ට නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ ලාංකික වෛද්‍යවරු තම රෝගීන් පාවාදීමට නොපැකිලිව ඉදිරිපත් වෙති. මුදල් වලට නොවිකිනෙමින් තම වෘත්තීය ගෞරව ආරක්ෂා කරගනිමින්, සමස්ත ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සුන් සූරාකෑමට ඉඩ නොදෙන ස්වල්පයක් වූ වෛද්‍යවරුන් ගැන සමාජය මීට වඩා කෘතවේදී විය යුතු අතර ඒ පිළිබදව කතිකාව මීට වඩා තීව්ර විය යුතුමය.
පහත දැක්වෙන්නේ 2000% සිට 569,958% දක්වා වූ ලාභ ප්‍රතිශතයක් පවත්වාගෙන යන ඖෂධ වලින් කොටසක්.....
· Celebrex 100 mg Consumer price (100 tablets): $130.27 Cost of general active ingredients: $0.60 Percen t markup: 1,712%
· Claritin 10 mg Consumer Price (100 tablets): $215.17 Cost of general active ingredients: $0.71 Percent markup: 30,306%
· Keflex 250 mg Consumer Price (100 tablets): $157.39 Cost of general active ingredients: $1.88 Percent markup: 8,372%
· Lipitor 20 mg Consumer Price (100 tablets): $272.37 Cost of general active ingredients: $5.80 Percent markup: 4,696%
· Norvasec 10 mg Consumer price (100 tablets): $188.29 Cost of general active ingredients: $0.14 Percent markup: 134,493%
· Paxil 20 mg Consumer price (100 tablets): $220.27 Cost of general active ingredients: $7.60 Percent markup: 2,898%
· Prevacid 30 mg Consumer price (100 tablets): $44.77 Cost of general active ingredients: $1.01 Percent markup: 34,136%
· Prilosec 20 mg Consumer price (100 tablets): $360.97 Cost of general active ingredients $0.52 Percent markup: 69,417%
· Prozac 20 mg Consumer price (100 tablets): $247.47 Cost of general active ingredients: $0.11 Percent markup: 224,973%
· Tenormin 50 mg Consumer price (100 tablets): $104.47 Cost of general active ingredients: $0.13 Percent markup: 80,362%
· Vasotec 10 mg Consumer price (100 tablets): $10237 Cost of general active ingredients: $0.20 Percent markup: 51,185%
· Xanax 1 mg Consumer price (100 tablets) : $136.79 Cost of general active ingredients: $0.024 Percent markup: 569,958%
· Zestril 20 mg Consumer price (100 tablets) $89.89 Cost of general active ingredients $3.20 Percent markup: 2,809%
· Zithromax 600 mg Consumer price (100 tablets): $1,482.19 Cost of general active ingredients: $18.78 Percent markup: 7,892%
· Zocor 40 mg Consumer price (100 tablets): $350.27 Cost of general active ingredients: $8.63 Percent markup: 4,059%
උපුටාගැනීම - http://blogs.healthfreedomalliance.org