
දකුණු පළාතේ නාහෙට අහන්නේ නැති පොරවල්ගේ කටවල් ගැන විශ්වාසයක් නැති හින්දා, මහමැතිවරණයට එන හැමෝටම සාමුහික රැස්වීමක් තියන්න කියලා නියෝග කරා. විශේෂයෙන් අනර්කලී කෙල්ලට කියපු කතා ටික මතක් වෙන කොට ගීතාට මේ යක්කු මොනා කියන්න බැරිද කියලා ජනපතිතුමාට අනේ අපොයි කියවුනා.
ඒක කොහොම වුනත් හැමෝටම එන්න කියලා තිබුණු රැස්වීමට කුකුලෝ, කිකිළියෝ ඔක්කොමලා ආවා. මේකට ආපු ගීතා අක්කාත් (තරහවෙයිද දන්නෑ) තමන්ගේ වාරෙදි හරි හරියට අදහස් දැක්වූවා. ඇවිල්ලා හිටපු නාකි හම්පඩොයොන්ගේ ඉදන්, කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම ගීතාගේ සුකොමල කතාව පටන්ගන්නකොටම වේදිකාව වටේට පිරුණා. ගීතා හිතුවේ උන් ඇවිල්ලා තියෙන්නේ එයාගේ කතාව අහන්න කියල හිතලා අම්බානක ෆෝම් වුනා. ගීතා ලෝකේ වටේ ඉන්න පිරිමින්ගේ හැටි දැනගත්තත් තමන්ගේ ගමේ කුපාඩින්ගේ හරියට තේරුම් අරං නැති හැටි.
කොහොමහරි නොනවත්වා නැගෙන අප්පුඩියත් එක්ක ගීතා තමන්ගේ කතාවේ උච්ඡතම හරියට ආවා.
"මම පොරොන්දු වෙනවා ඔබ තුමන්ලගේ සතුට, තෘප්තිය වෙනුවෙන් කැපවෙන්න. ජනපතිතුමා මාව දකුණට එව්වේ මට මගේ ගමේ වැඩ පටන් ගන්න"
වේදිකාවේ ඉන්න කසඩ මිනිස්සු දිහයි පහළ ඉදන් තමන් තමන් දෙස කට ඇරගෙන බලාගෙන ඉන්න එවුන් දිහා මාරුවෙන් මාරුවට බල බල කතාව දිගට ගියා. ටිකක් විතර කම්පනයකින් හිටපු හින්දා ඇයට සභාවේ හිටපු කට්ටිය දිහා බලන්න බය හිතුනා. ඒක හින්දා වේදිකාවේ කෙළ පෙරමින් හිටපු උන් දිහා විතරක් අපහසුවෙන් හරි බලාගෙන කතාව ඉවර කරන්න ගීතා හිතාගත්තා.
" මං මගේ ගමින් ගියේ පොඩි කාලේ, මට කොළඹ ඒකාකාරී ජීවිතේ එපා වෙලා තිබුනේ. ඒක හින්දා මම තීරණය කරා මගේ සේවය ඉදිරියට ගාල්ල ප්රදේශයට ලබා දෙන්න. ඒකට මට ඔයාලගේ උදව් ඕන. මාව කොහොමහරි ගන්න. මෙතන ඉදන් මාව ඔබට බාරයි"
පචායුධයා වගේ මීනීමරන්න වගේ කෑගහලා පුරුදු නැති නිසා ගීතා ආවේගයෙන් කතා කරාමත් ඒක බලං ඉන්න අයට ඇහෙන්නේ හරියට සරාගී ඇමතුමක් වගෙයි. මේක දිහා මුල ඉදන්ම බලං ඉදපු මුතුහෙට්ටියාට එකපාරටම තමන්ට තියෙන ස්කිසොෆීනියා කියන රෝගේ ඉස්මතු වුනා.(අර ගරිල්ලා මාකටිං ෆිල්ම් එකේ තියෙන්නේ) ඒක මතු වුනාම හීනයක් දකිනවා වගේ අවට විකෘති වෙනවා. කෙළ පෙර පෙර හිටපු මුතුහෙට්ටියාට ගීතාගේ අවසන් වචන ටික ඇහුනේ මිනිහට පුද්ගලිකව කිව්ව දෙයක් වගේ.
මෙන්න බොලේ එක පාරටම මූ වේදිකාව පෙරළගෙන ගීතාව බදාගන්න යන්න හැදුවා. එතන හිටපු සරත් අමුණුගම මහත්තයා ටක් ගාලා පැනලා ගීතා අක්කව බේරා ගත්තා. මුතුහෙට්ටියාව බැදලා බොහෝම අමාරුවෙන් තමයි එළියට අරං ගිහිං තියෙන්නේ. රෙඩි වෙලා හිටපු පීඑස්ඩී කාරයෝ මූව කුදලගෙන යන්කොට මූ බැල්ලියෝ දැක්කම බල්ලො "කූක්" "කූක්" ගානවා වගේ කෑගැහැව්වා කියලයි ළග හිටපු එකෙක් කිව්වේ.