
දමිළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද සිංහල හා අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන් මූලික මානව අයිතීන් තිබෙන බව පරක්කූ වී හෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට තේරුම් ගොස් ඇත. පසුගිය දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්රාස්ත්ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ද්වාරකා නම් ශිෂ්‍යාව ත්‍රස්ත විමර්ශන අංශය විසින් පැහැරගැනීමට එරෙහිව අන්තරේ පාරට බැස ඇත. මූලික අයිතීන් නොසලකා පැහැරගනු ලැබූ ඇයව නිදහස් කරන ලෙසට ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙසට පෙනී සිට ඇත.
මේ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇති අන්තරේ කැදවුම්කරු උදුල ප්‍රේමරත්න විසින් එල්ටීටීය විසින් බදවා ගන්නා ලද සෙබළ සෙබලියන් ගැන වඩා පුළුල් අර්ථයක සිට විග්රහ කොට ඇත. එහෙත් මෙකී විග්රහයන් ත්‍රිකුණාමලෙය්දී සිදුවූ විශ්ව විද්‍යාල සිසු ඝාතනයන්, සෙන්චෝලේ සිසු ඝාතනයන් සිදුවූ විට බාහිරට නො ආවේ ඇයි දැයි යන්න ගැටළුවකි. මීට පෙර පේරාදෙණියේ හා මොරටුව විශ්වවිද්‍යාල වල සිදුවූ ශිෂ්‍ය අත්අඩංගුවට ගැනීම් වලදී අන්තරේ නිහඩබව දැඩි ප්‍රශ්ණාර්ථයකි.
තවමත් නොනවත්වා සිදුවන යාපනේ විශ්ව විද්‍යාලයේ අතුරුදන් වීම් සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ බියගැන්වීම් ගැන අන්තරේ නොදන්නේ දැයි අප නොදනිමු. දමිල මහාචාර්යවරයෙකුට අනුව යාපනේ විශ්වවිද්‍යාලයේ කිසිම ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයක් නොමැත.
සිය කේවල් කිරීමේ ශක්තිය අහිමිවූ යාපනේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ අයිතීන් වෙනුවෙන්ද පොදු ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස අන්තරේට මගහැර සිටිය නොහැක. එය දකුණේ සිසුන්ගේ පහසුකම් ගැටළු වෙනුවෙන් කෑගහසනවාට වඩා සංකීර්ණ වූවකි. ඔවුන්ට ඇත්තේ තම ජීවිතය පිළිබද ප්‍රශ්ණයකි.
කෙසේ වුවද පශ්චාත් යුධ කාලසිමාව තුලදී අන්තරේ මෙකී නැමියාව ඉතා සාධනීයය. මන්ද ඒක පාර්ශවික මර්ධනය දියත් වන්නේ මේ කාලසීමාවේදී හෙයිනි. අතීතය කෙසේ වුවද ජාතියක් නොසලකා අයිතිවාසිකම් රැකගැනීම සදහා ලාංකික ශිෂ්‍යයින් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම සංවිධානයේ පෙළඹවීම සමස්ත සමාජයටම ආදර්ශයකි.