Monday, September 28, 2009

පිස්සු කෙළින එවුන් වෛද්‍යවරුකරන්න ලක්ෂ 80කට උපාධියක්...!



මාලබේ අළුතින් ආරම්භ කළ වෛද්‍ය විද්‍යාලයට විරෝධයට සහයෝගය ලබා ගැනීම සදහා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නි‍යෝජිත පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උසස් නිලධාරියෙකු හමුවට ගොස් ඇත. එහිදී අදාළ වෛද්‍ය සංගම් නිලධාරියා අපූරු කතාවක් ප්‍රකාශ කොට ඇත.

ඔහු එහිදී අදාළ වෛද්‍ය සිසු පිරිසට පවසා ඇත්තේ තමන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සදහා විරුද්ධ ‍නැති බවත් ඊට හේතුව තමන්ගේ දූ දරුවන් වෛද්‍යවරුන් කිරීම සදහා අන්මගක් නොමැති බවත්ය. ඔහුට අනුව

"මේකනේ මල්ලි අපේ ළමයි අපි වගේ මහන්සි වෙලා, මැරිලා ඉගෙනගන්නේ නෑනේ.උන් පිස්සුනේ කෙළින්නේ.උන්ට අපි වගේ කටු කන්නත් බෑ......ඒක හින්දා සම්මත්ජාතියකට උන්ට මෙඩිකල් කොලේජ් යන්න බෑ. ඒක හින්දා සල්ලි දීලා හරි උන්ට ඩොක්ටර්ස්ලා කරන්න ඕන. ඒක හින්දා අපේ සංගමේ එවුන් ඔය වගේ යෝජනාවකට කැමති වෙන්නේ නැහැ."

ඒ අනුව ලක්ෂ 80කට වෛද්‍ය උපාධිය විකුණන්නේ පිස්සු කෙළින එවුන් වෛද්‍යවරුන් කරන්නටය.....

30 comments:

  1. ඉතිං මොකද? ඔයාට ලපංද? ඔයාගෙ සල්ලි නෙවේ නම් ලක්ෂ 80 නෙවෙයි කීය උනත් මොකද? වැඩක් නැත්නම් චූ කරල නිදාගන්න.

    ReplyDelete
  2. ඔතන තව අවුලක් තියෙනවනේ මිත්‍රයා. රජරට විශ්වවිද්‍යාලයේ ඉන්න අපේ කොන්සල්ටන්ලා ටික ඒකෙන් අයින් වෙලා ඔය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සේවය කරන්න ඉන්නවා කියන එක. ඔය හේතුව නිසා තමා මෙච්චර කාලෙකට ඕක ඇදි ඇදී තියෙන්නේ. නොමිලේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගත්ත ඔය කොන්සො ටික ඒ ටිකට හරියන්න කරලා ඉවරයි වෙන්න ඇති.

    ReplyDelete
  3. meka lankawe thibune nathath wiyadam karanna puluwan aya kohoma hari wena ratakata gihin hari medicine karanawa.eka nisa oka nathara kala kiyala wenasak thiyenawada?

    ReplyDelete
  4. මූන එක්ක තරහට නාහෙ කපා ගන්න ඕනැ නැහැනෙ. දැනට වෛද්‍ය විද්‍යාල වල ඉන්න ඉන්න ආචාර්ය මණ්ඩලය පුද්ගලික විශ්ව විද්‍යාලයට යනව නම් කළ යුත්තේ දැනට තියෙන වෛද්‍යවිද්‍යාල වලින් ආචාර්යවරුන් අනුයුක්ත කරනොගන්නා ලෙස නීතියක් ඇති කිරීම. පුද්ගලික විශ්ව විද්‍යාලය ලංකාවෙන් බැරිනම් ඉන්දියාවෙන් හරි ආචාර්යවරුන් ගෙනේවි ඇපලෝ එකට ගෙනාව වගේ. ප්‍රශ්නෙ ඉවරයි.

    ReplyDelete
  5. Engineering, IT, Law wage evata private unis hadankota prashnyak nethinam ai me vaidya kshiethrayata withrak prashna?matanam hithenne meka thamanta kelavei kiyala bayata kegahana wadak.pissu kelina unta ganna bari vidiyata degree eke quality eka maintain karana eka vagakivayuththange wadak.

    ReplyDelete
  6. මීට මුල්ම කමෙන්ටුව දක්වා ඇති අන්‍යන්‍යතාව නොමැති පින්වතා ගේ අදහස තුල සමස්ත ක්‍රියාදාමයේම හරය සැගව ඇත. මුලින්ම ඔහුට අන්‍යන්‍යතාවක් නැත. සැබැවින්ම මුදල සියල්ල තීරණය වන අන්ත ප්‍රාග්ධනිකරණයකට ලක්වූ සමාජයක සැබෑ අනන්‍යතාවක් මිනිහෙකුට සොයාගත නොහැක.
    ඔහු මට පාඩුවේ චූ කරලා නිදාගන්න කියා කියයි. සැබැවින්ම අපි පාඩුවේ නිදා නොසිට ඔබව ප්‍රශ්ණ කරමින් සිටිමු. ඔබේ අනන්‍යතා අර්බුදය නිසා ඔබට අ‍පගේ පෙළඹුම දරාගත නොහැක. සමාජයේ ශ්‍රමය සපයන පිරිසගෙන් සූරාකමින් සැපවිදින්නන් සිටිනතෙක් මේ කතාව නතර නොවේ.

    ReplyDelete
  7. ඔන්න ඔන්න මල්ලි, ට්‍රැක් එක පැනල බයිල කියවන්ඩ පටන් ගත්ත. දැන් ඔයා මතුකළ ඔක්කොම ප්‍රශ්න වලට පිළිතුරු හොයල දුන්නනෙ. ඉතින් තරහ නැතුව ආයෙත් චූ කරල නිදාගන්ඩ.

    ReplyDelete
  8. පුද්ගලික වෛද්‍ය විද්‍යාල යනු රටේ අවශ්‍යතාවයකි. නමුත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට රජයේ ඒවා හා තරග කිරීම අතිශයින් අපහසුය. අඩු ගණනේ අවුරාධපුර රෝහල තරම් සේවා සපයන පුද්ගලික රෝහලක් ඉදිරි වසර 25 ටවත් ඇති වීම උගහටය. අපේ දූෂණයට බර සමාජය තුළ පු.වි.වි. වලින් පිටවන වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය පිළිබදවද ගැටළු ඇත.

    මේ ගැන මම කලින් ලියපු එකක්

    ReplyDelete
  9. GMOA එකේ මේ නිලධාරියා කවුද කියලත් කියන්න පුළුවන් නම් තවත් කැමතියි. සාක්කිත් ලැබෙනවා නම් AGM එකේදී මේ ගැන ප්‍රශ්න කරන්න පුළුවන්.

    ReplyDelete
  10. //අඩු ගණනේ අවුරාධපුර රෝහල තරම් සේවා සපයන පුද්ගලික රෝහලක් ඉදිරි වසර 25 ටවත් ඇති වීම උගහටය//

    අනේ ඩිස්පෙන්සරියෝ, උඹට ආසිරි නවලෝක ඇපලෝ ඉස්පිරිතාල පේන්නෙම නැත්ද? ඉරිසියාවට බොරු කියන්ඩ එපා බං.

    ReplyDelete
  11. @මිගාර,
    නිලධාරියාගේ නම නිශ්චිතවම කියන්න බැහැ, මොකද ඒක මේ කරුණ මට කියපු ශිෂ්‍ය සංගම් නියෝජිතයාට ගැටළුවක් හින්දා..අනික ඔහු කියලා තියෙන දේ තාත්වික දෙයක්. මට අවශ්‍ය වුනේ අදාළ ප්‍රකාශය තුලින් මතුවන දේශපාලනික තත්ත්වය මතු කිරීමටයි. අනික වෛද්‍ය සංගම් වලින් ප්‍රශ්ණ කරනවා නම් ඊට වඩා දේවල් ‍ගොඩාක් තියෙනවා නේද? මේ දවස්වල සේනක බිබිලේ අනුස්මරණයත් යෙදෙනවා කියලා පෝස්ටර් ගහල තිබුනේ...

    ReplyDelete
  12. මතවාදීමය වශයෙන් එකග නොවුනත් මිගාරගේ ඉහත සත්‍ය තත්ත්වයන් එළිදැක්වීම වැදගත් දෙයක්...නිදහස් ආර්ථිකයක් ගොඩනැගෙන්න අවශ්‍ය වටපිටාව ලංකාවේ ගොඩනැගිලද කියන එකයි එතනින් මතුවෙන්නේ....

    ReplyDelete
  13. හැම හොඳ දෙයක් කරන්න පටන් ගනිද්දීම අරක කරන්න බෑ, මේක කරන්න බෑ, තව අවුරුදු දහයකින් වත් කරන්න බෑ වැනි කතා කියන සර්වාශුභවාදීහුද කඩා කප්පල් කාරයෝද වෙති. කවදාවත් යුද්ධය දිනන්න බෑ කිව්වේත් මොවුන්ය. මේ කඩාකප්පල්කාරීන් අතළොස්සක් නිසා රටට අත්‍යාවශ්‍ය ආයතන ඇතිකිරීම නතර කළයුතු නැත. බල්ලන් බිරුවාවේ, ගැල ඉදිරියටම යයි.

    ReplyDelete
  14. @හැංගි හැංගි සද්ද දාන කොන්ද පණනැති ඇනොනිමස්,
    ඔබේ කොනද සුවපත් කිරගැනීමට ඇප‍ලෝ, ආසිරි පස්සේ ගිහිං හරියන්නැති පාටයි.උං ලෝක හොරු...කොන්දට බේත් කරන්න ගිහිං උඹේ වෘෂණකොෂ දෙක ගලවල ඇරං වගෙයි පේන්නේ. දැංවත් ගිහිං ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකින් හරියට බේතක් කරගනිං.....මිගාරට කිව්වොත් උදව් ‍නොකර ඉන්න එකක් නැහැ.

    ReplyDelete
  15. //නිදහස් ආර්ථිකයක් ගොඩනැගෙන්න අවශ්‍ය වටපිටාව ලංකාවේ ගොඩනැගිලද කියන එකයි එතනින් මතුවෙන්නේ/

    ගොඩ නැඟිලා චූටි මල්ලි. බය වෙන්න එපා. දැන්වත් හොඳ චූටි පැටිය වගේ චූ කරලා බුදියන්නකෝ.

    ReplyDelete
  16. කිරිමාමා / anonymous

    ඇපලෝ එකේ මාසෙට admissions 7000 ක් තියෙනවි නෙ. අනේ පලයන් නොදන්න බම්බු ගැන කතා නොකර. මම කලින් ලියපු ලිපිය කියවලා බලපන් වෛද්‍ය සිසුන්ට වැදගක් වන්නේ මොන වගේ පහසුකම්ද කියල. ඊට පස්සෙ කතා කොරමු. මෙලෝ දෙයක් නොදන්න මෝඩයන් එක්ක වෛද්‍ය අධ්‍යාපනය ගැන කතා කිරීම විහිළුවකි.

    ReplyDelete
  17. අනේ ඩිස්පෙන්සරියෝ, තෝ ඉස්පිරිතාලෙක තත්වය මනින්නේ ලෙඩ්ඩු ගානින්ද? අනේ තොගේ මොළේ බං.

    ReplyDelete
  18. එහෙම නං ලෝකෙ හොදම වෛ.වි. තියෙන්නෙ පර්යේෂණ රෝහල් වල වෙන්න ඕන. (පෙරළි පෙරළි සිනා)කිරි මාමේ, මගේ ලිපිය කියවල බලපං. උඹ කතා කොරන්නෙම ඔල්මොරොන්දන්. උඹට සිංහල තේරෙන්නෙ නැත්නම් ගිහින් මුත්‍රා කොරල බුදිය ගනිං, වැදගත් කතා නලට එන්නේ නැතුව.

    ReplyDelete
  19. නොදොකින් මේ වගේ කාළකණ්නි.. මිගාර .. ගෝරා... කමෝන්........

    ReplyDelete
  20. පෞද්ගලික වි.වි. වල හොද නරක දෙකම තියෙනවා... මතු අනාගතේ රජයේ වි.වි. වලට කෙල‍විලා යාමේ අවධානමක් ඇත. මෙයට ඒවායේ සිටි සිසුන්ද වගකිව යුතුය...ගුරු විද්‍යා පීඨ වසා දමා වි.වි. ට ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමේ උත්සහයක් ඇත.. ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරල වැඩක් නැත.. හරියට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක් වත් හදාගන්න බෑනේ මුන්ට... රටේ අධ්‍යාපනයට ජය වේවා.... ලක්ෂ 80 ක් තියනවනම් ඔබත් මමත් ‍‍වෛද්‍යවරු... කෝ ලෙඩ්ඩු.. ගෝරා අපෙන් බෙහෙත් ගනින්.... හා හා හා

    ReplyDelete
  21. පුද්ගලික වි.වි. ඇති කරන්න්න එපා කියන්නේ........ වි.වි. වල ගිහින් ඉන්න උන් හා ජෙප්පන් විතරයි. ඇයි බන් අනික් එව්වොත් ඉගෙන ගත්තම මොකද වෙන්නේ......සල්ලි තියන එකා කොහෙ ගිහින් හරි ඉගෙන ගන්නවා.... පු.වි.වි. වහපියව් කිය කිය කැම්පස් වල ඉගෙන ගන්න ඇවිත් ඉන්න ජුන්නොව අවුස්සල අරන් පෙලපාලි ගියපුහාම වෙන්නෙ.උන්ට ඉගෙන ගන්න ලැබුන අවස්තාවටත් කෙල වෙන එකයි. ගෝරා උබලනම් මාර මිනිස්සු තමයි.....යකෝ උබල වගේ උන් හින්ද තමයි ලංකාවට දියුනු වෙන්න බැරි. එක්කෝ වැඩ වර්ජන කරන්න හදනව... නැත්නම් කැම්පස් වල වලි දාගෙන ඒවගෙ ඉගෙන ගන්න උන්ට වල කපනවා.

    ReplyDelete
  22. මෙයට ඒවායේ සිටි සිසුන් වගකිව යුතුය.
    Exactly True.
    When they come out from universities
    they are running behind money,vehicles and multi national drug manufacturers.

    ReplyDelete
  23. පු.වෛ.වි. අනවශ්‍ය යයි මා කියා නොමැත. මම සරසවි සිසුවෙක් හෝ ජෙප්පෙක් ද නොවෙමි. නමුත් පු.වෛ.වි. ඇතිකිරීමට සුදුසු යටිතල පහසුකම් හෝ සමාජ වටපිටාව තවම ඇති වී නොමැත.

    ReplyDelete
  24. මුලින්ම මිගාරට, චාමරට,lankafriend,‍ගෝමස් යන අයට මාගේ ආචාරය.ඔවුන්ට කොන්දක් ‍තියෙනවා තමන් දරණ මතය වෙනුවෙන් පෙනී සිටින්න.මෑත කා‍ලයේ සිට දකින්න ලැබුනු ඛේදවාචකය නම් හරවත් සංවාදයක් ගොඩනැගීමේදී අනන්‍යතාවක් රහිතව පෙනී සිටීමත්(ඇනොනි), ආදාළ සංවාදයට බදුන්වන කාරණය පිළිබද විශ්ලේෂනාත්මක අදහස් නොමැති පිරිස අනන්‍යතා රහිතව සිට කිසිදු කරුණු ඉදිරිපත්කිරීමකින් තොරව හිතුමතේ මඩගැසීමට පුරුදුවීමයි.බජාර් එකේ සෙට් එකේදී මෙවැනි ගතිලක්ෂන ගැටළුවක් නොවුවද සිවිල් සමාජයක් ගොඩනැංවීමෙදී මෙවැනි ලක්ෂන බාධාකාරීය.විශේෂයෙන් මුහුණට මුහුණ නොදකින සයිබර් අවකාශයේදී වත් තමන්ගේ මතවාදය, අදහස වෙනුවෙන් පෙනීසිටිය නොහැකි නම් සාමාන්‍ය සමාජයේදී සමාජවිරෝධී ක්‍රියාවන් සදහා මොවුන් පෙනී සිටින්නේ කෙසේද? යන්නයි. යහපත් සමාජයක් ගොඩනැගීම සදහා මෙආකාරයේ විකෘති අනන්‍යතාවන්ගේ මගහැරීමේ ගතීන් කිසිසේත සුබදායී නොවේ

    ReplyDelete
  25. මෙම බ්ලොග් පෝස්ට් එක මගින් ඇති වන්නට තිබූ කතිකාව මගහැරී ඇත. කෙසේ වුවද පුද්ගලික විශ්වවිද්‍යාල ගැන සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබද මා මීට පෙර අදහස් දක්වා ඇති අතර සමස්තයක් ලෙස අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට එකග නොවෙමි.මානව සංවර්ධනයේ තීරණාත්මක අංගයක් වන අධ්‍යාපනය ලාභය පමණක් තකන පුද්ගලික අංශය සතුවිම සමස්ත මානව පරිණාමයටම අහිතකර ආකාරයෙන් බලපාන ආකාරය ටියුෂන් සංස්කෘතිය හරහා ලංකාවට අත්ව ඇති ඉරණම තුලින් පැහැදිලිවේ.මීට අතරමැද වෛද්‍ය විද්‍යාල පුද්ගලික අංශය සතුවීමේ අහිතකර තත්ත්වයන් මිගාරද මතුකර ඇති අතර ඔහු විසින් දක්වා ඇති "පුද්ගලික විද්‍යාල ‍රටේ අවශ්‍යාතාවක් " යන ප්‍රකාශයේ අර්ථය පැහැදිලි නැත.

    ReplyDelete
  26. @ පාලිත

    පු.වෛ.වි. රටේ අවශ්‍යතාවයක් වන්නේ රටට අවශ්‍ය වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පැවතීම නිසාත්, රජයේ වෛ.වි. වලට එම අඩුව පිරවීමට වසර 20ක් පමණ ගත වන නිසාත් මිස වෙනත් ආර්ථික හෝ දේශපාලනික හේතු නිසා නොවේ. එනමුත් වර්තමාන පු.වෛ.වි. තුලින් බිහි වන වෛද්‍ය වරුන්ගේ ගුණාත්මක භාවය පිළිබඳ මහත් ගැටළු ඇති සමයෙක, මේ අඩුව විඳ දරා ගැනීම, අඩු සුදුසුකම් ඇති වෛද්‍යවරු සේවයට ඇතුළු කර ගැනීමට වඩා දීර්ඝ කාලීනව වාසි දායක වනු ඇත. මා ලිපිය තුලින් කීමට උත්සාහ කර ඇත්තේ එයයි.

    ReplyDelete
  27. I'm not against to private unis.
    Simple fact is if we don't have those in SL theym people who can afford them will do to some other country and study. So at least money will be saved here by having private unis.

    ReplyDelete
  28. X - කෝ කිරි මාම ?

    Y - මිනිහ චූ කරල නිදාගෙන

    ReplyDelete
  29. ඉන්දියාවෙන් වෛද්‍යවරු ගේනවා... කතාව නම් හරි තමා ඒත් කරාපිටියෙ පාටිටයිම් ඕකෙ වැඩ කරන්න කැමති කොන්සො ට්කකුත් ඉන්නවනෙ මිගාර. ඒක නිකන් හරියට ස්කෝලෙ ගුරුවරුන්ට ටියුෂන් නවත්තන්න කිව්වා වගේ වැඩක්නෙ. අනික මෙතන අදහස් වලට අදහස් වලින් පහර දෙන්නෙ නැතුව පෞද්ගලික මඩ ගැහීම නම් පොන්නයි.

    ReplyDelete
  30. මීට පෙර පෞද්ගලික විශ්වවිද්‍යාල/වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් ලියැවුණු බ්ලොග් සටහන් කිහිපයක් පහත දක්වා ඇත.

    http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2009/03/blog-post_15.html

    http://beyondframe.wordpress.com/2009/03/21/%e0%b6%b4%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-private/

    ReplyDelete