NGO වලට කෙළපු දේශප්‍රෙමී ආණ්ඩුව සමයේ නැගලා යන රාජ්‍ය නොවන සංවිධානයේ මූලස්ථානය ලෝක වෙළද මධ්‍යස්ථානයට රැගෙන යන බව පැවසේ. ලක්ෂ ගණනක මාසික කුලියක් ගෙවිය යුතු ලෝක වෙළද මධ්‍යස්ථානය වෙතට තාරුණ්‍යයට හෙටක් යාමේ පසුතලය විමසීම අවශ්‍යතාවයකි.
පසුගිය බ්ලොග්සටහනක දක්වා ඇති පරිදි ලෝකයේ ප්‍රබලතම ජාවාරම් අතරට ආයුධ, මත්ද්‍රව්‍ය මෙන්ම මානව හිමිකම්, සාමය වැනි කාරණාද ඇතුලත්ය. එමෙන්ම සරණාගත ගැටළුවද හොදින් විකුණාගෙන කෑ හැකි බව සුනාමි අත්දැකීම් ඇති අප දනිමු. ලාභ ලබන වෙළදාම් වල කේන්ද්‍රස්ථානයක් වන ලෝක වෙළද මධ්‍යස්ථානයට ලාභ නොලබන, රාජ්‍ය නොවන සංවිධානයක් වන තාරුණ්‍යයට හෙටක් ගෙන යන්නේ මෙවැනි පසුබිමක් තුලය.
යුධ පීඩාවෙන් දුක් විදි රටක් ලෙස මෙන්ම තුන්වැනි ලෝකයේ දුප්පත්කම පිරි රටක් ලෙස ලංකාවට ලද ආධාර බටහිර අධිරාජ්‍යවාදී කුලී ඒජන්තයින් ලෙස ක්‍රියාකල දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ සුඛෝපභෝගී ජීවන තත්ත්වය ගොඩ නගා ගැනීම සදහා ක්‍රියාකළ ආකාරය ලංකාවට පුරුදු අත්දැකීමකි. ප්‍රධාන NGO සියල්ල කොළඹ ආශ්‍රිතව අති සුඛෝපභොගී කාර්යාල පවත්වාගනිමින් 60%කටත් වැඩි තමන් වෙත ලැබෙන ආධාර මුදල් සිය ආයතනයේ නඩත්තු මුදල් ලෙස භාවිතා කරමින් ලංකාවේ යුද්ධය සහ දුප්පත් කමෙන් කඩාවඩා කෑම තවදුරටත් ක්‍රියාත්මකය. කුමාර් රූපසිංහ වැනි සාම වෙළෙන්දෙක් ලක්ෂ 17ක් පමණ මාසික වේතනයක් ලබාගන්නේ මෙවැනි තත්ත්වයක් තුලය.
රාජ්‍ය නොවන සංවිධාන වල මෙආකාරයේ විකුණාගෙන කෑම් සහ පාවාදීම් වලට එරෙහිව නැගී සිටි ජාතිකවාදී ව්‍යාපාර මහින්ද ජනාධිපතිවරයාට සහයෝගය දැක්වූ බව රහසක් නොවේ. මෙතෙක් රාජ්‍ය නොවන සංවිධාන වල සුඛෝපභෝගීත්වය කොළඹ 07 රහසින් පවත්වාගෙන යන විට ලෝක වෙළද මධ්‍යස්ථානයට සිය කාර්යාලය පිහිටවූ ප්‍රථම ලාංකික රාජ්‍ය නොවන සංවිධානය ලෙස තාරුණ්‍යයට හෙටක් වාර්තාගත වන්නේ පෙරකී ආකාරයේ ජාතික ව්‍යාපාරයන්ගේ සහයෝගය ලැබූ රජයක් බලයේ සිටින කාලයේදී වීම හාස්‍යයට කාරනයකි. එකී රාජ්‍ය නොවන සංවිධානය රටේ විධායක ජනාධිපතිවරයාගේ නිල අනුග්‍රහයෙන් ඔහුගේ පුත්‍රයා විසින් පවත්වාගෙන යෑම සැබැවින්ම සිවිල් සමාජයේ අවධානය අනිවාර්යෙන් යොමුවිය යුත්තකි.
NGO ප්‍රාග්ධනය
පෙර සදහන් කර ඇති අධිරාජ්‍ය වාදී කුලී ඒජන්තයින් බවට පත්වූ NGO සදහා ප්‍රාග්ධනය සැපයෙන්නේ බටහිර අධිරාජ්‍යවාදී, වෙළද ව්‍යාප්තවාදී, ආගමික වැනි ආධාරක සංවිධාන වලිනි. USAID, AUSAID, GTZ, DFD, CIDA, World Vision මෙන්ම තානාපති කාර්යාල වැනි ආධාරක ආයතන රාශියක් මේ අතරට අයත් වන අතර ඔවුන් විසින් ආධාර දීම සදහා ව්‍යාපෘති වාර්තා සකස් කොට පිළිපැදිය යුතු නිශ්චිත විධික්‍රමයයන් සකස් කොට තිබේ. පිටතින් දැඩි වෘත්තීය සහගත බවක් දැක්වුවද ඊට යටින් ඇත්තේ තම න්‍යාය පත්‍රයන් රටතුළ ක්‍රියාත්මක කරගැනීමේ අවශ්‍යතාවක් බව විමසිල්ලෙන් සිටින කිසිවෙකුට වුවද අවබෝධ වේ. ලංකාව තුළ සුබසාධන සංවිධාන වල ව්‍යාප්තවීමක් සිදුවූයේ මෙවැනි ප්‍රාග්ධනයක් ගලා ඒම නිසා මිස ලංකාවේ මිනිස්සු පිනට වැඩ කිරීමට උනන්දුවක් දක්වන නිසා නොවේ.
බටහිර ව්‍යාප්තවාදී රටවල් වලින් ගලාඑන ආධාර මුදල් වල මූඛ්‍ය වුවමනාව නම් ලිබරල් ආර්ථිකය තමන්ට හිතැති ආකාරයට ව්‍යාප්ත කිරීමත්, සිය සූරාකෑමේ ක්‍රියාවලීන් කාර්යක්ෂමව සිදුකිරීම සදහා ජනතාව විනාශ නොකර රදවා ගැනීමේ සිට සමස්ත රටේ දේශපාලන ක්‍රියාවලියට බලපෑම් කළ හැකි, තමන්ට හිතවත් සංවිධාන ජාලයක් පවත්වා ගැනීම දක්වා දැඩි පරාසයක් තුළ අර්ථකථනය කළ හැක. මේ නිසාම ජාතිකවාදී ව්‍යාපාර මෙන්ම වාමාංශික කොටස්ද මේ කෙරෙහි දැඩි විරෝධතාවක් දක්වන්නට විය.(ජාතික ගැටළුව කේන්ද්‍රගත කොට ෆෙඩරල් ක්‍රමය වැනි දෙමළ ජනයාගේ ගැටළුවට විසදුම කරුණු වලදී බටහිර සහ වාමාංශික කොටස් සමාන්තර මතයක් දැරූ නිසා පරණ වම NGO කරණය හරහා ප්‍රාග්ධනීකරණය වීමක් සිදුවී අවසානයේ ලිබරල්වාදී විය.)
මෙවැනි තත්ත්වයක් තුළ සන්ධාන ආණ්ඩුවේ යුධ ක්‍රියාමාර්ගය තුලදී ක්‍රියාත්මක වූ ජනප්‍රියවාදී ක්‍රියාමාර්ගයක් ලෙස ලංකාවේ ක්‍රියාත්මක වූ බොහෝ NGO සදහා තහංචි වැටිණි. ඒ සදහා එතෙක් නිර්මාණය කොට තිබූ කළු ප්‍රතිරූපයෙන් මහජන සහයෝගය ලැබුණු අතර යුද්ධය හා ජනවාර්ගික ගැටළුව පිළිබද මතුව තිබූ මැදිහත් අදහස්ද ඊට සමාන්තරව යටපත් විය.
ඒ මෙතෙක් ලංකාවේ සාමාන්‍ය NGO වල කතාන්දරයයි. මේ අතරතුර "තාරුණ්‍යයට හෙටක්" නම් සංවිධානයක් බිහිවන්නේ කීර්තිමත් ජනාධිපතිවරයාගේ සුකුමාල පුත් නාමල් රාජපක්ෂගේ නායකත්වයෙනි. නාමල් උඩින් හිටියද සැබැවින්ම වැඩේ කරගෙන යන්නේ කුප්‍රකට සොරෙකු වන සජින් වාස් බව කුඩා නිරීක්ෂණයකින් වුවද දැකගත හැක.
"තාරුණ්‍යයට හෙටක්" ප්‍රාග්ධනය කොහෙන්ද ?
සියළු දෑ හට මිලක් ඇති සමාජයක තාරුණ්‍යයට හෙටක් ඉතා කෙටි කාලයකින්ම සාමාජීය දේශපාලන වටිනාකම කෙසේ වෙතත් මිලෙන් අධික වැඩ රාශියක් සිදුකිරීමට සමත්විය. මූලික වැඩසටහන් සදහා පහසුකම් සපයා ගැනීමට රටේ ජනාධිපතිවරයාගේ උදව් උපකාරය ලැබුණා යැයි බලාපොරොත්තු තැබිය හැකි වුවද, සමස්ත ක්‍රියාවලීන් සදහා ජනාධිපතිවරයාගේ බලතල, සිවිල් වටිනාකම, නාමල්ගේ ජනප්‍රියත්වයේ උදව් උපකාර වලින් පමණක් උපයාගත නොහැකි ප්‍රාග්ධනයක් සංසරණය වන ආකාරයක් දක්නට ලැබුණි. රටේ සාමාන්‍ය රාජ්‍ය නොවන සංවිධාන වලට ප්‍රාග්ධනය පොම්ප කරන මාර්ගයන් කුප්‍රකට වුවද ඒවා පැහැදිලිය. බටහිර කුමන්ත්‍රණ න්‍යාය පත්‍ර වලට අනුකූලව සැකසුනද ඔවුන් තම ඊනියා විවෘත භාවය සදහා විගණනයන්ද සිදුකරති. එහෙත් අනාගත ජනපති වීමේ දිගුකාලීන ව්‍යාපෘතියේ නිරත නාමල් පසුපස ඇති ප්‍රාග්ධනය පැහැදිලි නැත.
පසුගිය ජනාධිපතිවරණය සමයේ මතුවූ "හෙල්ප් ඉන් හම්බන්තොට" ගිණුම සම්බන්ධයෙන් වන චෝදනාවෙන් ජනාධිපතිවරයා නිදහස් වූයෙ නැත. සුනාමියට ආ ඒ මුදල් වලට සිදුවූ කිසිම සලකුණක් නැත. අඩුම තරමින් හම්බන්තොට සංවර්ධනයට වත් එම අරමුදලෙන් කොටසක් යෙදවූ බවක් දක්නට ලැබුණේ නැත.
ඉහත දක්වා ඇති පරිදි, සංඛ්‍යා දත්ත අනුව ලෝකයේ දැවැත්තම ජාවාරම ආයුධ ජාවාරමයි. රට රටවල් වලින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඒ සදහා වැයකරයි. මාගේ මතකයට අනුව යුද්ධය වෙනුවෙන් ශ්‍රී ලංකාව පසුගිය වසරේ පමණක් රුපියල් බිලියන 150කට වැඩි මුදලක් වැය කර ඇත. එල්ටීටීය පරාජය කිරීම සදහා අතිනවීන ආයුධ වලින් සන්නද්ධ කිරීමට ඉහත මුදල් ප්‍රමාණයෙන් 70%ක් වත් මුදල් යොදවන්නට ඇත. රටක් එආකාරයෙන් ආයුධ මිලදී ගන්නා විට අනිවාර්යෙන්ම ලබාදෙන කොමිස් මුදල් ගැන කිසිදු සටහනක් නොමැත. සමස්ත මිලදී ගැනීම් වලින් 20% සිට 50% ක් පමණ දක්වා වන අදාළ කොමිස් මුදල් සංඛ්‍යාත්මකව ගණනය කළ විට කොතරම්ද යන්න වටහා ගත හැක.
දැනට මැණික්ෆාම් අනාත ගම්මාන වල ක්‍රියාත්මක වන විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන කිහිපය හැරුණුවිට මාධ්‍යයේ ප්‍රසිද්ධිය ලබමින් ක්‍රියාත්මක වන්නේ "තාරුණ්‍යයට හෙටක්" බව රටම දනී. සරණාගත පිරිසට රජයෙන් ලැබෙන අල්ප වූ සැලකිලි නිසා නාමල්ට වන්දි ගෙවීමට සිදුවූ බව ප්‍රසිද්ධ රහසකි. ලක්ෂ 03කටත් අධික සරණාගත පිරිස වෙනුවෙන් ලැබෙන අතිවිශාල ආධාර ප්‍රමාණය කිනම් දිශාවකට යොමුවී ඇත්ද යන්න සැකසහිතය.
පැහැදිලි නොවන ප්‍රාග්ධනයක් මගින් මෙහෙයවෙන සංවිධානයන්ට ජාවාරම් වලින් සහයෝගය ලැබෙන්නේ නම් ඒ අතර ප්‍රධාන වන්නේ ආයුධ සහ මත්ද්‍රව්‍ය වලිනි. ලංකාවේ ආයුධ පරිභෝජනය දැන් අඩුවී ඇත. එහෙත් මත්ද්‍රව්‍ය පරිභෝජන එසේ වී නොමැත. මතට තිත ලෙස කිව්වද ඉන් සිදුව ඇති වක්‍රාකාර උපකාරයන් සංවේදී නිරීක්ෂණයන්ට පැහැදිලිව හසුකර ගත හැක.
මිලියන බිලියන ගණන් වලින් මුදල් සංසරණය වන වටපිටාවක ලෝක වෙළද මධ්‍යස්ථානය වෙනුවෙන් ගෙවීමට ඇති ලක්ෂ කිහිපයක මාසික කුලිය සැළකිය යුතු ගණනක් වන්නේ නැත. පාන් ගෙඩියක් ගන්නටත්, තේ එකක් බොන්නටත් දෙපාරක් සිතන්නට සිදුව ඇති සාමාන්‍ය ජනතාවට නම් රු 100 ත් සැළකිය යුතු මුදලකි.
බලය කේන්ද්‍රගත වන විට මුදල්ද කේන්ද්‍රගත වීම සාමාන්‍යය. එහෙත් හැමදාම හැමෝටම අවුරුදු නැත. නිව්ටන්ට අනුව සෑම බලයකට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් බලයක් ඇත. ඒ භෞතික විද්‍යාවේදීය. සමාජ විද්‍යාව තුල එය කෙසේ වේ දැයි අප නිරීක්ෂනය කරමු. සමාජයේ ප්‍රතිවිරුද්ධ බලය සදහා මේ ක්ෂුද්‍ර වූ තල්ලුවක් පමණි.
මතට තිත, තවත් පොඩි කිචි කැවීමක්. සදාචාරවාදීන් අවුස්ස අවුස්ස තියා ගන්න ගහපු පුස් බෝම්බයක්. අවුරුද්දකට රජයට සිගරට් වලින් ම ලැබෙන බදු ගැන බැලුවොත් පැහැදිලි වෙනවා මොනවට තිබ්බත් මතට නම් තිත තියන්නේ නෑ කියලා.
ReplyDeletegood post!
ReplyDeleteහුදෙක් NGO යනු යක්ෂයන් ලෙසම දක්වනු විනා, ඒවා පසුපස ඇති ප්‍රාග්ධනය හා ඒවායෙන් අපේක්ෂිත සැබෑ අරමුණු පිළිබඳ විචාරශීලි දැක්මක් සමකාලීන NGO විරෝධය තුල දක්නට ලැබිණි නම් ඒ කලාතුරකිනි.
මේ සටහන තුල එසේ NGO විරෝධය හා බැඳුනු ප්‍රමුඛ මතවාදයට එහා ගිය නිරීක්ෂනයක් දැකිය හැකිය.
>
NGO ප්‍රාග්ධනය
පෙර සදහන් කර ඇති අධිරාජ්‍ය වාදී කුලී ඒජන්තයින් බවට පත්වූ NGO සදහා ප්‍රාග්ධනය සැපයෙන්නේ බටහිර අධිරාජ්‍යවාදී, වෙළද ව්‍යාප්තවාදී, ආගමික වැනි ආධාරක සංවිධාන වලිනි. USAID, AUSAID, GTZ, DFD, CIDA, World Vision මෙන්ම තානාපති කාර්යාල වැනි ආධාරක ආයතන රාශියක් මේ අතරට අයත් වන අතර ඔවුන් විසින් ආධාර දීම සදහා ව්‍යාපෘති වාර්තා සකස් කොට පිළිපැදිය යුතු නිශ්චිත විධික්‍රමයයන් සකස් කොට තිබේ. පිටතින් දැඩි වෘත්තීය සහගත බවක් දැක්වුවද ඊට යටින් ඇත්තේ තම න්‍යාය පත්‍රයන් රටතුළ ක්‍රියාත්මක කරගැනීමේ අවශ්‍යතාවක් බව විමසිල්ලෙන් සිටින කිසිවෙකුට වුවද අවබෝධ වේ. ලංකාව තුළ සුබසාධන සංවිධාන වල ව්‍යාප්තවීමක් සිදුවූයේ මෙවැනි ප්‍රාග්ධනයක් ගලා ඒම නිසා මිස ලංකාවේ මිනිස්සු පිනට වැඩ කිරීමට උනන්දුවක් දක්වන නිසා නොවේ.
බටහිර ව්‍යාප්තවාදී රටවල් වලින් ගලාඑන ආධාර මුදල් වල මූඛ්‍ය වුවමනාව නම් ලිබරල් ආර්ථිකය තමන්ට හිතැති ආකාරයට ව්‍යාප්ත කිරීමත්, සිය සූරාකෑමේ ක්‍රියාවලීන් කාර්යක්ෂමව සිදුකිරීම සදහා ජනතාව විනාශ නොකර රදවා ගැනීමේ සිට සමස්ත රටේ දේශපාලන ක්‍රියාවලියට බලපෑම් කළ හැකි, තමන්ට හිතවත් සංවිධාන ජාලයක් පවත්වා ගැනීම දක්වා දැඩි පරාසයක් තුළ අර්ථකථනය කළ හැක. මේ නිසාම ජාතිකවාදී ව්‍යාපාර මෙන්ම වාමාංශික කොටස්ද මේ කෙරෙහි දැඩි විරෝධතාවක් දක්වන්නට විය.(ජාතික ගැටළුව කේන්ද්‍රගත කොට ෆෙඩරල් ක්‍රමය වැනි දෙමළ ජනයාගේ ගැටළුවට විසදුම කරුණු වලදී බටහිර සහ වාමාංශික කොටස් සමාන්තර මතයක් දැරූ නිසා පරණ වම NGO කරණය හරහා ප්‍රාග්ධනීකරණය වීමක් සිදුවී අවසානයේ ලිබරල්වාදී විය.)<
NGO පිළිබඳ මම මෑතකදි අහපු නියම කතාවක් තියෙනවා. බොහෝම දේශප්‍රේමී යාළුවෙක් හිටියා මට. ෆේස්බුක් තුල, email මගින් බොහෝම ක්‍රියාශීලි විදියට NGO සහ කොටින්ට විරුද්ධව කටයුතු කරපු අයෙක්. නමුත් ළඟදි දවසක බස් එකේ යන ගමන් ඔහු කියනවා "NGO ත් නරක නෑ මචන්. සල්ලි ආකරයක්". තාත්තා ළඟක් වෙනකම් වැඩ කරලා තියෙන්නේ NGOවක.
ReplyDeleteඔබ කියලා තියෙන දේ කුඩා ප්‍රමාණයේ නිදසුනක් ද මන්දා මම කිව්වේ.