Monday, October 11, 2010

ෆොන්සේකා, රාජපක්ෂගෙන් සමාව ඉල්ලා ඔහු හා එකතු විය යුත්තේ ඇයි??




පවතින ආණ්ඩුව හොඳ ගේම් කාරයින්ගෙන් යුක්ත වූවක් බව ආණ්ඩුවේ ප්‍රධානතම විරෝධතාකරුවන් පවා විශ්වාස කරන්නකි. මේ ආණ්ඩුවේ හොඳම ගේම් ගැසුවේ ලංකාවේ සමාජයේ හැසිරීම හොඳින් අවබෝධ කොටගෙනය. මේ නිසා විටෙක "විය නොහැකි" දේ යැයි උපකල්පනය කළ දෑ යථාර්තයක් බවට පත්කරලීමට ආණ්ඩුව සමත් විය.


ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නේ රජයේ හමුදා විසින් අලිමංකඩ අත්පත්කරගෙන කිළිනොච්චිය අත්පත්කරගැනීමට සූදානම් වන අතරවාරයේය. යුධ විරෝධීන්ට හෝ රජයේ දේශපාලන විරෝධකරුවන්ට එකී ඝාතනය මඟින් ජන මතයක් නිර්මාණය කළ නොහැකි විය. සමාජය දේශපාලන මතයන් දෝලනය වෙමින් පැවති සමයක ප්‍රතිවාදී අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ හිටපු යුධ හමුදාපතිවරයා යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ද රජයට එරෙහිව මෙහෙයවීමට උත්සාහ කරනු ලැබූ ජනමතය ක්‍රමයෙන් යටපත් විය.


යුද ජයග්‍රහණයේ පේටන්ට් අයිතිය වෙනුවෙන් තමන්ට තියුණු අභියෝගයක් සිදුකළ පුද්ගලයාට හතර අතින් පහරදීමෙන් අනතුරුව, දැන් ආණ්ඩුව විසින් ඔහු වෙතට යටත්වීමට අවස්ථාවක් ලබාදී ඇත. සරත් ෆොන්සේකාට වසර දෙක හමාරක සිරදඬු‍වමෙන් ගැලවීමේ එකම හා පහසු මාර්ගයක සංඥාවන් ලබා දෙමින් සිටිති. මැයි 18වැනිදායින් පසු එල්ටීටී නිල නොවන නායකත්වය දැරූ කේපී ගේ සිට කරුණා අම්මාන්, විමල් විරවංශ හරහා පබා දක්වා ක්‍රියාත්මක කළ රාජපක්ස න්‍යාය නොහොත් ඇඟ නොරිදී ගොඩ යෑමට අවස්ථාවක් සරත් ෆොන්සේකා හටද අවස්ථාවක් ලබා දී ඇත. ආණ්ඩුවේ වචනයෙන් කිවහොත් "සරත් ‍ෆොන්සේකා ජනාධිපතිවරයාගෙන් සමාව ගත යුතුය". අපේ වචනයෙන් කිවහොත් සරත් විසින් ජනාධිපති ඉදිරිපිට දණ ගැසිය යුතුය. විස්තරාත්මක කිවහොත් සරත්ගේ ආත්ම ගෞරවය රාජපක්ෂ පවුල ඉදිරිපිට පූජා කළ යුතුය.


ආත්ම ‍ගෞරව යන්න පුද්ගලික දෙයක් වුවද, එය සමාජයට සාපෙක්ෂ වූවකි. වර්තමාන ලාංකික දේශපාලන කරළිය දෙස බැලූ විට පෙනී යන කාරණය නම් සරත් ‍‍ෆොන්සේකා විසින් සමාව ගැනීමේ තීරණයකට එළැඹිය හොත් එය සමාජයේ වරදකාරී තීරණයක් බවට පත් නොවනු ඇත. මෙතෙක් කළක් බහුතර රාජපාක්ෂික සිංහල බෞද්ධයින්ගේ හෘද සාක්ෂියට කරදර කළ පිළිලය ‍පියවීම නිසා ඔහුට රාජපක්ෂ යටතේ දැවැන්ත ජනතා ප්‍රතිචාරයක් හිමිවනු ඇත. යූඇන්පීය හා ජවිපෙ විසින් ඔහු වෙත දෝෂාරෝපණයන්ද, ඔහුගේ සැඟව තිබූ අමානුෂික දෑ පිළිබඳවද ප්‍රචාරණය කරනු ඇති වුවද, එය ඔහුගේ කීර්තියට සිදුකරන හානිය අවම වනු ඇත. ඒ වෙනුවට සරත් ෆොන්සේකා සියළු වැරදි වලින් නිදොස් කොට එතැන් පටන් වඩාත් සැපසම්පන්න පුද්ගලික ජිවිතයක් ගත කිරීමට ඉඩකඩ සැලසෙනු ඇත. ෆොන්සේකා විසින් සිදුකළ හානිය දන්නා නිසා ඔහුගේ සාමාජයීය ජිවිතයට නම් අනිවාර්යෙන්ම වැටකඩුළු බැඳීමට ගෝඨා පියවර ගනු ඇත. එහෙත්...කන්න බොන්න, සැප තියේ නම් මොන සමාජයක්ද????


රාජපක්ෂ රෙජීමයට සාපෙක්ෂව ගත් කළ සරත් ෆොන්සේකා විසින් දරණු ලබන අදහස් වල පරස්පර විරෝධීතාවයක් නැත. ඔහුව භාවිතා කරමින් ජවිපෙ විසින් නොයෙකුත් දේශපාලනික අදහස් දැක්වීම් සිදුකළද, පුද්ගලික එදිරිවාදිකම නොවන්නට මහින්ද හා ෆොන්සේකා අතර නොගැලපීම් වලට වඩා ගැලපීම් බහුලය. මේ දෙදෙනාගේ එකතුව දෙදෙනාගේම බැබළීමට හේතුවනවා මිස පරිහානියක් සිදුවීමේ සම්භාවිතාව අල්පය. මේ නිසා ෆොන්සේකා රාජපක්ෂ ඉදිරිපිට දණ ගැසීම, කේපී හෝ වීරවංශ දණ ගැසීම තරම් ඓතිහාසික පාපකර්මයක් වන්නේ නැත.


රාජපක්ෂ හා ෆොන්සේකා එකතු වීමෙන් අපිට ඇති වැඩේ මොකද්ද???


ලාංකික දේශපාලනය මේ වන විට පවතිනුයේ එක්පසෙකට ධ්‍රැවීයකරණය වූ තත්ත්වයක් තුළය. ඒ තුළ නියෝජනය වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුගේ හිතවතුන් පිරිස හා ආණ්ඩුවයි. ඔහු විසින් නියෝජනය කරනුයේ ඓතිහාසිකව ගොඩනැඟුණු සිංහල බෞද්ධ මතවාදයයි. කොතෙක් අවභාවිතාවන් සිදුවුවද, ප්‍රායෝගිකත්ව, දේශපාලනය හා ජනබලය යන සාධක මත සිංහල බෞද්ධ මතවාදයේ නියෝජිතයින් සියල්ල මහින්ද වටා රොක් වී ඇත. එකී දේශපාලන මතය හසුරුවන න්‍යායාචාර්යවරුන්ගේ සිට ‍ඓතිහාසිකව සමාජවිඥානය මඟින් මෙහෙයවෙන සාමාන්‍ය පොදු ජනයාද ඊට හදවතින් එකඟව ඇත. සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදයේ නියෝජිතයා වන මහින්දට එරෙහිව සිටින ප්‍රධානතම සතුරා සාපෙක්ෂව ගත් කළ සරත් ෆොන්සේකාය. ඔහු නියෝජනය කරන්නේද මතවාදයක් ලෙස ගත් කළ සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදයයි. (යූඇන්පීය තුළද මේ වන පවතින ප්‍රතිසංවිධාන යෝජනා තුළද වඩා ඉදිරියෙන් සිටින සජිත් ප්‍රේමදාස ද නියෝජනය කරනුයේ පාර්ශවයයි.)


බූන්දියේ පළවූ කමෙන්ටුවක නිර්මාල් රංජිත් විසින් ප්‍රකාශ කරනවා යැයි සඳහන් කොට තිබුණු රාජපක්ෂ රෙජීමය අවසන් වීමට නම් තවත් අවුරුදු 15ක් ගතවනවා යන්න අප සත්‍යයක් යැයි උපකල්පනය කළහොත් අවුරුදු 15කට පසුව නැවතත් බලයට පැමි‍නීමට ඉඩකඩ ඇත්තේ තවත් සිංහල බෞද්ධ ජාතිවාදියෙකුය. එම ලේබලය යටතේ ගතහොත් මහින්දට වඩා ෆොන්සේකා අන්තගාමීය. එසේ වුවද ජනමනස ෆොන්සේකා කේනද්‍රකොට ස්ථාපනය කරන්නට උත්සාහ කරන ජවිපෙ ඇතුළු පිරිස් විසින් සිදුකරන්නාවූ බලමුළු ගැන්වීම් මතින් වසර 15කට පසුව වුවද බිහිවීමට ශක්‍යතාවයක් ඇත්තේ තවත් අන්තවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් නම් වර්තමානය ඊට වඩා යහපත්ය. එසේ නම් අනාගතයේ පවතින බලාපොරොත්තුව කිළිටි කරනවාට වඩා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහින්ද රෙජීමය හා එකතුවන්නේ නම් පවතින මජර දේශපාලන ක්‍රමයේ සැබෑ සතුරන් එකවිට හඳුනාගැනීමට පහසුවනවා පමණක් නොව දුෂ්කර ලෙස හෝ වඩාත් සාධනීය නායකත්වයක් බිහිකරගැනීමට විකල්ප දේශපාලනයට හැකියාවක් ලැබෙනු ඇත.


ජවිපෙ විසින් ෆොන්සේකාගේ බර අදිනු ඇති බව ගෝරා අනාවැකි පළකළේ සිද්ධි වීමට බොහෝ කළකට පෙරය. දැන් සිද්ධ වන ආකාරයට ජවිපෙ අනාගත වකෘවරයා ජනරාල් ෆොන්සේකාය. පහළ පෙළ ජවිපෙ පාක්ෂිකයින්ගේ රෝහණ විජේවීරගේ දෙවන ආත්මය දැන් පැමිණ ඇත, ඔහුට සම්පූර්ණ කළ නොහැකි දෑ ජනරාල් විසින් සම්පූර්ණ කරනු ඇත.


මේ අනුව නොදන්නා ගමන් ඒමෙන් ජනරාල් ෆොන්සේකා සිදුකරගත් වරද දැන්වත් නිවරැදි කරගත යුතුය. ඔහුට අයිති ඔහුගේ පැත්තට ඔහු යා යුතුය. ඒ පැත්තේ පිරිස් මෙහෙ අය මෙන් සමානාත්මතාවයක්, සහජිවයක් කතා නොකරයි. ඔහු කැමති ලෙස යුධ හමුදාවේ මෙන් උස් පහත් බේදයන් සමාජය තුලද පවත්වාගෙන යෑමට අවශ්‍ය දෘෂ්ඨිවාදයම ඒ පැත්තේ ඇත. කරන්නට ඇත්තේ අවශ්‍ය විටෙක මාධ්‍ය ඉදිරිපිටට පැමිණ කොළයේ ලියා දෙන වචන ස්වල්පය කියවීම පමණි. ජෙප්පන් විසින් ලියාදෙන නොදන්නා වචන මෙන් නොව දෙමළාට එරෙහිව, සාමාන්‍ය ජනයා මර්ධනයට ලියැවුණු භාෂාවෙන් ලියැවුණු කරුණු ෆොන්සේකාට පැටලෙන්නේ නැතිව කියාගත හැකි වනුද ඇත.

7 comments:

  1. ඔයාගෙ තර්කයත් හරි තමයි.... එක අතකට ආත්ම ගෞරවය නැති රටක ඒක ආරක්ෂා කරන එකෙන් කෙලවීම මිස වෙන දෙයක් වෙන්නෙ නෑනේ...

    ReplyDelete
  2. මේ පෙබරවාරී දහවෙනිදා, මා වෙනත් බොල්ග් අඩවියක ලියූ කොමෙන්ටුකී.

    //සරත් මේ අවස්තාවේ රජුගේ දෙපා සිබ සමාව ඇයද සිටිය යුතුයී. ඔහුට කිරීමට් ඉතිරි වී ඇති හොදම දෙය එයයී. අනාගතෙයේදී, සරත්ගේ කීර්තිය සහ සෞඛ්‍යය විනාශ වූ පසු, මහින්ද විසින් ඔහුට සමාව දෙනු ඇත. එවිට ජනතාව "කරුණාවන්ත" ජනාදිපතිගේ ගුණ ගයනු ඇත.//

    ReplyDelete
  3. ජේවීපිය කවදත් පොළොවේ සිටින්නන් අහසේ තරු බවට පත් කිරීමට වෙහෙස දරයි. අන්තිමට අහසෙ තරු තමන්ට දුර බව පෙනෙද්දි එරෙහි වෙන්න පටන් ගනියි. ඒක ඔවුන්ගේ ප්‍රවේණි රෝගයකි.
    මීට කලින් චන්ද්‍රිකා හා මහින්ද රාජපක්ෂත් සම්බන්ධයෙන් ඔවුන් එසේ කටයුතු කළේය. දැන් සරත් පොන්සේකා සම්බන්ධයෙන් එසේය. අනාගතයේදී වෙන එකෙක් මුණ ගැහෙයි.

    ReplyDelete
  4. "සරත් ‍ෆොන්සේකා ජනාධිපතිවරයාගෙන් සමාව ගත යුතුය" - වැරදියි. ෆොන්සේකා සමාව ගන්න ඕනේ රටෙන්. සුදු කොඩි කතාවේ ඔක්කොම ප්‍රතිපල තාම ආවේ නෑ. ඒවා එද්දී මිනිස්සු ෆොන්සේකට සාප කරන්න ගනියි

    ReplyDelete
  5. Anon, සුදු කෝඩි අරගෙන ආපු අයට කෙලින්නේ නැතුව හිටියානම්, කවුරුවන් කාගෙන්වත් සමාව ගන්න ඕනැයෑ? සුදු කොඩි වෙනුවාට, නිල් කොල අරගෙන ආපු ඔය කේ.පී යස අගේට ඉන්නේ!

    ReplyDelete
  6. සුදු කොඩි කතාව ප්‍රශ්නයක් කර ගත්තේ ආණ්ඩුවමයි. ෆොන්සේකා එහෙම දෙයක් කිව්වත්,නොකිව්වත් ආණ්ඩුව කිව යුතුව තිබුණේ ෆොන්සේකා පට්ටපල් බොරු බේගල් කියන බවයි.එහෙත් රටට වඩා මේ ගොන් ආණ්ඩුවට ඡන්දෙ ලොකු වුණා.රට හැම තැනම පෝස්ටර් ගැහුවා ෆොන්සේකා හමුදාව පාවා දුන්නා කියලා.වීරවංශ බෙරිහන් දුනා රණ බ්මේ රහස් තමන් මොන පැත්තට ගියත් එළි කරන එක වැරදියි කියලා. ඒකෙන් නොකියා කියන්නේ මොකක් ද ? හමුදාව සුදු කොඩි ගෙනාපු එවුන්ට වෙඩි තිබ්බ කතාව ඇත්ත කියලා..ඉල්ලගෙන කාලා දැන් ඒකත් ෆොසේකාටම දානවා..

    ReplyDelete
  7. http://the-sl-independent.blogspot.com/

    ReplyDelete